“යුද සැමරුම ආසන්න දිනවල සියලු වර්ගයේ අන්තවාදී කණ්ඩායම් දේශපාලන ගේම් එකට උදව් කරනවා”

Share post:

ආණ්ඩුවේ බැරිකම වහගන්න ජාතිවාදය හා ආගම්වාදය අවුස්සනවා යැයිද අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අද(20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරෝජා පෝල්රාජ්,

“යුද්ධය අවසන් කර අවුරුදු 14කට පසුවත් අපිට සාකච්ඡා කරන්න සිදුවී තිබෙන්නේ මේ රට ජාතික සමගිය ගොඩනැගීම ගැන නම්, අපි ඉන්නේ ඉතාම පසුගාමී තත්වයක. වසර 30ක යුද්ධයෙන් පස්සේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දෙනාගේම අලුත් රටක්, ආර්ථිකයේ දියුණුවක් සියලු දෙනාටම සාමයෙන් ජීවත් විය හැකි රටක් ගැන සිහින දැක්කා. අදටත් ඒ සිහිනය බොඳවී තිබෙන්නේ. යුද්ධයෙන් බලපෑමට ලක්වූ කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. යුද්ධයෙන් ආබාධිත වූ ජීවිත අහිමි වූ යුධ සෙබලුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් සහ මව්පියන් වගේම යුද්ධය පැවති ප්‍රදේශවලත් තරුණ වැන්දඹුවන්, ඒ අයගේ දරුවන් හෝ මාපියන් විශාල ප්‍රමාණයක් කිසිම හවුහරණක් නැතිව සිටිනවා. තමන්ගේ ආර්ථිකය තමන් විසින්ම සපුරාගත යුතු කාන්තා ගෘහ මූලික පවුල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. තමන් වගාකරගෙන සිටි ඉඩම් අහිමි වූ, නිවාස අහිමු වූ, ජීවනෝපාය මාර්ග අහිමි වූ දරුවන්ට අධ්‍යාපනය දිය නොහැකි වූ විශාල පිරිසක් අදටත් මේ රටේ ඉන්නවා.”

“ආර්ථික අසමානතාවයන්ට විශාල වශයෙන් ගොදුරුවූ විශේෂයෙන්ම යුද්ධයෙනුත් පීඩාවට පත්වූ පිරිස කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුකර නැහැ. කාන්තාවන් සහ දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ නැහැ. ජාතික සමගිය ගොඩනැගීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ නැහැ. එවැනි වටපිටාවක යුද සැමරුම ආසන්න දිනවල නොයෙක් විදිහේ සියලුම වර්ගයේ ආගමික අන්තවාදයන්, සියලුම වර්ගයේ ජාතික අන්තවාදයන් හා මූලධර්මවාදී කණ්ඩායම් නැවත තමන්ගේ බලය වර්ධනය කරගෙන දේශපාලන ගේම් එකට උදව් කරන්න මතුවෙමින් සිටිනවා. මේක දේශපාලනික උගුලක්. මේ රටේ ආර්ථිකය ගොඩනඟා, ජාතික සමගිය තහවුරු කර, ජනතාවගේ ජීවන මට්ටම ඔසවා තබන්න අසමත්වූ ආණ්ඩු එය වහගන්න උපක්‍රමයක් හැටියට ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් ඉන්නවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඒකරාශීවී වැඩබැරි ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා මිස අපි එකිනෙකා සතුරු කඳවුරුවලට නොබෙදී ඉන්න වගබලා ගත යුතුයි. අපි එකාවන්ව නැගී සිට, සෑම ආගමකම, සෑම ජාතියකම අන්තවාදයත්, මූලධර්මවාදයත් පරාජය කරන්න එකාවන්ව අවබෝධයෙන් කටයුතු කරමු කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...