නීතිපති නිර්දේශ ඇවිත් : ලෝක කුසලාන සංචාරයේ මුදල් අවභාවිතය ගැන වෝහාරික විගණනයක් !

Share post:

ලෝක කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සමයේ ක්‍රිකට් බලධාරීන් 16 දෙනකු එරට සංචාරය කිරීමට මුදල් වැය කළ ආකාරය පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකිරීමට රජයේ විගණකාධිපතිවරයාට යොමු කර තිබේ.

ඊයේ (30) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ පළමු රැස්වීමෙන් පසු විෂය බාර ඇමති රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් මතු ඇති චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව නීතිපතිවරයා විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ නිර්දේශ අමාත්‍යවරයාට දැනුම්දී ඇත.

ධනුෂ්කට ක්‍රිකට් තහනම්..!

එමෙන්ම ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් වන තුරු ඔහුට දෙස් විදෙස් සියලු ආකාරයේ තරග තහනමක් පැනවීමට ද නීතිපතිවරයා නිර්දේශ කර තිබේ.

ඒ සම්බන්ධව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

ක්‍රිකට් තේරීම් කමිටුවට අයැදුම්පත් කැඳවන්න පුවත්පත් දැන්වීමක්

මේ අතර පුවත්පත් දැන්වීමක් පළකර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සුදුස්සන් තෝරා ගැනීමට තීරණය කර තිබේ.

ඒ සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අමල් එදිරිසූරියගේ මාර්ගයෙන් පුවත්පත් දැන්වීමක් පළ කර අවශ්‍ය පුද්ගලයන් තේරීම් කමිටුවට ඇතුළත් කිරීමට ද තීරණය වී ඇත.

පසුගියදා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරිමට ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ පුද්ගලයන් 10 දෙනකුගෙන් සමන්විත නම් ලැයිස්තුව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප ලැබිණි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...