නිදහසේ වැළලෙමු ! එක තැන පල්වුණු එකට නිදහස කියල කියන්නෙ කවුද?

Share post:

නිදහස් දිනේ ගැන මගේ සත දෙක මෙහෙමයි.
නිදහස කියන්නේ සංකේතාත්මක දෙයක්. ඒ නිසා ඒක සමරන්න ඕනි කියන එකට වලංගු බවක් තියනවා. හැබැයි ඇත්තටම ලාංකික නිදහසෙන් සංකේතවත් වෙන්නේ මොකක්ද මේ වෙද්දි?

ඔය නිදහස ගත්ත කියලනේ කියන්නේ. ලැබුණ කියලත් කියනවා. ඉතිං ඔය ”ගත්ත නිදහස” හෝ ”ලැබුණ නිදහස” ගැන හෝ කොහොමත් කවදත් ලොකු අදහසක් අපට තිබුණේ නැහැ. ගන්නේ කුමන නිදහසක් ද කියලවත් ඒ ගන්නා එකත් එක්ක මොකද කරන්නේ කියලවත් අපිට මාර්ග සිතියමක් තිබුණේ නැහැ (roadmap). කොහොමත් අපි දිව්වේ එදාවේල හොයාගන්න දතකන රටක් හැටියට.

එහෙම එදාවේල ටුවර් ගහගහ දිගුකාලීන යුද්දෙක පැටලුණා. ඔහොම පණනල ගැට ගහගෙන ඉන්නකොට තමයි කොරෝනයි, ආර්ථික අර්බුදෙයි, හොරු රැළයි එකට (අ )සම්බන්දවෙලා රට බිංදුවටම වැටුණේ.

දැන් සමරන්න යනවා. මොකක්ද සමරන්න තියෙන්නේ? නොහැකියාව, එදාවේලත් නැතිකම, රෝඩ්මැප් එකක් නැති කම, හොරුරැළ, උං ඔක්කොම යාළුවො කියන එක, පුළුවන් ඔක්කොම මේකෙන් චුතවෙනවා කියන එක, යන්න හදන එවුන්ටත් එයාපෝට් එකේදී බදුගහනවා කියන එක.

අපි දැන් නිදහසේ වැළලෙමින් පවත්න්නේ…

නිදහස කියන්නේ තමන්ගේම තීරණ ගන්න පුළුවන් අවකාශයක් හදාගන්න එකට. ලෝකය ගෝලයක් වුනාට අපි කවුරුත් දිහා බලාන ඉන්නෙත් නැතුව අපි දිහා කවුරුත් බලාන ඉන්නවා කියල හිතන්නෙත් නැතුව මින්පෙර කිසිදා නොසිතුව ගමනාන්තයක් කරා නිර්භීතව යන්න පුළුවන් එකට. ඒ තමයි මගේ නිර්වචනය.

අපි කළේ හිටපු තැන වළක් කපාගෙන වැළලුනා මිසක් අලුත් කිසිවෙක් නොගිය පාරක් හොයාගත්ත එකවත්, ඒ පාරේ ලස්සන ගමනක් ගිය එකවත් නෙවෙයි. වළේම වැළලුනා. වැළලුණ වළේ ලස්සන ගැන කවි ලිව්ව.

ඔය සමරනවා කියන්නේ වැළලුන වළ ගැන කවි කියන එකට. ඒ කවි අහන්න තමයි ස්ටේජ් ගහගෙන මිළියන ගණන් වෙන්කරගෙන ඔය සැරසෙන්නේ.

එකතැන පල්වුන එකට නිදහස කියල කියන්නේ කවුද?

ගමනක් යන්න නිර්භීත මිනිස්සු ඉන්න ඕනි. පාලකයෝ විතරක් නෙවෙයි මිනිස්සුත් නිර්භීත වෙන්න ඕනි. අවදානමක් ගන්න ඕනි.

මොනවා කරන්නත් සිහින තියෙන්න ඕනි….ඒ සිහින ඔස්සේ මනෝරාජික අත්පත් කරගන්න එකට (pursuit of utopia). ඒ සිහින ඔස්සේ මනෝරාජික අත්පත් කරගන්න කොන්දේසි විරහිත වෙන එකට.

රැඩිකල් කියන්නේ සිහිනයක අවසානය දක්වා යන එකට. අවසානය කියන්නේ අපි කවුරුවත් නොදන්නා තැනකට.
ටෙරී ඊගල්ටන් කියන්නේ නිදහසේ ‘ස්වයං සිද්ධ’ බවක් තියනවා කියල. ඒක සිදුවෙන්න ඕනි. සිදුවෙන්න නම් සිහින දකින්නන් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙන්න ඕනි.

එහෙම නැතුව ගෝල්ෆේස් එකේ කාලතුවක්කු පත්තු කළාට නිදහස් වෙන්නේ නැහැ සද්දෙට කපුටෝ ඉගිලෙනවා ඇරෙන්න.

මහේෂ් හපුගොඩ

Image@ Cast Away (2000)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...