ක්‍රිකට් තේරීම් කමිටු නාමයෝජනා ප්‍රතික්ෂේපයි : යළි කැඳවන්න අවසර ඉල්ලයි..!

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම සඳහා යෝජිත නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා තේරීම් සභාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මස 31 වැනිදායින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලසීමාව අවසන් වුණු අතර නව තේරීම් කමිටුවක් පත් කරගැනීමට සඳහා යෝජිත නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට යොමු කර තිබිණි.

දසදෙනකුගේ නම් ලැයිස්තුවක් එලෙස යොමු කොට ඇති අතර ඊට වඩා සුදුසුකම් ඇති අපේක්ෂකයන් සිටින බවට පවසමින් අදාළ නම් ලැයිස්තුව ප්‍රතික්ෂේප කර ඇත.

ඒ බව ජාතික ක්‍රීඩා තේරීම් සභාව විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වාදෙයි.

දැනගන්නට ලැබෙන ආකාරයට ප්‍රමෝද්‍ය වික්‍රමසිගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයන් සියලුදෙනාගේ නම් ඊට ඇතුළත්ව ඇත.

මේ අතර මෑතකදී පැවති රූපවාහිනී වැඩසටහනක් අතරතුර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ චාමික කරුණාරත්න කණ්ඩායමට තෝරා නොගත් සිදුවීම පදනම් කරගෙන තමන් තේරීම් කමිටුවෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයාගේ සූදානමක් ඇති බවටද පවසා සිටියේය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...