මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන : අලුත් පනතෙන් ඡන්දයට බාධාවක් නෑ : කොමිසම

Share post:

මැතිවරණ කොමිසමේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමෙන් වහාම ඉවත් වන ලෙසත්, එසේ නොවුණහොත් ජීවිත තර්ජන ඇති විය හැකි බවත් පවසමින් මෙම නිලධාරීන් දෙදෙනාට දුරකතන ඇමතුම් මගින් තර්ජන එල්ල වී ඇතැයි එම නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. මෙම නිලධාරීන් දෙදෙනා වන්නේ එස්. බී. දිවාරත්න සහ කේ. ජී. ජී. පතිරණ ය.

පසුගිය 18දා මෙම නිලධාරීන්ට අදාළ තර්ජන එල්ල වී ඇති අතර, එම දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මේ අතර ඊයේ (19) පාර්ලිමේන්තුවේ සම්මත වූ මැතිවරණ වියදම් නියාමන පනත නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ පනත සම්මත වීමෙන් මැතිවරණයට බලපෑමක් සිදුනොවන බවයි.

පනත සම්මතවීමත් සමග මැතිවරණ වියදම් නියාමනය සඳහා රෙගුලාසි පැනවිය යුතු ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 97ක් ලැබුණු අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 36කි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...