“සෑම කතන්දරයක්ම, ප්‍රමාණවත් තරම් දුරක් ගියහම මරණයකින් කෙළවර වෙනවා”

Share post:

මගේ ලිවීමේ ළිඳ හින්දවන්නෙ නැතුව ඉන්න මම ඉගෙන ගත්තා. මම හැමවෙලාවෙම ළිං අඩියට ආවම ලියන එක නවත්තලා රෑට ඒක නැවත පුරවන්න උල්පත්වලට ඉඩ දෙනවා – අර්නස්ට් හෙමිංවේ

මහල්ලා සහ මුහුද කියවා නැති කෙනෙකු නොමැති තරම්ය. එනිසාම ඇමරිකානු සාහිත්‍යයේ සලකුණක් වන අර්නස්ට් හෙමිංවේ ගැන නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. ඔහු 1954 දී නොබෙල් සාහිත්‍යය සම්මානය හිමිකරගත් විශිෂ්ට ලේඛකයෙක්. මේ ඔහු ලිවීම ගැන කියපු දේවල් ටිකක්.

ඔබේ ලිවීම නැවතුනහම, ඒ වෙලාවෙම ඔබ පිරෙන්න පටන් ගන්නවා ඔබ ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්න විදියට. කිසිවකට ඔබව රිදවන්න බැහැ, කිසිවක් සිද්ධ වෙන්නෙ නැහැ, කිසිවක්ම නැහැ කියන්නේ ඊළඟ දිනයේ ඔබ පටන් ගන්නකන්ම සිදුවන හැමදෙයක්ම. ඊළඟ දවස එළඹෙන තුරු බලා ඉන්න එක තමයි අමාරුම.

පොතක් හෝ කතාවක් ලියනකොට මම හැම දවසකම උදේ පළවෙනි ආලෝකය වැටෙන කොටම ලියන්න ගන්නවා. ඔබට බාධා කරන්න කවුරුවත් නැහැ. උදේ සීතල වුණත් ඔබ ඇවිත් ලියන අතරේ උණුසුම් වෙනවා. ඔබ ලියූ දේ ඔබ කියවනවා, ඒ වගේම ඊළඟට සිදුවන දේ ඔබ දැනගන්න මොහෙතෙදිම ඔබ කියවන එක නතර කරලා නැවත ලියන්න පටන් ගන්නවා.

ඔබට තවමත් ලියන්න පුළුවන් ශක්තියක් ඇති සහ ඊළඟට සිදුවන දෙය ඔබ දන්න තැනකට ආවම ඔබ ලිවීම නවත්තනවා. ඊළඟ දවසේ ඔබ නැවත ලියන්න පටන් ගන්නකන් ඔබ ජීවත් වෙනවා. ඔබ උදේ හයට පටන් ගත්තා නම් දවල් දොළහ වෙනකන් නැත්නම් ඒ ආසන්නයට වෙනකන් ලියන්න අවශ්‍යයයි.
කතන්දරයක් ලියලා ඉවර වුණහම මම හිස්වෙනවා සහ දුක සතුට දෙකම තියෙනවා හරියට මම සෙක්ස් කරපු වෙලාවට දැනෙනවා වගේම. මට විශ්වාසයි මේක හොඳ කතන්දරයක් බවට ඒත් පහුවෙනිදා උදේ ඇහැරිලා ඒක නැවත කියවනකන් මම ඒක ඇත්තටම දන්නෙ නැහැ.

ලේඛකයෙකු තමන් ලියන දේ ගැන ප්‍රමාණවත් තරම් දන්නවා නම්, ඔහු දන්නා දේ මඟහරින්න පුළුවන්. අයිස් කන්දක චලනයට හේතුව එයින් නමයෙන් එකක් පමණක් ජලයෙන් මතුපිට තිබීමයි.

මම දකින සහ විඳින දේ හැකි උපරිම සහ සරලම විදියෙන් කොළයක් මත ලිවීම තමයි මගේ ඉලක්කය.
නවකතාවක් ලියනකොට ලේඛකයෙක් ජීවත්වන මිනිසුන් නිර්මාණය කරන්න ඕන චරිත වෙනුවට. චරිතයක් කියන්නේ විකට චිත්‍රයක්.
ගද්‍යය කියන්නෙ වාස්තූ විද්‍යාව මිස අභ්‍යන්තර අලංකරණය නොවේ.
ඔබ කළ යුත්තේ එක් සත්‍යය වාක්‍යයක් ලිවීම පමණයි. ඔබ දන්නා සත්‍යම වාක්‍යය ලියන්න.

කොහොමද ලියන්නෙ කියන එකට නීති නැහැ. සමහර වෙලාවට ඒක පහසුවෙන් සහ පරිපූර්ණව එනවා. සමහර වෙලාවට ඒක ගලක් විදිනවා වගේ. ඊටපස්සේ ඒක පුපුරලා දාන්න පුළුවන් කෑලිවලට.
කරදර වෙන්න එපා. ඔබ මීට කලින් හැමවෙලාවෙම ලියලා තියෙනවා. ඔයා දැනුත් ලියයි.
සෑම කතන්දරයක්ම, ප්‍රමාණවත් තරම් දුරක් ගියහම මරණයකින් කෙළවර වෙනවා. යමෙක් මේක ඔබෙන් වළක්වනවා නම් ඔහු සැබෑ ලේඛකයෙක් නෙමෙයි.

පරිවර්තනය –

රශ්මික මණ්ඩාවල

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...