100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ 10 දෙනා අතරට ඩේවිඩ් වෝනර්

477

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ව මෙල්බර්න් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ශතකයක් රැස් කර තිබේ.

ඩේවිඩ් වෝනර් තම සිය වැනි ටෙස්ට් තරගයේ දී මෙලෙස ශතකයක් රැස් කිරීම විශේෂත්වයකි.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේදී තම 100 වැනි ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කිරීමට සමත් වූ 10 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඩේවිඩ් වෝනර් වාර්තා අතරට එක් වනු ඇති.