දෙමළ ජාතික යුද වැන්දඹුවකගේ ජීවන සැරිය (The Innocent Victims by Siva)

Share post:

වසර 17 ක් අනීතික රිමාන්ඩ් බන්ධනාගාරගත දඬුවමක් විඳී සහෝදර ශ්‍රී ලාංකික තරුණයකු සිපිරි ගෙය සාහිත්‍ය තක්සලාවක් බවට රූපාන්තරණය කරමින් ප්‍රබන්ධ කළ දෙමළ ජාතික යුද වැන්දඹුවකගේ ජීවන සැරිය පිළිබඳ ඉංග්‍රීසි නවකතාව, අප විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් ලබන ජූනි මස මුල් සතියේ සිංහල පාඨක ප්‍රජාව වෙත මුදා හැරේ..

අද ඔහුගේ ජීවිතය සිපිරි මැදිරියෙන් නිදහස් ව අප හමුවට මුදා හැර ඇති අවස්ථාවේ ඔහුගේ ජීවිතය සහ සාහිත්‍යය අතර පැවති සහසම්බන්ධය කුළුගන්වනු වස් මෙම සටහන මෙහි බහාලන බව සැලකුව මනාය…
අප මේ නිර්මාණ කාර්යය බාර ගන්නා විට ඔහුගේ ජීවන තතු පිළිබඳ කිසිවක් දැන නොසිටි අතර ඔහුට පසුගිය වසරේ දෙමළ සාහිත්‍යය වෙනුවෙන් හොඳම නවකතාවට (අදූරසාලෙයි) සම්මානය ලද පසු අප විසින් පරිවර්තනය කරමින් සිටින්නේ අනීතික සිරදඬුවමක් විඳිමින් සිටින දෙමළ තරුණයකු විසින් රචනා කරන ලද ඉංග්‍රීසි නිර්මාණයක් බව දැන ගතිමු.. එය අපගේ කාර්යය වඩාත් දිරිමත් ව සිදු කිරීමට ශක්තියක් විය. (පරිවර්තනයේ පෙරවදන බලන්න)

අපට ඔහුගේ නිදහස වෙනුවෙන් කළ හැකි කිසිවක් නැතැයි සිතා දුක් වීමෙන් නොනැවතී වසර එකහමාරක කාලයක් තිස්සේ ඔහුගේ සිතුවිලි සිංහලට පෙරළීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි මෙම පරිවර්තනය..

මේ කාර්යය වෙනුවෙන් සිව. අහරූරන්ගේ පියා ද, ඔහුව අපට සම්බන්ධ කරදීමට වෙහෙස වූ ප්‍රවීණ දෙමළ ලේඛක පද්මනාදන් (SOPA) මහතා ද, විවිධ දැනුවත් කිරීම් මගින් අපට දිරියක් වූ දික්වැල්ලේ කමල් ලේඛකයා සහ මෙම පරිවර්තනය වෙනුවෙන් මා උනන්දු කරමින් ඉංග්‍රීසි කෘතියේ මුල් පිටපත මට ලබා දී මෙය සිංහලට පරිවර්තනය කරන්නයි මට බල කළ ප්‍රවීණ ලේඛක දයා දිසානායක ද, මා මෙම පරිවර්තන කාර්යයේ නියැලෙන බව දැන ඒ පිළිබඳ තොරතුරු විමසා සුබ පැතූ සරත් ආනන්ද ලේඛකයා ද මගේ කාර්යය පසුපස සිටි ශක්තීන් බව සිහි කරමි..
මෙය මගේ ප්‍රථම නවකතා පරිවර්තනය යි..
සිවා සහෝදරයාගේ හැඟුම් සමග නුදුරු දිනක අපි හමු වෙමු..

අනුරසිරි හෙට්ටිගේ

The Innocent Victims by Siva. Ahrooran
සුගණ්‍යා – යුද වැන්දඹුවකගේ කතාව
පරිවර්තනය – අනුරසිරි හෙට්ටිගේ
ප්‍රකාශනය – ගොඩගේ පොත් මැදුර
කංචුක නිර්මාණය – සුසන්ත මූණමල්පේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...