ක්‍රිකට් විගණන වාර්තා එනතෙක් ඇමති සීරුවෙන් : ක්‍රිකට් ආයතනය අර්බුදයක!

Share post:

විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව කිසිඳු පියවරයක් නොගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ එම ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් ගොනු කළ ගොනුකළ පෙත්සමක් ඊයේ (‍පෙබරවාරි : 01) සලකා බැලූ අවස්ථාවේදී අමාත්‍යවරයා එම ප්‍රතිඥාව ලබාදී ඇත.

ඕස්ට්‍රේලියාවේ පැවැති කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටු වාර්තාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාල පෙත්සම ගොනු කර තිබිණි.

මේ වනවිට ක්‍රිකට් බලධාරීන් 16 දෙනකු එරට සංචාරය කිරීමට මුදල් වැය කළ ආකාරය පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකිරීමට රජයේ විගණකාධිපතිවරයාට යොමු කර ඇත.

පසුගිය ( ජනවාරි 30) වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ පළමු රැස්වීමෙන් පසු විෂය බාර ඇමති රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළේය.

අදාල විමර්ශන කමිටුවේ සභාපතිත්වය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන දැරූ අතර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් කිංග්ස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් මෙම විමර්ශන කමිටුවේ සාමාජිකයෝ වූහ.

සබැඳි පුවත්

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...