සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නෑ : මැතිවරණ කොමිසමේ තුන්වැනියාටත් මරණ තර්ජන !

Share post:

ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි මැතිවරණ කොමිසමේ සාමාජික එම්.එම්. මොහොමඩ්ට මරණ තර්ජන එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව එම්.එම්. මොහොමඩ් සඳහන් කරයි.

072-948—— යන දුරකතන අංකයෙන් තමන්ට ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකු මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම්දෙමින් මරණ තර්ජන එල්ල කළ බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහුට මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම ලැබෙන විට ඔහු රැඳී සිට ඇත්තේ නිට්ටඹුව, කහටෝවිට පිහිටි සිය නිවසේ ය.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන කේ.පී.පී. පතිරණ සහ සෙනෙවිරත්න බණ්ඩාර දිවාරත්න යන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට ද පසුගිය 18දා මේ ආකාරයෙන් මරණ තර්ජන එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ද දැඩි කතාබහක් ඇති විය. ඒ සමග ම පොලිස්පතිවරයා විසින් එම තර්ජනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. එම තර්ජනයට ලක්වූ කොමිසමේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට සන්නද්ධ පොලිස් නිලධාරීන් ද යොදවනු ලැබිණි.

මෙසේ තිබියදීත් කොමිසමේ තෙවැනි සාමාජිකයාටත් තර්ජන එල්ලවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන ඔස්සේ කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබෙන පසුබිමක් තුළදී ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...