අතුරු කතා ගොඩක් සමග මාගේ අදහස්!
යමක් අහුලාගන්නවා නම් අහුලා ගන්න!
ජාත්‍යන්තර සම්මාන ගැන ඔබේ අභ්‍යන්තරයේ පසුගාමී අදහස් තිබෙනවා ද?
බුකර් ත්‍යාගය එසේ මෙසේ එකක් නෙමෙයි. ත්‍යාග මුදල වන පවුම් පනස්දහසටත් වඩා ලෝකයෙන්ම ලැබෙන සහ කීර්තිය සහ බුහුමන. පොතේ කර්තෘ ෂෙහාන් කරුණාතිලක ජයග්‍රහණයෙන් පස්සේ කෙටි ඒත් සුන්දර කතාවක් කියනවා. ඔහු සිංහලෙන් සහ දෙමළෙනුත් අදහස් පළ කරනවා. ඔහු සම්මානය අරගන කරන කතාවේ අන්තිමට මෙහෙම කියනවා “මේ පොත මං ඕගොල්ලන්ට ලිව්වෙ මේක දිනුමක් රට පරාජය වෙලා ඉන්න කාලෙක මේක දිනුමක්.ළඟදි අපි නැමීබියාවටත් පැරදුනා කමක් නෑ.අද ලංකාවෙ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක් මිඳින්න මට ආයුද නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. දැං අපි කොහොම හරි ලෝක ටී ටුවෙන්ටි කුසලානය දිනාගමු.ඇයි බැරි?
ඔය ජාත්‍යන්තර සම්මානයක් දෙකක් කෙනෙකු ගන්නකොට ලංකාවේ ඉන්න ජනතාව සතුටු වෙනවා වගේම ඇතැම් අවස්ථාවල දූපත්වාසී ඇතැම් ජනයාට ඇතිවෙන පසුගාමී අදහස් ටිකක් තමයි ආ ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රතණයක්, මේ වෙලාවෙ ඕක දෙන්න ඇත්තෙ අහවල් හේතුව නිසා වගේ කතා ගොතන එක. ෂුවර් එකට ඕකට එන්ජීඕ සල්ලි දෙන්න ඇති. ඕකෙ කතාව අර උතුරෙ යුද්ධයේ අන්තිම දවස්වල ඉවක් බවක් නැතිව දාන ෂෙල් වෙඩි දාන සිද්ධියක් නම් අර ආපු වාව් එක බැහැලා ඒක කොටි ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක් වෙනවා. බැරි වෙලාවත් ඕක ලංකාවේ සිංහල බෞද්ධ සංස්ථාව දිහා ඒවායේ මජර තැන් ගැන හෙළිකරන එකක් වුණානම් බොහෝ වෙලාවට සමහරු කියයි ඕක ක්‍රිස්තියානි රටවල කුමන්ත්‍රණයක් කියලා. බැරි වෙලාවත් ජාතිකවාදයෙන්, වර්ගවාදයෙන් රට වල පල්ලට යන්න පාර හදපු දේශපාලඥයින් ගැන කියන කතාවක් නම් ඔන්න ඒ පක්ෂයේ සමාජකි]යින් බොහෝ දෙනාගේ වාව් එක බැහැලා ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මේවාගේ කතා ජන මනසට කාවදින විදිහට කියන්න ඔය විමලයා වගේම, ජාතිකවාදය සමග ජාතිවාදය වපුරණ දේශපාලඥයින් හරිම දක්ෂයි. එන්ජීඕ ඩොලර් වලට බැන වැදුනාට ලෝකයේ එක්තරා විදිහකින් ලොකුම එන්ජීඕ එක වුණු ලෝක බැංකුව ඇතුළු සංවිධාන වලින් ඩොලර් ණයට අරන් තමයි රට දුවන්නෙ. කොහොම හරි ඔය සුද්දගෙ රටවලට පනින්න හදන්නෙත් ඩොලර් හොයන්න තමයි.
මෙන්න මේ විදිහට ලංකාවේ ඉන්න දූපත් වාසී දෙනා තමන්ගේ ජාතිය සහ ආගම උතුම්ය. ඒ නිසා රටත් උතුම්ය. වැරදිලා වත් රට වාසීන් අතින් වැරදි වෙන්න බෑය. සිංහලයා අවුරුදු 2500 ක අතීතයක් තියෙන ජාතියක්ය. සුද්දා කැලේ ශරීර කෘත්‍ය කරනකොට අපි වැසිකිලි- කැසිකිලි හදාගත්ත උතුම් ජාතියක්ය කියන එක, රාවණා කාලේ ඉඳන් අපි ශ්‍රේෂ්ට යක්ඛ ජාතිකයක් ය කියන අදහස එන්න පටන් ගන්නවා. ඒ කියන්නෙ තමන්ගෙ හොඳ මිස නරකක් කියනවා දකින්නට අකමැති දූපත් වාසීන් ටිකක් හෝ ගොඩක් ලංකාවෙ ඉන්නවා.
වෘතාන්ත චිත්‍රපටයක් වේවා, කෙටි චිත්‍රපටයක් වේවා, නවකතාවක් හෝ වෙනත් සාහිත්‍ය කෘතියක් වේවා ඒ ඕනෑම එකක් ගත්තම ඒ කතාවල සුරංගනා කතා තිබුණාට මේ සම්මාන දෙන රටවල මිනිස්සුන්ට ඒවාට සම්මාන දීමට අර අසවල් පැත්තේ අමාරුවක් නැහැ. නහුතයක් ප්‍රශ්නවලින්, ඒ කියන්නේ යුද්ධ, කැරලි කෝලහාල, දූෂිත දේශපාලනය, රෙජීම් වල ඒකාධිපතිත්වය, කුල-මළ ප්‍රශ්න, දුප්පත් කම එක්ක බැඳිච්ච සාමජ ප්‍රශ්න- අඩු වයසින් විවාහ වීම්, මන්ද පෝෂණය ආදී ප්‍රශ්න වගේම බහුතරය සහ සුළු තරය අතර ආගමික ගැටුම් වලින් බැට කන මිනිසුන් ඉන්න රටක. ඒවා කතා නොකර සුරංගනා කතා කීවාට ඒ මිනිසුන් ඒවා සත පහකට ගනන් ගන්නේ නැත. ඒවැනි සමාජ ප්‍රශ්න ගැන කතා කරමින්, ඒවාට විසඳුම් සොයමින් යන දියුණු සමාජයකුයි ඔවුන් අපෙන් ඉල්ලා සිටින්නෙ. මොකද ඒක තමයි ඒ දියුණු රටවල් මානුෂවාදය පැත්තට යන්න යෝජනා කරණ මාවත. උඹලාගේ ප්‍රශ්න ලැජ්ජා නැතුව හෙළි කරලා, කතා කරලා, සංවාද කරලා, පිළි අරගෙන, ශිෂ්ට සම්පන්න විදිහට සමාව ඉල්ලලා, ඒවාට විසඳුම් සොයා ගනිල්ලා. අනිත් එක කලා නිර්මාණ මනුෂ්‍ය ජීවිතයේ, සමාජයේ අඳුරු පැති ගවේශනය කළ යුතුමයි. තමන්ගේ කැත ඇත්නම් ඒක හදාගන්න ඒ ගැන කතා කරන එක ලැජ්ජාවට කාරණයක නෙමෙයි.
සත්‍යජිත් රායි පතේර් පංචාලි ( 1955) චිත්‍රපටය කරාම ඉන්දියාවෙ සමහර විචාරකයෝ කිව්වලු ඔහු ඉන්දියාවේ දුප්පත් කම විකුණනවා කියල. ඩී. එච්. ලෝරන්ස් විසින් Lady Chatterley’s Lover නව කතාව (1928) ලිව්වම ඒක අසභ්‍ය කෘතියක් විදිහට මහා බ්‍රිතාණ්‍යයේ වගේම ඇමරිකාවෙත් එය තහනමට ලක්වෙනවා.ලෝක ප්‍රකාශන ඉතිහාසයේ පැවැති සුවිශේෂම නඩු විභාගයකට මේ පොත පාදක වෙනවා. නමුත් අද නූතන ලෝකයේ ඒක ඒවා විශිෂ්ට නිර්මාණ.
ඉතිං ලංකාවෙ දූපත් වාසී හැමෝම ඉස්සෙල්ලා ෂෙහාන් කරුණාතිලකගේ පොත වෙච්ච The Seven Moons of Maali Almeida ( 2022) කියවලා හිතට ගනිල්ලා ඒ කාලේ ජනමාධ්‍යවේදීන්ට වෙච්ච හරිය. සම්මානය අරන් කරන කතාවේ ෂෙහාන් මෙහෙම කියනවා “I was going to read the names of all the journalists, activists, the politicians, the civilians, the innocents who had been murdered by the state or by those opposing in my life time in Sri Lanka” ඒ එක්කම ඔහු කියනවා මේ ලිස්ට් එක කියනවා නම් මේ මුළු රෑ පුරාම මේක කියන්න වෙයි කියලා. ෂෙහාන්ගේ පොතේ කතාව ගොඩ නැගෙන්නෙ මරා දමපු ජනමාධ්‍යවේදියෙක් ආශ්‍රයෙන්. ඔය පක්ෂ පාට, ජාතිකවාදී කණ්නාඩිය ගලවලා සිතුවොත් අපි කරපු හරි-වැරදි තේරුම් ගන්න පුළුවන්. දැන හෝ නොදැන ජනමාධ්‍ය මර් ධනය කරපු රෙජීම් බලයට පත්කරපු හැටි හිතාගන්න පුළුවන්. ලංකාවේ ඔය මරා දාපු, පහර කෑමට ලක්වුණු ජනමාධ්‍යවේදීන් මේ මජර ක්‍රම විවේචනය කරේ සත පහක ලාබ අපේක්ෂාවකින් නෙමෙයි. කුණු වෙච්ච රෙජීම් සහ ඒවායේ ක්‍රියා කලාපයන් තමයි විවේචනය කරේ. දැන් පේනවානෙ ඒවා රට අරන් ගිය තැන. ආයෙ ඒ වගේ දේවල් නොවෙන්න වැඩ කරපල්ල. ඒක තමයි ශිෂ්ට වෙනවා කියන්නෙ. රටක් ගොඩනගන්න නම් නිදහස් අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය පිළිගන්න ඉස්සෙල්ලාම පුරුදු වෙමු. ජනමාධ්‍ය මර්ධනය කරන පාලකයින් ප්‍රතික්ෂේප කරමු.
අතුල දිසානායක (සමාජ කතා)