පුංචි ඡන්දයට නාමයෝජනා භාරගන්න කොමිසම සූදානම් – පක්ෂ කීපයකින් විරෝධතා!

Share post:

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් ජී පුංචිහේවා පවසා සිටියේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත අද (04) දිනයේ අදාළ දැන්වීම නිකුත් කිරිමට පියවර ගන්නා බවය.

ඒ අනුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් විසින් අදාළ නිවේදනය හෙට (05) දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇති බවද හෙතෙම පවසා සිටියේය.

ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාරගැනීම, අපේක්ෂකයින් සංඛ්‍යාව ඇතුළු සියලු විස්තර එම නිවේදනයේ සඳහන් කෙරෙන අතර නාම යෝජනා භාර ගැනීම හෙට දිනයේ සිට දින 14කින් පසු සිදුකිරීමට නියමිතය.

නාමයෝජනා භාරගැනීම දින තුන හමාරක කාලයක් සිදුකෙරෙන අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසා සිටියේය.

ඡන්දය එපා කියා උසාවි යයි!

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම කර්නල් (විශ්‍රාමික) ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පෙරේදා (ජන. 2) ගොනු කරන ලදී.

මැතිවරණ කොමිෂන් සභාවෙන් ලැබුණු තොරතුරු මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10කට අධික මුදලක් වැය වන බව ත්, රාජ්‍ය ආදායම සහ ණය ගැනීමේ හැකියාව අනුව එම මුදල් නිදහස් කරන බව ත්, මැතිවරණයක් පැවැත්වීම තුළින් ආර්ථික අර්බුදය තවත් වැඩිවිය හැකි බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

ආණ්ඩු පක්ෂයත් පස්ස ගහයි

මේ අතර ඡන්දයක් පැවැත්වීමට තරම් රටේ ආර්ථිකය ස්ථාවර නැතැයි වරින් වර ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබිණි.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ ‘මැතිවරණවලට වියදම් කරලා විදුලි බලය, ඉන්ධන ලබාගැනීමට ක්‍රමයක් නැහැ කියලා පස්සෙ කියන්න එපා’ යනුවෙනි.

ජනතා පරමාධීපත්‍යට බාධා එපා!

එමෙන්ම පසුගියදා රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසා සිටියේ රට ආර්ථික වශයෙන් ස්ථාවර වනතෙක් මැතිවරණයක් පැවැත්විය නොහැකි නම් අප වැනි රටකට කිසිදිනක ඡන්ද පැවැත්වීමට නොහැකි වනු බවයි.

මේ වනවිට ජාත්‍යන්තරය සංවිධාන මූල්‍ය ආයතන රටවල් අපේ රටේ අර්බුදය ලෙස මෙම දූෂිත දේශපාලනය හුවා දක්වන බවද ඔහු පෙන්වා දෙයි.

එම නිසා ආර්ථිකය ස්ථාවර නැතැයි කියමින් ජනතා පරමාධිපත්‍යයට එපිටින් ගොස් රටක මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට හැකියාවක් නැතැයිද ඔහු එහිදී පවසා සිටියේය.

බලය ගිලිහෙයි ද?

2018 වසරේ අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය ලබාගැනීමට සමත්විය. එහෙත් මේ වනවිට පොහොට්ටුවට මෙන්ම ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට ද එරෙහිව ඇති ජනතා විරෝධය හේතුවෙන් ඔවුන් මැතිවරණයට සූදානමක් නැති බව පෙනෙන්නට තිබේ.

1997 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එවකට පොදුජන එක්සත් පෙරමුණ රජයේ ජනවරම ශක්තිමත් වූ අතර 2001 පළාත් පාලන මැතිවරණයෙන් එම පක්ෂය ලැබූයේ දරුණු පරාජයකි. බොහෝවිට පළාත් පාලන මැතිවරණයේ වැඩි බලයක් හිමිකරගන්නා පක්ෂයට හෝ සන්ධානයට ඉන් පසු මැතිවරණවලදී වැඩි වාසි හිමිවීමේ ප්‍රවණතාවක් ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ දැකගත හැකිය.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...