ක්‍රිකට් විගණන වාර්තා එනතෙක් ඇමති සීරුවෙන් : ක්‍රිකට් ආයතනය අර්බුදයක!

Share post:

විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව කිසිඳු පියවරයක් නොගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ එම ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් ගොනු කළ ගොනුකළ පෙත්සමක් ඊයේ (‍පෙබරවාරි : 01) සලකා බැලූ අවස්ථාවේදී අමාත්‍යවරයා එම ප්‍රතිඥාව ලබාදී ඇත.

ඕස්ට්‍රේලියාවේ පැවැති කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටු වාර්තාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාල පෙත්සම ගොනු කර තිබිණි.

මේ වනවිට ක්‍රිකට් බලධාරීන් 16 දෙනකු එරට සංචාරය කිරීමට මුදල් වැය කළ ආකාරය පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකිරීමට රජයේ විගණකාධිපතිවරයාට යොමු කර ඇත.

පසුගිය ( ජනවාරි 30) වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ පළමු රැස්වීමෙන් පසු විෂය බාර ඇමති රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළේය.

අදාල විමර්ශන කමිටුවේ සභාපතිත්වය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන දැරූ අතර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් කිංග්ස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් මෙම විමර්ශන කමිටුවේ සාමාජිකයෝ වූහ.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...