ක්‍රිකට් තේරීම් කමිටු නාමයෝජනා ප්‍රතික්ෂේපයි : යළි කැඳවන්න අවසර ඉල්ලයි..!

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම සඳහා යෝජිත නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා තේරීම් සභාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මස 31 වැනිදායින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලසීමාව අවසන් වුණු අතර නව තේරීම් කමිටුවක් පත් කරගැනීමට සඳහා යෝජිත නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට යොමු කර තිබිණි.

දසදෙනකුගේ නම් ලැයිස්තුවක් එලෙස යොමු කොට ඇති අතර ඊට වඩා සුදුසුකම් ඇති අපේක්ෂකයන් සිටින බවට පවසමින් අදාළ නම් ලැයිස්තුව ප්‍රතික්ෂේප කර ඇත.

ඒ බව ජාතික ක්‍රීඩා තේරීම් සභාව විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වාදෙයි.

දැනගන්නට ලැබෙන ආකාරයට ප්‍රමෝද්‍ය වික්‍රමසිගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයන් සියලුදෙනාගේ නම් ඊට ඇතුළත්ව ඇත.

මේ අතර මෑතකදී පැවති රූපවාහිනී වැඩසටහනක් අතරතුර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ චාමික කරුණාරත්න කණ්ඩායමට තෝරා නොගත් සිදුවීම පදනම් කරගෙන තමන් තේරීම් කමිටුවෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයාගේ සූදානමක් ඇති බවටද පවසා සිටියේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...