පළාත් පාලන ඡන්දයේ ඇප කැන්සල් කළ අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසමෙන් සමාව ගනී !

Share post:

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසම හමුවට අද (13) කැඳවා තිබිණි.

ඒ, පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාරනොගන්නා ලෙස කැබිනට් මණ්ඩල තීරණයක් බව සඳහන් කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිකුත් කරන ලද ලිපිය පිළිබඳව කරුණු විමසීම සඳහා ය. කැබිනට් තීරණයකට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ව අපේක්ෂක ඇප මුදල් බාරගැනීමෙන් වළකින්නැයි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දෙමින් ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබුණේ පසුගිය 10දා ය.

පැය කිහිපයක් ඇතුළත තමන් කළ මෙම නියෝගය ආපසු කැඳවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගත් අතර, ඔහු පැවසුවේ අදාළ නියෝගයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ආපසු කැඳවූ බවයි.

කෙසේ වෙතත් අද (13) මැතිවරණ කොමිසම හමුවට පැමිණි නීල් බණ්ඩාර හපුහින්න අදාළ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා ඇත.

මේ අතර මෙම ලිපිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ව්‍යවස්ථා විශාරදයෝ thetime.lk අවධාරණය කළහ.

ව්‍යවස්ථා විශාරදයන් පෙන්වාදුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් එක්කළ 104 (උ) යටතේ අමාත්‍යංශ ලේකම්වරයා බරපතළ වරදක් කර ඇති බවයි.

එම වගන්තියේ මෙසේ සඳහන් වේ.

104(උ) : යම් ඡන්ද විමසීමකදී හෝ ජනමත විචාරණයකදී කාර්යය සහ කර්තව්‍ය ඉටුකරන සියලුම රජයේ නිලධරයන් විසින්, ඒ කාර්යය සහ කර්තව්‍ය ඉටුකිරීමේදී කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානවලට යටත් ව ක්‍රියා කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිවයුතු සහ උත්තර දිය යුතු වන්නේය.

එසේ ම මෙම විධිවිධානවලට අනුකූල නොවීම වරදක් වන බව ද ව්‍යවස්ථාවේ සඳහන් ය.

 104(උ උ) : කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව;

(අ)යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ යම් නීතියක් බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන හෝ ;

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පිහිටුවා ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අදාළ පනත, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම අනාගතය සඳහා වන නරක පූර්වාදර්ශයක් වන බවත්, එම නිසා මේ ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවත් ව්‍යවස්ථා විශාරදයෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

එසේ ම ලේකම්වරයාගේ ලිපියට අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද ලිපියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් විය.

‘2023.01.09 රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් බාරගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කරන ලෙස මා වෙත දන්වා ඇත.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...