“පෙදෙන් බැඳි විඳුම්” කෘතිය අද රසික සමාජයට

Share post:

12 වන දරුවා ලැබුණා

ම විසින් රචිත “පෙදෙන් බැඳි විඳුම්” කෘතිය අද රසික සමාජයට භාර දීම සිදුවෙනවා.
කවි කිවිඳියන් 40 දෙනෙකුගේ කාව්‍ය ග්‍රන්ථ 40ක් ගැන ලියවුණ වින්දනාත්මක ඇගයීම් මෙයට අන්තර්ගතයි.
සංජීව මූණමල්පේ, මංජුල වෙඩිවර්ධන, අනුරසිරි හෙට්ටිගේ, දිනූ රාජගුරු, රංජිත් මල්ලියාවඩු, චතුරී දමයන්ති, කෞශල්‍යා ජයලත්, ලක්ශාන්ත අතුකෝරල, ඉලක්ෂ ජයවර්ධන, මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය, නලින්ද සංජීව ලියනගේ, දීප්ති වීරකෝන්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, තුෂාරිකා ඇන්තනි, සෝමසිරි ඒකනායක, සුදත් දේවප්‍රිය, රවි සිරිවර්ධන, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි, ජයන්ත කහටපිටිය, මලින්ත දේශප්‍රිය, චින්තක සමන් හේරත්, සසංකා විතානගේ, හර්ෂනී පුෂ්පමාලා ආරච්චිගේ, නැසීගිය ගයාන් ඉන්දුල කොඩිතුවක්කු, නදී වාසලමුදලිආරච්චි, ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න, නුවන් තොටවත්ත, කසුන් සමරතුංග, සුහර්ෂනී ධර්මරත්න, නඳුන් යසිත දහනායක, කේ. එම්. අයි. ස්වර්ණසිංහ, ළහිරු කරුණාරත්න, නිරාෂ ගුණසේකර, ජගත් ජේ. එදිරිසිංහ, ටිම්රාන් කීර්ති, ලසන්ත ද සිල්වා, මාලන් බණ්ඩාර කපුවත්ත, මිගාර බමුණුසිංහ, මේඛලා උදාරි ලියනගේ, වින්‍යා මැණිකේ ජයසේකර ඒ කවි කිවිඳි පරපුරයි.

අත්තනෝමතික රාජ්‍ය පාලනයේ ප්‍රතිඵලයක් ලෙස බහුතර ජනයා දුක්විඳින දුර්දාන්ත සමයක, කඩදාසි මිල දැරිය නොහැකි තරම් ඉහළ ගිය සමයෙක කෘතියේ ප්‍රකාශන බර දැරූ කවිවර ප්‍රකාශන ආයතනයට සෙනෙහස පුදමි.
පිටවැසුම් නිර්මාණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථී පවන් අංජන නිර්මාණශීලී තරුණයාටත්, කර්තෘ රුව කාචගත කළ සුසිත් පියුමාල් නිහඬ තරුණයාටත්, බස් දොස් නිදොස් කළ කල්‍යාණි විජේසුන්දර සහෝදරියටත් සිතේ ගෞරවණීය ඉඩ වෙන්කරමි.

දැන් කෘතිය කවිවර ප්‍රකාශන වෙතින් ගෙන්වා ගතහැකි අතර, ජූනි 26 දා ඇරඹෙන 2023 මහනුවර පොත් ප්‍රදර්ශනයේ දී සහ දිවයිනේ පොත් අලෙවි සැල් වලින් ලබා ගත හැකියි.

දැන් “පෙදෙන් බැඳි විඳුම්” විඳීම රසික සජ්ජනයිනි, ඔබට බාරයි.

කපිල එම්. ගමගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...