ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු කරයි ද?

Share post:

ලෝක කුසලාන විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් මතු ඇති චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු කරනු ඇතැයි SLC අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ වලට අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (ඇ) වගන්තිය පරිදි

(ඇ) සංගමයේ යුතුකම් හා කාර්යයන් ඉටු කිරීම පැහැර හැරීම නිසා
ජාතික ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම ප්‍රතිශක්ති කිරීම හෝ එහි ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම අමාත්‍යවරයාට සිදුකළ හැකි
බවට විමර්ශන කමිටු වාර්තාවේ සඳහන් වේ.

විමර්ශන කමිටු වාර්තාවේ, 50 සහ 51 පිටුවල සටහන් ප්‍රධාන නිර්දේශ 5 ක්ද සඳහන් කර තිබිණි.

I. 2022 ලෝක කුසලාන තරග සංචාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ වහාම ස්වාධීන විගණනයක් කිරීම

II. එසේ විගණනය කිරීමට පෙර සිදුකිරීමට පෙර, අදාළ ලේඛන වෙනස් වෙනස් කිරීමට හෝ සැඟවීම වලක්වාලීමට අවශ්‍ය පියවර ගැනීම

III. අනතුරුව ඉදිරිපත් කරුණු සලකා බලමින් ආයතනයේ අරමුදල් අවභාවිතා කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාටම එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, අනර්ථය, යනාදී චෝදනා/චෝදනාවන් ඉදිරිපත් කරමින් නීති මගින් කටයුතු කිරීම

IV. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ), (ආ) සහ (ඇ) වන වගන්ති වලට අනුව පහත දැක්වෙන අයුරින් ක්‍රියාකළ හැකිය.

V. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ඉදිරියට පරිහරණය කිරීමේදී විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිසත්, අවභාවිතා කිරීම/දූෂණ වළක්වාලීමටත්, ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්‍ෂණය යටතේ, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධවිධාන වලට අනුකූලව කටයුතු කිරීම.

අදාල කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරි ක්‍රියා මාර්ග විමසීමට අප ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද එම උත්සහාය ව්‍යර්ථ විය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...