ආයුබෝවන් මිට්ෂුබිෂි….

Share post:

අද්විතීය ජපන් මෝටර්රථ සමාගමක් වන මිට්ෂුබිෂි සමාගම ලංකාවේ මෙහෙයුම් අවසන් කරලා යනවලු. ඒ කියන්නේ ලෝකයේ තවත් ශ්‍රේෂ්ට සන්නාමයක් අපිව දාල යනවා. ඒ ගැන දුකයි.

පුද්ගලික ප්‍රවාහනය ලංකාවට ආපු වෙලේ අපේ කෑගල්ල රඹුක්කන පාරේ මුලින්ම දිව්වේ ප්‍රථම පරම්පරාවේ (first generation) මිට්ෂුබිෂි රෝසා බස් එකක්. ඒක මම හිතන හැටියට අවුරුදු විස්සක් විතර දිව්වා. සී. ටී. බී. බස් නැති වෙලාවල් වල ඒ බස් එකේ අපි ආව ගියා. ඒක මතකයක්.

අපේ පොඩි කාලේ ලංකාවේ බොඩි ගහපු ඉසුසු බස් දිව්වා. ලෝකයේ ප්‍රධාන සන්නාම වන ඩන්ලොප්, මිචලින්, බ්‍රිජ්ස්ටෝන් වගේ ටයර් හැම තැනම තිබ්බ. ඒවා ගන්න පුළුවන් කමක් මිනිස්සුන්ට තිබ්බ. අද ඒ ටයර් එකක් ගැන හිතන්නවත් බැහැ.
අදටත් කොළඹ නුවර දුවන ඒ. සී. කොට බස් ගොඩක් මිට්ෂුබිෂි රෝසා කාණ්ඩයේ ඒවා. සුවපහසුයි. ප්‍රභලයි.
ඔය මිනින්දෝරු එකට ආව ජීප් වුණත් මිට්ෂුබිෂි. අදටත් මොඩිෆයි කරනවා 4DR5 මොඩල් එක.

පළාත් සභා ආපු කාලේ තමයි මිට්ෂුබිෂි පැජරෝ දිග සහ කොට මොඩල් ආවේ. ඊට කලින් ඔය රෝසා බස් වලට අමතරව ලාන්සර් බොක්ස් තිබ්බ. වැඩියෙන් ඒවා තිබ්බේ රත්නපුරේ මැණික් කාරයෝ ළඟ. ඈත දුෂ්කර පතල් වලට උන් ගියේ ඒවායින්. දැන් අවුරුදු පනහක් වෙලත් තම ලාන්සර් බොක්ස් දුවනවා. පැජරෝත් දුවනවා.

පැජරෝ කියන්නේ ජයග්‍රාහී ඉතිහාසයක් තියන වාහනයක්. ඒ තමයි ඒක ඩකා මෝටර් රැළිය ජයග්‍රහණය කිරීම.
මෙච්චර කාලයක් ලෝකයේ මෝටර් රේසිං වල යුරෝපීය වාහන රජ කරනකොට ජපන්නු ඒ තරඟවලට අවතීර්ණ උණා. ප්‍රංශ මෝටර් රැළි, ඉතාලි රැළි, ඩකා වගේම අප්‍රිකානු ඔරොත්තු දීමේ රැළිවල (endurance motor racing) මුල් කාලේ පොර්ශේ, ෆෙරාරි, ෆෝර්ඩ්, අවුඩි, බෙන්ස්, ඇල්ෆා රෝමියෝ වගේ වාහන එක්ක ජපන්නු තරඟ කළා. ඒ වගේම දිණුවා.

අද සියලුම යුරෝපීය ඔරොත්තු දීමේ රැළිවල අංක එක ටොයෝටා. හැබැයි අනික් සියලු ජපන් සමාගම් මේ තරඟවලට ඇවිත් දිනුවා. මැස්ඩා, හොන්ඩා, නිසාන් වගේම මිට්ෂුබිෂිත් තමන්ගේ රට සහ නිෂ්පාදන ලෝකෙට අරන් ගිහිල්ල ලෝකේ දිනපු කෙනෙක්. ඉගෙනගන්න බොහොමයක් දේ එයාල ළඟ තියනවා.

දැන් අර රේල් බස් ව්‍යාපෘතිය නිසා ජපානේ අපි එක්ක අවුල් වෙලා ඉන්නේ. ඒකත් බලපාන්න ඇති මේ ඉවත් වීමට.
අපිව දාල යන එක ගැන දුකයි. ඒත් මේ වගේ දුෂිත, අකාර්යක්ෂම, කාලකන්ණි දේශපාලනය විසින් මෙහෙයවන රටවල ඉන්න ඕනිත් නැහැ එක අතකට.

ඉතිහාසය පුරාවට ජපන්නු සමුරායි ල. මේ සමකාලීන තරඟකාරී ආර්ථිකය ඇතුළෙත් ඔවුන් තරඟයක් නොදී මැරෙන්න සුදානම් නැහැ කියල පෙන්නලා තියනවා. මිට්ෂුබිෂි අයිති වෙන්නෙත් ඒ ප්‍රවර්ගයට.
ඉතිං තවත් එක ගෝලීය නිෂ්පාදකයෙක් අපෙන් යනවා. සයොනාරා!

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...