ක්‍රීඩා අමාත්‍යංශයට දුන් අභියාචනා 14ක් අතුරුදහන් – කමිටුවත් හිරවෙයි!

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධව විරෝධතාව දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදුන් අභියාචනා 14ක් අස්ථානගත වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පෙන්වාදෙන අන්දමට වසර 2021 -2023 කාලසීමාව සඳහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තෝරා ගැනීමට අදාලව පැවැති නිලවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිපදෙනකුට එරෙහිව ගොනු කළ විරෝධතා නිලවරණ කමිටුවෙන් ප්‍රතික්ෂේපවීමෙන් පසුව මේ අභියාචනා ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක ගේ සභාපතිත්වයෙන් යුතු සත් පුද්ගල අභියාචනා කමිටුව පත් කිරීමෙන් පසු එතෙක් විභාගයට ගැනීමට නොහැකිවූ සියලු අභියාචනා සොයා බැලීමට පියවර ගෙන තිබේ.

එහිදි ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණය සම්බන්ධව ඉදිරිපත් වූ අභියාචනා 14ක් මෙලෙස අස්ථාන ගත වී ඇති බව අනාවරණය වී ඇත.

මේ අතර 2023 – 2025 කාලසීමාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව පසුගිය (27) නාමයෝජනා භාරගත් බවය.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුනිල් සිරිසේන මෙම ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවට ඇතුළත්ය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...