“සෑම කතන්දරයක්ම, ප්‍රමාණවත් තරම් දුරක් ගියහම මරණයකින් කෙළවර වෙනවා”

Share post:

මගේ ලිවීමේ ළිඳ හින්දවන්නෙ නැතුව ඉන්න මම ඉගෙන ගත්තා. මම හැමවෙලාවෙම ළිං අඩියට ආවම ලියන එක නවත්තලා රෑට ඒක නැවත පුරවන්න උල්පත්වලට ඉඩ දෙනවා – අර්නස්ට් හෙමිංවේ

මහල්ලා සහ මුහුද කියවා නැති කෙනෙකු නොමැති තරම්ය. එනිසාම ඇමරිකානු සාහිත්‍යයේ සලකුණක් වන අර්නස්ට් හෙමිංවේ ගැන නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. ඔහු 1954 දී නොබෙල් සාහිත්‍යය සම්මානය හිමිකරගත් විශිෂ්ට ලේඛකයෙක්. මේ ඔහු ලිවීම ගැන කියපු දේවල් ටිකක්.

ඔබේ ලිවීම නැවතුනහම, ඒ වෙලාවෙම ඔබ පිරෙන්න පටන් ගන්නවා ඔබ ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්න විදියට. කිසිවකට ඔබව රිදවන්න බැහැ, කිසිවක් සිද්ධ වෙන්නෙ නැහැ, කිසිවක්ම නැහැ කියන්නේ ඊළඟ දිනයේ ඔබ පටන් ගන්නකන්ම සිදුවන හැමදෙයක්ම. ඊළඟ දවස එළඹෙන තුරු බලා ඉන්න එක තමයි අමාරුම.

පොතක් හෝ කතාවක් ලියනකොට මම හැම දවසකම උදේ පළවෙනි ආලෝකය වැටෙන කොටම ලියන්න ගන්නවා. ඔබට බාධා කරන්න කවුරුවත් නැහැ. උදේ සීතල වුණත් ඔබ ඇවිත් ලියන අතරේ උණුසුම් වෙනවා. ඔබ ලියූ දේ ඔබ කියවනවා, ඒ වගේම ඊළඟට සිදුවන දේ ඔබ දැනගන්න මොහෙතෙදිම ඔබ කියවන එක නතර කරලා නැවත ලියන්න පටන් ගන්නවා.

ඔබට තවමත් ලියන්න පුළුවන් ශක්තියක් ඇති සහ ඊළඟට සිදුවන දෙය ඔබ දන්න තැනකට ආවම ඔබ ලිවීම නවත්තනවා. ඊළඟ දවසේ ඔබ නැවත ලියන්න පටන් ගන්නකන් ඔබ ජීවත් වෙනවා. ඔබ උදේ හයට පටන් ගත්තා නම් දවල් දොළහ වෙනකන් නැත්නම් ඒ ආසන්නයට වෙනකන් ලියන්න අවශ්‍යයයි.
කතන්දරයක් ලියලා ඉවර වුණහම මම හිස්වෙනවා සහ දුක සතුට දෙකම තියෙනවා හරියට මම සෙක්ස් කරපු වෙලාවට දැනෙනවා වගේම. මට විශ්වාසයි මේක හොඳ කතන්දරයක් බවට ඒත් පහුවෙනිදා උදේ ඇහැරිලා ඒක නැවත කියවනකන් මම ඒක ඇත්තටම දන්නෙ නැහැ.

ලේඛකයෙකු තමන් ලියන දේ ගැන ප්‍රමාණවත් තරම් දන්නවා නම්, ඔහු දන්නා දේ මඟහරින්න පුළුවන්. අයිස් කන්දක චලනයට හේතුව එයින් නමයෙන් එකක් පමණක් ජලයෙන් මතුපිට තිබීමයි.

මම දකින සහ විඳින දේ හැකි උපරිම සහ සරලම විදියෙන් කොළයක් මත ලිවීම තමයි මගේ ඉලක්කය.
නවකතාවක් ලියනකොට ලේඛකයෙක් ජීවත්වන මිනිසුන් නිර්මාණය කරන්න ඕන චරිත වෙනුවට. චරිතයක් කියන්නේ විකට චිත්‍රයක්.
ගද්‍යය කියන්නෙ වාස්තූ විද්‍යාව මිස අභ්‍යන්තර අලංකරණය නොවේ.
ඔබ කළ යුත්තේ එක් සත්‍යය වාක්‍යයක් ලිවීම පමණයි. ඔබ දන්නා සත්‍යම වාක්‍යය ලියන්න.

කොහොමද ලියන්නෙ කියන එකට නීති නැහැ. සමහර වෙලාවට ඒක පහසුවෙන් සහ පරිපූර්ණව එනවා. සමහර වෙලාවට ඒක ගලක් විදිනවා වගේ. ඊටපස්සේ ඒක පුපුරලා දාන්න පුළුවන් කෑලිවලට.
කරදර වෙන්න එපා. ඔබ මීට කලින් හැමවෙලාවෙම ලියලා තියෙනවා. ඔයා දැනුත් ලියයි.
සෑම කතන්දරයක්ම, ප්‍රමාණවත් තරම් දුරක් ගියහම මරණයකින් කෙළවර වෙනවා. යමෙක් මේක ඔබෙන් වළක්වනවා නම් ඔහු සැබෑ ලේඛකයෙක් නෙමෙයි.

පරිවර්තනය –

රශ්මික මණ්ඩාවල

Related articles

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...

මේ හෙමින් යන ගමනක්… පියවරෙන් පියවර යන දිගු ගමනක්

ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල හෙවත් කොලීජි අතර පැවැත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලි මේ දිනවල ඇරඹෙනවා.ආර්කන්සාස්.. ජෝර්ජියා.. කෙන්ටකි.....

කාන්තා ඇඳුමේ රණ්ඩු සරුවල්

මේ ඈත අතීතයට අයිති බොහොම ලස්සන පිංතූරයක්.වර්ශය 1890-1900 අතර කාලයකටයි අයිති.ලන්ඩනයේ ප්‍රසිද්ධ වීදියක දර්ශණයක් විදිහට අපිට හඳුනා ගන්න...

​පාවුලෝ කොයියෝ: තමාගේ “පෞද්ගලික පුරාවෘත්තය” හඹා ගිය මිනිසාගේ කතාව

ඔහු නීතිඥයෙකු වීමට අකමැති වීම නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව මානසික රෝහලක සිර කර විදුලි සැර ප්‍රතිකාර ලබා දුන්හ....