මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන : අලුත් පනතෙන් ඡන්දයට බාධාවක් නෑ : කොමිසම

Share post:

මැතිවරණ කොමිසමේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමෙන් වහාම ඉවත් වන ලෙසත්, එසේ නොවුණහොත් ජීවිත තර්ජන ඇති විය හැකි බවත් පවසමින් මෙම නිලධාරීන් දෙදෙනාට දුරකතන ඇමතුම් මගින් තර්ජන එල්ල වී ඇතැයි එම නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. මෙම නිලධාරීන් දෙදෙනා වන්නේ එස්. බී. දිවාරත්න සහ කේ. ජී. ජී. පතිරණ ය.

පසුගිය 18දා මෙම නිලධාරීන්ට අදාළ තර්ජන එල්ල වී ඇති අතර, එම දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මේ අතර ඊයේ (19) පාර්ලිමේන්තුවේ සම්මත වූ මැතිවරණ වියදම් නියාමන පනත නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ පනත සම්මත වීමෙන් මැතිවරණයට බලපෑමක් සිදුනොවන බවයි.

පනත සම්මතවීමත් සමග මැතිවරණ වියදම් නියාමනය සඳහා රෙගුලාසි පැනවිය යුතු ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 97ක් ලැබුණු අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 36කි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...