‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කරවාගන්න ඕනෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 153 ව්‍යවස්ථාවට අනුව විගණකාධිපති ධුරයට නිර්දේශ කළ යුතු වෙන්නෙ සුදුසුකම් සහිත විගණකවරයෙක්. ව්‍යවස්ථාවෙ පවතින මේ සුදුසුකම් ලත් විගණකවරයෙක් කියන නිර්ණායකයට අනුව ජනාධිපතිවරයා අවස්ථා හතරකදි නම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කාටවත් අභියෝගයට ලක්කරන්න බෑ. මේ සියලුදෙනාම වරලත් ගණකාධිකාරීවරුන්. ජනාධිපතිවරයා අවස්ථා දෙකකදි ස්ථිර විගණකාධිපතිවරයෙක් සඳහා නාමයෝජනා දෙකක් ඉදිරිපත් කළා. ඒ සියලුදෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විගණකාධිපති ධුරයට සුදුසුකම් ලත් අය. ඒ වගේම තවත් නම් දෙකක් ඉදිරිපත් කළා, විගණන දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපති සහ ඊළඟ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ නම ඉදිරිපත් කළා, වැඩ බලන විගණකාධිපති ලෙස පත්කරන්න.
කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද?
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට සුදුසුකම් සහිත සිව්දෙනකුගේ නම් ඉදිරිපත් කර තිබියදී ව්‍යවස්ථාදායක සභාව දිගින් දිගටම ඒ අනුව කටයුතු නොකරනවා නම්, එයින් පෙන්නුම් කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම සඳහා හිතාමතාම ඔවුන් කටයුතු කරනවා කියන එකයි.
සුදුස්සන් හොයන්න පුළුවන් ද?
ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් නෑ, එවන නම් ව්‍යවස්ථාවට අනුව සුදුසු නම්, ඔවුන් විගණකාධිපති ධුරයට ගැලපෙනවා නම්, ඊට වඩා සුදුසු කෙනෙක් එළියෙ ඉන්නවා කියලා ඒ නම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් ව්‍යවස්ථාදායක සභාවට නෑ. ව්‍යවස්ථාදායක සභාව සලකන්න ඕනෙ, ඒ එවන නම් ව්‍යවස්ථාවට අනුකූලද, ඒ සුදුසුකම් සහිත ද කියන එක විතරයි. කවුරුහරි කියන්න පුළුවන් මීට වඩා අරයා හොඳයි, මෙයා හොඳයි කියලා, ඒවා වැඩක් නෑ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව වැඩ කරලා තියෙනවා. ඒ අවස්ථා හතරෙදිම ව්‍යවස්ථාදායක සභාව ඒ නම් බාර අරගෙන නෑ. මේක ඇත්තටම කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදිහට සලකන්න පුළුවන්.
හරි – වැරැද්ද බෙදන ඉර කුමක්ද?
රටක් ඉදිරියට අරගෙන යෑමේදී ජනාධිපතිවරයාට සුවිශාල වගකීමක් පැවරෙනවා. විධායකය සතු බලතල යම් ප්‍රමාණයක් ව්‍යවස්ථා සංශෝධන මගින් ව්‍යවස්ථාදායක සභාවට පවරලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු කරන අය තමන් ඒ තනතුරට පත්වීමෙන් පසු ඉතාම පටු සීමාවක් තුළ කටයුතු කරනවා නම්, ජාතික අවශ්‍යතාවක් නොසලකා කටයුතු කරනවා නම්, රට ඉදිරියට යෑම ගැන අඹමල් රේණුවක හැඟීමක් නැතුව කටයුතු කරනවා නම්, රාජ්‍යයක් එසේ ඉදිරියට යන්න අමාරුයි. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට වගකීමක් පැවරෙනවා, මේ සම්බන්ධයෙන් ඉතා පුළුල්ව හිතන්න. එහෙම නැතුව මේ කටයුතු කරන්න බෑ. ඔවුන් ඔවුන්ගේ සීමා ඉක්මවා යන බවක් තමයි පේන්නෙ. ජනාධිපතිවරයා තමන්ට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඉදිරියේදීත් කටයුතු කරයි. ව්‍යවස්ථාදායක සභාවත් එහෙම කටයුතු කරයි කියලා අපි හිතනවා.’
- විගණකාධිපතිවරයකු පත්කිරීම පිළිබඳ මතු වී ඇති ගැටලුව සම්බන්ධයෙන් අද (30) කැබිනට් හමුවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස පළකළ අදහස් ඇසුරෙනි.

