තුර්කි – සිරියා ව්‍යවසනය : මියගිය සංඛ්‍යාව 21,000 ඉක්මවයි

Share post:

තුර්කි – සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 21,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උප ජනාධිපති Fuat Oktay ට අනුව තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 17,674 ක් මියගොස් ඇති අතර සිරියාවේ අවම වශයෙන් 3,377 ක් මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි විනාශ වූ ගොඩනැගිලි තුළ තවදුරටත් පුද්ගලයන් සිරවී සිටින අතර එරට පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ.

මේ අතර මුදාගත් පිරිස් වෙතද කුඩාරම්, ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව හිමි නොවීම තුළ තවත් ව්‍යසනයක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

එමෙන්ම මෙම භූමිකම්පාවත් සමග නිවාස සහ ප්‍රධාන ගොඩනැගිලි විනාශ වීමෙන් පසු විපතටපත් දරුවන් හට ආහාර, නවාතැන් සහ උණුසුම් ඇඳුම් හි අවශ්‍යතාවයක් ඇති බව Save the Children ආයතනය පෙන්වාදෙයි.

සබැඳි පුවත්

දරුණු භූ කම්පනයෙන් තුර්කිය සහ සිරියාව කැළඹෙයි – ගලවා ගැනීමේ මෙහෙයුම්වලටත් බාධා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...