පොදුජන පෙරමුණ කොළඹට එයි : අපි ජනතාවට දැනෙන වැඩක් කරනවා – මහ ලේකම්

Share post:

මැතිවරණ වියදම් සීමා කිරීමේ නව පනතට අනුව වෙනස් ම සහ ජනතාවට වඩාත් දැනෙන ආකාරයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් thetime.lk වෙත පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ මූලස්ථානයට අද පෙරවරුවේ ආසන සංවිධායකවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තිබිණි.

බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී සියලුම ආසන සංවිධායකවරුන්ට මැතිවරණයට අදාළ විශේෂ උපදෙස් රැසක් ලබාදුන් බවත්, වෙනස් සහ ජනතාවට දැනෙන ප්‍රචාරක ව්‍යාපාරයක් මෙම මැතිවරණයේදී සිදුකිරීම තම පෙරමුණේ අරමුණ බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පෙරමුණට ජනතාව ළඟට යෑමේ කිසිදු ප්‍රශ්නයක් නැති බවත්, ඇතැම් පක්ෂ එවැනි මතයක් ඇති කරන්නට උත්සාහ කරණ බවත් පැවසූ මහ ලේකම්වරයා, රටේ පවතින ආර්ථික තත්ත්වය තේරුම් ගනිමින් ප්‍රචාරක කටයුතු කරන ලෙස ආසන සංවිධායකවරුන්ට උපදෙස් දුන් බව ද සඳහන් කළේය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...