පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ “අලුත් මාවත” හෙට එළි දැක්වෙයි

Share post:

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති අඩංගු කෘතියක් “අලුත් මාවත” නමින් හෙට (10) උදේ 10.00 කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී එලිදැක්වීමට නියමිතය.

එමෙන්ම අර්බුදයට විසඳුම ගැන සිය ප්‍රතිපත්ති හෙලිදරව් කරන ලෙස අනෙක් පක්ෂ වලට බලකරන ලෙස එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙවර පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් එම ජනතා විරෝධී තැත පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගත හැක්කේ මහජන ව්‍යාපාරයක පුළුල් ක්‍රියාකාරීත්වය තුළින් පමණක් බව එම පක්ෂය පෙන්වාදෙයි.

එමෙන්ම දේශපාලන පක්ෂ වලට සිය ප්‍රතිපත්ති හා අර්බුදයට පිළිතුරු හෙලිදරව් කිරීම සඳහා බල කළ හැක්කේත් කවුරු බලයට පත් වුවත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැක්කේත් මහජන ව්‍යාපාරයක් හරහා පමණක් බවද එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ එලෙස මහජන ව්‍යාපාරයක් හරහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැතිවරණ ක්‍රියාවලිය ගොඩ නැගීමත්, මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය ප්‍රතිපත්තිමය සංවාදයකට හැරවීමක් ඉලක්ක කරන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...