දූපත්වාසීනී! අපි අපේ පැත්තටත් හැරිලා බලමු, කදිරගාමර්, ඔබාමා, සුනාක්!

Share post:

රට සිංගප්පූරුවක් කරන්න, යුරෝපයක් කරන්න දියුණු රටක් කරන්න අපි කතා කරනවා. ඒත් ඒ රටවල් ඇත්තටම දියුණු වුණ හැටි අපි දන්වාද? බ්‍රිතාන්‍යයේ සුදු නොවන ආසියාතික සම්භවයක් තියෙන කෙනෙකු තේරුණාම අපට තියෙන සන්තෝශය! රිසී සුනාක්

ලංකාවේ දේශපාලඥයකු වූ දෙමළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර්ට අගමැති වෙන්න තිබ්බ ඉඩ ලංකාවේ මහ ජාතියේ වර්ගවාදය නිසා අහිමි වුණා. මොකද ඔහු සුළු ජනවර්ගයකට අයත් දෙමළ වීම නිසා අදටත් ඒකෙ වෙනසක් නෑ කියලා මම හිතනවා.

හැබැයි මේ දූපත් වැසියෝ ඉංගලන්තෙ එහෙම වුණාම ඇමරිකාවෙ එහෙම වුණාම හරි තන්තෝස වෙනවා.
ලංකාවේ විද්‍යාඥයෝ, ඉංජිනේරුවෝ, කලාකරුවොඑය සුද්දන්ගෙ රටවල වැඩ පෙන්නනකොට මාර තන්තෝස වෙනවා. “ බලන්න අපේ එකෙක්, ලංකාවේ එකෙක්” සුද්දන්ගෙ රටවල වැඩ පෙන්නන හැටි කියලා
ඒ එක්කම ලංකාවේ එහෙම වෙන්න ගියොත්සුළු ජාතිකයෙක් දේශපාලනයේ උඩටට එන්න හැදුවොත් නිකමට හරි මොකද වෙන්නෙලංකාවේ බහුතරයක් වගේ දේශපාලන හැත්ත බුරුත්ත, ජාතිකවාදීන් දූපත් වාසීන්, ජාතිවාදීන්, පූජ්‍ය පක්ෂය ඔක්කොම ඒකට විරුද්ධ වෙනවා. හේතුව වෙන මොකක් වත් නෙමෙයි ඒ අය මහ ජාතියට අයත් නොවීම. ලංකාවට දියුණු වෙන්න බැරි මේ දෙබිඩ්ඩත් එක හේතුවක්.කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන් කරලා පෙන්නන්ඩ ඕන.

සුද්දන්ගෙ රටවල එහෙම වෙන්ඩ හේතුව ජාතිකවාදය, ජාතිවාදය අවම නිසා. ඕනෑම පුරවැසියෙකුට හැකියාව සුදුසුකම් ඇත්නම් උඩට එන්න ක්‍රම හදලා තියෙන නිසා.ඒ නිසා තමයි අර මහජාතියට අයත් නොවුණත් උඩට එන්නෙ උන්ගෙ අධ්‍යාපන ක්‍රමය තුළ, දේශපාලනය තුළ වර්ගවාදය පිටු දකින නිසා. ඒ නිසා දේශපාලඥයින්ට ජාතිකවාදයෙන්වර්ගවාදයෙන් මිනිස්සුන්ගේ මොළ හෝදන්න, මිනිස්සු චූන් කරන්න බෑ. මිනිස්සු ඒවට ලේසියෙන් අහුවෙන්නෙ නෑ.
ඔන්න තව දුරටත් දූපත්වාසී, පසුගාමී වෙන්ඩ එපා.
දියුණු රටවල දියුණු දේවල් වලින් ඉගෙන ගන්න.

අතුල දිසානායක

Related articles

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...