නන්දා සහ ජිනදාස

Share post:

අතුරු අන්තරා මැද විඳින තනිකම් දෝස
මිතුරු හඳ එළිය දෙන නීල ඉඳුවර දෑස
පතුරු ගිය ජීවිතය ගෙවන තනිකඩ වාස
නපුරු හීනය දකින අහිංසක ජිනදාස

කොග්ගලින් ඉගිල්ලී සිංහලේ ආ දවස
රුක් මුදුන් උඩ ලගින කොක්කු නොදකින නිවස
බත් හැලිය ලිප උඩ ම තනිය උහුලන හවස
අත් අරින්නට බැරි ම සංසාරයක පවස

කඩොලාන අත ගගා ගලනකොට කරදියට
කඳුළු බර දැනෙනවැති නිහඬ කොග්ගල ඔයට
අඳුර සහ එළිය මැද මිරිදියෙන් කරදියට
කියන නොකියන තනිය උරුමයකි ගැහැනියට

පරණ හිරිගල් දෙවොල උඩට හඳ ආ දාට
වෙනදාට වැඩිය ලොකු පුන්සඳේ ආවාට
අඳුර ඉකිබිඳින හඬ ඇහෙනකොට හාවාට
පුරුදු දාඩිය සුවඳ දැනෙනවැති නන්දාට

සිප්පි කටු නිදි කිරන වැටකෙයිය හේඩෑව
කොක්කු හොට පටලවන පාළු වන බූටෑව
සෙක්කු ගල කෙඳිරි ගා ගල්ගැහෙන හැන්දෑව
තොත්තුවක පිපෙන හීගඩු විඳින කම්පාව

ජිනදාස සිංහලේ මදුරුවන් තලනකොට
කොග්ගලට වහිනව ද සුනිල්වන් පළිඟු කැට
කුරුල්ලන් පඳුරු උඩ නාඩගම් නටනකොට
කරඹ මල් බිම බලයි ගෑණියෙක් අඬනකොට

කිඹුල් කඳුළු ම පිරී ගලද්දී කිවුල් දිය
දුඹුල් යට හැඟුම්බර ජීවිතය ඇඹුල් විය
දිවුල් බෙලි දොඩම් ළඟ අතීතය පහත් විය
පවුල් බර අවුල් මැද ආදරය රහත් විය

කපුරු පෙති කිතිකවන බඹර තුඩ මඳහාස
අතුරු උඩ ඇවිද යන අඳුරු දින සති මාස
පඳුරු යට අත වනන ගොදුරු ලොබ ආවේස
සතුරු කටු යහන පිට අතුරුදන් ජිනදාස

කුමාර හෙට්ටිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...