“යුද සැමරුම ආසන්න දිනවල සියලු වර්ගයේ අන්තවාදී කණ්ඩායම් දේශපාලන ගේම් එකට උදව් කරනවා”

Share post:

ආණ්ඩුවේ බැරිකම වහගන්න ජාතිවාදය හා ආගම්වාදය අවුස්සනවා යැයිද අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අද(20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරෝජා පෝල්රාජ්,

“යුද්ධය අවසන් කර අවුරුදු 14කට පසුවත් අපිට සාකච්ඡා කරන්න සිදුවී තිබෙන්නේ මේ රට ජාතික සමගිය ගොඩනැගීම ගැන නම්, අපි ඉන්නේ ඉතාම පසුගාමී තත්වයක. වසර 30ක යුද්ධයෙන් පස්සේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දෙනාගේම අලුත් රටක්, ආර්ථිකයේ දියුණුවක් සියලු දෙනාටම සාමයෙන් ජීවත් විය හැකි රටක් ගැන සිහින දැක්කා. අදටත් ඒ සිහිනය බොඳවී තිබෙන්නේ. යුද්ධයෙන් බලපෑමට ලක්වූ කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. යුද්ධයෙන් ආබාධිත වූ ජීවිත අහිමි වූ යුධ සෙබලුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් සහ මව්පියන් වගේම යුද්ධය පැවති ප්‍රදේශවලත් තරුණ වැන්දඹුවන්, ඒ අයගේ දරුවන් හෝ මාපියන් විශාල ප්‍රමාණයක් කිසිම හවුහරණක් නැතිව සිටිනවා. තමන්ගේ ආර්ථිකය තමන් විසින්ම සපුරාගත යුතු කාන්තා ගෘහ මූලික පවුල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. තමන් වගාකරගෙන සිටි ඉඩම් අහිමි වූ, නිවාස අහිමු වූ, ජීවනෝපාය මාර්ග අහිමි වූ දරුවන්ට අධ්‍යාපනය දිය නොහැකි වූ විශාල පිරිසක් අදටත් මේ රටේ ඉන්නවා.”

“ආර්ථික අසමානතාවයන්ට විශාල වශයෙන් ගොදුරුවූ විශේෂයෙන්ම යුද්ධයෙනුත් පීඩාවට පත්වූ පිරිස කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුකර නැහැ. කාන්තාවන් සහ දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ නැහැ. ජාතික සමගිය ගොඩනැගීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ නැහැ. එවැනි වටපිටාවක යුද සැමරුම ආසන්න දිනවල නොයෙක් විදිහේ සියලුම වර්ගයේ ආගමික අන්තවාදයන්, සියලුම වර්ගයේ ජාතික අන්තවාදයන් හා මූලධර්මවාදී කණ්ඩායම් නැවත තමන්ගේ බලය වර්ධනය කරගෙන දේශපාලන ගේම් එකට උදව් කරන්න මතුවෙමින් සිටිනවා. මේක දේශපාලනික උගුලක්. මේ රටේ ආර්ථිකය ගොඩනඟා, ජාතික සමගිය තහවුරු කර, ජනතාවගේ ජීවන මට්ටම ඔසවා තබන්න අසමත්වූ ආණ්ඩු එය වහගන්න උපක්‍රමයක් හැටියට ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් ඉන්නවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඒකරාශීවී වැඩබැරි ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා මිස අපි එකිනෙකා සතුරු කඳවුරුවලට නොබෙදී ඉන්න වගබලා ගත යුතුයි. අපි එකාවන්ව නැගී සිට, සෑම ආගමකම, සෑම ජාතියකම අන්තවාදයත්, මූලධර්මවාදයත් පරාජය කරන්න එකාවන්ව අවබෝධයෙන් කටයුතු කරමු කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...