ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු කරයි ද?

Share post:

ලෝක කුසලාන විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් මතු ඇති චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු කරනු ඇතැයි SLC අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ වලට අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (ඇ) වගන්තිය පරිදි

(ඇ) සංගමයේ යුතුකම් හා කාර්යයන් ඉටු කිරීම පැහැර හැරීම නිසා
ජාතික ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම ප්‍රතිශක්ති කිරීම හෝ එහි ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම අමාත්‍යවරයාට සිදුකළ හැකි
බවට විමර්ශන කමිටු වාර්තාවේ සඳහන් වේ.

විමර්ශන කමිටු වාර්තාවේ, 50 සහ 51 පිටුවල සටහන් ප්‍රධාන නිර්දේශ 5 ක්ද සඳහන් කර තිබිණි.

I. 2022 ලෝක කුසලාන තරග සංචාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ වහාම ස්වාධීන විගණනයක් කිරීම

II. එසේ විගණනය කිරීමට පෙර සිදුකිරීමට පෙර, අදාළ ලේඛන වෙනස් වෙනස් කිරීමට හෝ සැඟවීම වලක්වාලීමට අවශ්‍ය පියවර ගැනීම

III. අනතුරුව ඉදිරිපත් කරුණු සලකා බලමින් ආයතනයේ අරමුදල් අවභාවිතා කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාටම එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, අනර්ථය, යනාදී චෝදනා/චෝදනාවන් ඉදිරිපත් කරමින් නීති මගින් කටයුතු කිරීම

IV. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ), (ආ) සහ (ඇ) වන වගන්ති වලට අනුව පහත දැක්වෙන අයුරින් ක්‍රියාකළ හැකිය.

V. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ඉදිරියට පරිහරණය කිරීමේදී විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිසත්, අවභාවිතා කිරීම/දූෂණ වළක්වාලීමටත්, ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්‍ෂණය යටතේ, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධවිධාන වලට අනුකූලව කටයුතු කිරීම.

අදාල කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරි ක්‍රියා මාර්ග විමසීමට අප ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද එම උත්සහාය ව්‍යර්ථ විය.

Related articles

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...