මැතිවරණ කොමිසම දිගටම වැඩ : ඡන්ද තියලා විදුලිය ඉල්ලන්න එපා – එජාප උප නායක

Share post:

දිස්ත්‍රික් බාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (23) කොළඹට කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ විශේෂ සාකච්ඡාවක් සඳහා මෙම පිරිස කැඳවා ඇති බවයි. ඊයේ (22) මෙසේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් ද විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසමට කැඳවා තිබිණි. මාර්තු 20 දිනට පෙර පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ගැසට් නිවේදනය

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව තේරීම් බාර නිලධාරීන් සහ සහකාර තේරීම් බාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය 21දා නිකුත් කෙරිණි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4(1) වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලදි.

ආණ්ඩුවේ උපක්‍රමය

කෙසේ වෙතත් පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාගැනීමෙන් පසු ඡන්දය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරයි. අරමුදල් නොමැති බව හෝ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව හෝ පෙන්වමින් මෙසේ මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

පළාත් පාලන ඡන්දය කල්දැමීමට නීතිමය ඉඩක් නැති නිසා ඡන්දය ප්‍රකාශයට පත්කොට, නාමයෝජනා කැඳවීමෙන් පසු මෙසේ ඡන්දය කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නීතියෙන් බේරී ඡන්දය ද නොපවත්වා සිටීම සඳහා යැයි ද ඔහු සඳහන් කළේය.

එජාපයේ අනතුරු ඇඟවීම

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පවසන්නේ මැතිවරණවලට වියදම් කර විදුලි බලය, ඉන්ධන ලබාගැනීමට නොහැකි යැයි පසුව ප්‍රකාශ නොකරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන ආකාරයට මුදල් තිබේ නම් ඡන්ද පැවැත්වීමේ ප්‍රශ්නයක් නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට ඉදිරිපත් වීමට සූදානම් බව ද ඔහු පෙන්වා මෙහිදී පෙන්වා දුන්නේය.

2018 – 2023

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් සභිකයන් තෝරා පත්කරගනු ලැබූ පළාත් පාලන ආයතන සියල්ලේ ම ධුර කාලය ලබන වසරේ මාර්තු 19දායින් අවසන් වීමට නියමිත ය. ඒ අනුව ධුර කාලය දීර්ඝ කරනු ලැබූ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීම ලබන වසරේ මුල් කාර්තුවේ සිදුකිරීමට අපේක්ෂා කරන බව මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කර තිබිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...