ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය නූලෙන් ගිලිහෙයි!

Share post:

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (03) මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය තියුණු සටනකින් පසුව ලකුණු දෙකක පරාජයක් බාර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 හමුවේ ලබාගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 160ක් පමණි.

මෙම තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක හුදෙකලා සටනක නිතර වෙමින් පන්දු 27 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක්ද සහිතව වේගවත් ලකුණු 45ක් රැස්කළේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු එක්කරමිනි.

කෙසේවෙතත් උම්රාන් මලික් යොමු කළ පන්දුවක් හමුවේ එක්ස්ට්‍රා කවර් කලාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට උත්සහා කිරීමේදී යුස්වේන්ද්‍ර චාහල් රැකගත් උඩ පන්දුවක් යමුවේ දසුන් දැවී ගියේය.

අවසන් පන්දුවාරය අක්සර් පටේල් යොමු කළ අතර තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 13 ක් අවශ්‍යව තිබිණි. එහිදී අක්සර් යොමු කළ පන්දුවකට හයේ පහරක් එල්ල කළ චාමික තරගය තවත් උණුසුම් කළේය.

අක්සර් යොමු කළ පන්දු දෙකක් පිටියෙන් ඉවතට ඇදී යන පන්දු සේ (වයිඩ් පන්දුවක්) සලකා චාමික කරුණාරත්න පහර එල්ල නොකිරීමත් හේතුවෙන් ජයග්‍රහණය පෙනි පෙනී ශ්‍රී ලංකා පිලට පරාජය භාර ගැනීමට සිදුවිය.

ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 5 ලකුණු 68 ක් තුළ බිඳ වැටුණු අතර ක්‍රීඩා විචාරකයින් පෙන්වාදෙන්නේ මුල් පෙළ අසාර්ථකත්වය ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතුවුණු බවයි.

සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට එක් වූ ශිවම් මාවි ක්‍රියාත්මක කළ පන්දු වාර 4 තුළදී ලකුණු 2 කට කඩුලු 4ක් දවා ගත්තේය.

එමෙන්ම උමාර් මලික් සහ හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිඳ දැමූහ. දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (5) පූනේහිදී පැවැත්වේ.

ඉන්දියාව

දීපක් හූඩා – නොදැවී 41
අක්සර් පටේල් – නොදැවී 31
ඉෂාන් කිෂන් – 37
හර්දීක් පාණ්ඩ්‍යා – 29
ශුබ්මන් ගිල් 7
සූර්යකුමාර් යාදව් – 7
සංජු සැම්සන් – 5

ශ්‍රී ලංකාව

දසුන් ශානක – 45
කුසල් මෙන්ඩිස් – 28
චාමික කරුණාරත්න – 23
වනිඳු හරසංග – 21
චරිත් අසලංක – 12
භානුක රාජපක්ෂ – 10
ධනංජය ද සිල්වා – 8
කසුන් රාජිත – 5
පැතුම් නිස්සංක – 1
මහීෂ් තීක්ෂණ – 1
දිල්ෂාන් මධුෂංක – 0

සබැඳි පුවත්

අලුත් වුණු ඉන්දියාව සහ ජය පිපාසිත ශ්‍රී ලංකාව අද පිටියට

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...