එළිමහන් සිනමා දැනටමත් පටන් අරගෙන, පන්සල් වත්තෙ පැදුරු කොණක වාඩිවෙලා බයිස්කෝප් බලනවා මතක් වුණා !

Share post:

දවල් කාලෙ ටිකෙන් ටික දිග් වෙනව… හවස් වෙද්දිත් තවමත් උණුසුම් හුලඟ එහෙ මෙහෙ දුවනව.
තවමත් ගිම්හානය නෙවෙයි. ඒත් එලිමහන් සිනමා දැනටමත් පටන් අරගෙන.

සීත කාලෙ සීතල දැනෙන්නම ඕනෙ එලි පහලියේ නිදහසේ ජීවත්වෙන වටිනාකම දැනෙන්න නම්.
බියර් එකක්… වයින් වීදුරුවක්…. පීසා කෑල්ලක්… පුංචි ඕපදූපයක් එක්ක බිම වැතිරිලා ඉන්න එක බොහොම අපූරු අත්දැකීමක් මේ කාලෙට.

අතරින් පතර ඇහෙන සිනා හඬවල් හරි ආකර්ශණීයයි.
හෙට උදේම වැඩට යන්න ඕනෙ එක වෙනම කාරණයක්.

ඒත් එලිමහන් චිත්‍රපටියක් කියන්නෙ අතාරින්න පුළුවන් අත්දැකීමක් නෙවෙයි.
පන්සල් වත්තෙ පැදුරු කොනක වාඩිවෙලා කිසිම තේරුමක් නැති බයිස්කෝප් එකක් වුනත් සන්තෝසෙන් බලපු කාලයක් තිබුන.

සිරි පතුල… අජාසත්ත බලද්දි වුනත් විසිල් ගහපු කට්ටිය කොයි ගමකත් හිටිය.
සාර විට.. වඩේ… මම්ම පප්ප නලා විකුණපු සද්දෙ ඇහෙන්නෙ නැතුවම අතුරුදහන් වෙලා ගිහින්.
කාලෙත් එක්කම ඒ වගේ දේවල් සමහර සංස්කෘතීන් වලින්… පුරුදු වලින් අයින් වෙලා ගිහින්.
කිඳුරු නැටුම බලපු මිනිස්සු බයිස්කෝප් ඛාන්ඩෙ විවේචනය කරා වගේම පොල්වත්තක් මැද්දෙ චිත්‍රපටි බලපු ඛාන්ඩෙත්..
විවේචනයි කාලෙයි එක්ක අතුරුදන් වෙලාම ගිහින්.
හැම තැනකම කිව්වට හැම තැනම එහෙම නෑ.

තැනින් තැන තිර දෙක තුනක තමන් කැමති කතංදරේ බලන්න පුළුවන් නිවාඩු පාඩුවේ.
ඒකත් වසන්තය එක්කම එන දින චරියාවෙ කොටසක්… පුරුද්දක්.

Malcolm Sang

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...