පුංචි ඡන්දය : තැපැල් ඡන්දයට දින නියම කෙරේ

404

2023 පළාත් පාලන මැතිවරණයේ ඡන්දය විමසීමට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට කටයුතු යොදා ඇත.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 15 වැනිදා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට අදාල ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කළේ ය.

සබැඳි පුවත්