ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

Share post:

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේය
විදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නැත. මොහු හොලිවුඩ් සිනමාවේ සිටින ජේෂ්ඨයකු හා දැවැන්තයකු වන අතර සම්මානනීය නිෂ්පාදකවරයෙකු හා විශිෂ්ට අධ්‍යක්ෂකවරයකු ද වන්නේ ය.

මොහුගේ එකදු චිත්‍රපටයක්වත් නරඹා නොමැති ප්‍රේක්ෂකයකු ගෝලීය ප්‍රේක්ෂකාගාරයේ නොමැති තරම් ය. මොහු කිසිදිනක එකදු ශානරයක චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂකයකු නොවන අතර විටෙක ෆැන්ටසි ශානරයේ චිත්‍රපට නිර්මාණය කරන අතර තවත් විටෙක ජුරාසික් යුගය පිළිබඳව චිත්‍රපට නිර්මාණය කරන්නේ ය. මේ සියල්ලටම හාත්පසින් තවත් විටෙක මොහු ඵෙතිහාසික එනම් දෙවැනිලෝක යුද්ධය ( WWII 1938 – 1945 ) පිළිබඳව චිත්‍රපට ( උද : Schindler’s List – 1994 : War / Biographical / Saving Private Ryan -1998 : War/Action ) නිර්මාණය කරන්නේ ය. මොහු විසින් එතෙක් මෙතෙක් නිර්මාණය කරන ලද චිත්‍රපටවල එක්තරා පොදු සාධකයක් තිබේ. එනම් ඒ දැවැන්ත නිෂ්පාදන වීම හා ඒ යුගයට සාපේක්ෂව ඉහළම තාක්ෂණය භාවිතා කිරීමයි. මෙම පොදු සාධකථ මොහු විසින් එතෙක් මෙතෙක් නිර්මාණය කරන ලද චිත්‍රපට නාමාවලිය දෙස බලන කල්හි ඕනෑම අයකුට මැනවින් අවබෝධ වන්නේ ය.

මොහුට ගෝලීය වශයෙන් අති – දැවැන්ත හා ශක්තිමත් ප්‍රේක්ෂකාගාරයක් හිමිය. එහෙයින් මොහුගේ චිත්‍රපට කුමන ශානරයක වුවද එම ගෝලීය ප්‍රේක්ෂකාගාරය විසින් මුලු හදවතින්ම වැළඳගනු ඇත. ඒ මොහු නිෂ්පාදනකයකු හා අධ්‍යක්ෂකවරයකු වශයෙන් ලබාගෙන ඇති දැවැන්තම ගෝලීය පෞරුෂය හා ආකර්ෂණය නිසා ය.

Steven Spielberg

ස්පිල්බර්ගේ නවතම චිත්‍රපටය වනුයේ Disclosure Day – 2026 ය. මෙය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් බව කියැවේ. මෙය 2026 – 12 – 06 වැනිදින සිට ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත.
හොලිවුඩයෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව මෙය විද්‍යා – ප්‍රබන්ධ ශානරයට අයේඅ චිත්‍රපට මොහු විසින් මෙතෙක් නිර්මාණය කරන ලද චිත්‍රපටවලට වඩා වෙනස් ආකාරය චිත්‍රපටයක් බව ද වැඩිදුරටත් කියැවේ.

2026 තවදුරටත් හොලිවුඩ් සිනමාව ලෝක ප්‍රේක්ෂකාගාරයේ තුළ තම ආධිපත්‍ය තහවුරු කරන වසරක් බව පැහැදිලිවම පෙනේ. එහිලා ක්‍රිස්ටෝපර් නොලෑන් ( Christopher Nolan ) විසින් අධ්‍යක්ෂණය කරන ලද The Oddassy – 2026 ද ඩෙනිස් විලන්නොව් ( Denis Villeneuve ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Dune – 3 චිත්‍රපටය ප්‍රධාන වන්නේ ය.

හොලිඩුඩ් චිත්‍රපටවලට කලාත්මක පාර්ශවයෙන් ගෝලීය සිනමාව තුළ අභියෝග කරනුයේ ඉරාන කලාත්මක චිත්‍රපට පමණි. මෙන්න.. මෙම කාරණාව ස්ටීවන් ස්පිල්බර්ග්ට අනුව ලොව සිනමා ධාරා දෙකකි. එහි එක් ධාරාවක් වනුයේ හොලිවුඩය සිනමාව ප්‍රමුඛ යුරෝපීය සිනමා වන අතර අනෙක් ධාරාව ඉරාන සිනමාව වන්නේ ය.

එසේ වී නම්, ගෝලීය ප්‍රේක්ෂකාගාරය ඊළගට අත්විඳින ස්පිල්බර්ගේ නවතම චිත්‍රපටය වනුයේ Disclosure Day ය. එය කෙබඳුද විද්‍යාව ප්‍රබන්ධ චිත්‍රපටයක් ද යන්න පිළිබඳව අපි අවධානයෙන් පසුවෙමු.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...