පොදුජන පෙරමුණ කොළඹට එයි : අපි ජනතාවට දැනෙන වැඩක් කරනවා – මහ ලේකම්

Share post:

මැතිවරණ වියදම් සීමා කිරීමේ නව පනතට අනුව වෙනස් ම සහ ජනතාවට වඩාත් දැනෙන ආකාරයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් thetime.lk වෙත පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ මූලස්ථානයට අද පෙරවරුවේ ආසන සංවිධායකවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තිබිණි.

බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී සියලුම ආසන සංවිධායකවරුන්ට මැතිවරණයට අදාළ විශේෂ උපදෙස් රැසක් ලබාදුන් බවත්, වෙනස් සහ ජනතාවට දැනෙන ප්‍රචාරක ව්‍යාපාරයක් මෙම මැතිවරණයේදී සිදුකිරීම තම පෙරමුණේ අරමුණ බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පෙරමුණට ජනතාව ළඟට යෑමේ කිසිදු ප්‍රශ්නයක් නැති බවත්, ඇතැම් පක්ෂ එවැනි මතයක් ඇති කරන්නට උත්සාහ කරණ බවත් පැවසූ මහ ලේකම්වරයා, රටේ පවතින ආර්ථික තත්ත්වය තේරුම් ගනිමින් ප්‍රචාරක කටයුතු කරන ලෙස ආසන සංවිධායකවරුන්ට උපදෙස් දුන් බව ද සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...