IPL ඉතිහාසයේ වැඩිම මිල සෑම්ට

400

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ට ලැබුණු ඉහළම ලංසුව හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් අද (23) සමත් විය.

මෙතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ ක්‍රිස් මොරිස්ය. ඔහු ඉන්දීය රුපියල් කෝටි 16.25 අලෙවි වී තිබිණි.

සෑම් කරන් මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔහු වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් අතර දැඩි තරගයක් ඇතිවුණි.

අවසානයේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අභිබවා ඉන්දීය රුපියල් කෝටි 18.25කට (ඇමරිකානු ඩොලර් මිලියන 2.25ක් පමණ) පන්ජාබ් කිංග්ස් විසින් සෑම් කරන් තම කණ්ඩායම සතු කර ගත්තේය.

2019 වසරේදී සෑම් ප්‍රථම වරට IPL හා එක් විය.

පසුගියදා නිමාවට පත්වුණු ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ කඩුලු 13 ක් දවා ගනිමින් තරගවලියේ වැඩිම කඩුලුලාභියා බවට සෑම් පත්වුණු අතර ඔහු තරගාවලියේ වීරයා ලෙස තේරීපත්විය.

එමෙන්ම ඉන්දිය රුපියල් කෝටි 17.50 කට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් සමත් විය. ඒ අනුව ඔහු IPL වෙන්දේසි ඉතිහාසයේ දෙවන මිල අධිකම ක්‍රීඩකයා බවට පත් විය.