සායනික භීතිකාවෙන් උපන් සුජිත්ගේ පොදු සංවේදීතාවයේ අර්බුදය සහ අරගලයේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය..

Share post:

සායනික අරුතින් ගත් කළ Clinophobia කියන්නේ කෙනෙක්ට ඇඳක් මත නිදාගැනීමට ඇතිවන අස්වස්ථි භීතිකාව නැමැති මානසික තත්වයක් වගේම එය මනෝවිද්‍යාවට අනුව කෙනෙකු ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය රෝගී තත්වයකි.එහෙත් සමාජීයව මැදිහත් වන සංවේදී පුද්ගලයෙකුට හා කලා කරුවෙකුට මෙම තත්වය බලපාන්නේ වෙනත් ආකාරයකිනි. මුළු මහත් රටක් සමාජයක් සහ එහි වෙසෙන මිනිසුන් මහත් දුක් කම්කටළුවලට ඇද වැටී සිටින සමාජ පරිසරයක් තුළ, සැබෑ සංවේදී කලා කරුවෙකුට පුළුවන් කමක් නැහැ සීතල කාමරයක සුවපහසු මෙට්ටයක් මත කොට්ටයක් තුරුළු කරගෙන සුභ සිහිනවලට සම වැදී සුවසේ නිදාගන්නට සහ සමාජ වගකීම් වලින් පලා යන්නට.

සමාජ ව්‍යාසනයන් හමුවේ බොහෝ කලා කරුවන්, උගතුන් බුද්ධිමතුන් සහ දාර්ශනිකයන් කියාගන්නා නරුමවාදීන් පවතින අඝතිගාමී සමාජ දේශපාලන අර්බුද හමුවේ මුණිවත රකිමින් සහ මුළු මහත් සමාජයක් අගාධයට ඇද දැමූ තක්කඩි දේශපාලඥයින්ට ප්‍රශස්ති ගී ගයමින් උන්ගේ ජඩකම්, අමනකම් සාධාරණීය කරමින් ඉන්න සමාජ පරිසරයක “සුජිත් ” තම කලා භාවිතය සමාජ දේශපාලන පරිසරයේ අඳුරු කඩතුරාවකින් වැසී ඇති ශෝකාන්ත පසුතලය මත ඔහුගේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය පොදු සංවේදීයතාවයට මුදාහැර ඇත. සුජිත් තම කලා භාවිතය පොදු සංවේදීතාවයට මුදාහරින්නේ සුවපහසු සයනයක සැතපී එහි මිහිරි සුව විඳිමින් ඉන්න පරිසරයක් මතින් නොව, ඔහු තම කලාත්මක භාවිතය ගොඩනගන්නේ අඳුරු සිර කුටියක් වන්, කිසිම සුව පහසුකමක් නැති මලකඩ කාපු රළු යකඩ ඇඳක් මත රැය පහන් කරමිනි. එය සාංකාමය මිනිස් ඉඳීමක් වගේම වේදනාබර අත්දැකීමකි.

සුජිත් තම සංවේදනාත්මක සාරය කලාත්මක බලයක් ලෙස පොදු සංවේදීතාවයට මුදාහරින විට, කලාවේ සෞන්දර්යාත්මක මායාවේ ආකර්ෂණය දෙදරා යයි. මේ දෙදරා යාම, ඉරිතැලීම නරඹන්නියගේ මානසික ලෝකයට මහත් තර්ජනයකි. මෙම මානසික තර්ජනය කලාත්මක රෙජීමය විසින් ඉල්ලා සිටින දේශපාලනික මොහොතකි. සුජිත්ගේ කලා භාවිතය යම් ආකාරයකට මානසික ප්‍රතිචාරය මැනීමේ ශිල්ප ක්‍රමයක් ලෙසත් අර්ථ ගන්වන්නටත් පුළුවන්. Psychologycal Scaling.
ඉතිං, පෙබරවාරි 15 වෙනිදා තෙක් සුජිත්ගේ අර්බුදය සහ අරගලයේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාර ප්‍රදර්ශනය ලයනල් වෙන්ට්ඩ් කලා ගාරයේ පැවැත්වෙන අතර, සුජිත්ගේ මෙම මානසික ප්‍රතිචාරය මැනීමේ දෘශ්‍ය කලා සායනයට ඇතුල්වී පවතින සමාජ දේශපාලන දුෂ්ටත්වයේ විනිශ්චය අත්විඳින්න.
ආමේන්,

සාලිය ඉඳුරුවිතාන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...