මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

Share post:

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

මාර්තු 04 දිනැති එම ලියුමේ සදහන් කර ඇත්තේ දිනපතා පුවත්පත් කිහිපයකම මුද්‍රණය මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වී තිබෙන බවයි.

එම ආයතනවල සේවය කළ ජනමාධ්‍යවේදීන්ට හිඟ වැටුප් ගෙවීමට ඇති බවට තොරතුරු වාර්තා වන බව ද එම ලිපියේ සදහන් වේ.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කිරීම සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන සැලැස්වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බවත්, මේ පිළිබඳ නෛතික තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙසත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ලිපියේ දැක්වේ.

මෙයට පාදක වී තිබෙන්නේ හිටපු ඇමැති ටිරාන් අලස්ට අයත් මව්බිම සහ එහි ඉංග්‍රීසි පුවත්පත වන සිලෝන් ටුඩේ පුවත්පත්වල දිනපතා පුවත්පත් වසාදැමීමට ගෙන ඇති තීරණයයි.

මාර්තු 04 දින වෙළෙඳපොළට නිකුත් වූ ‘මව්බිම’ සහ ‘Ceylon Today’ පුවත්පත්වල මුල් පිටුවේ සඳහන් කර තිබුණේ මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශය ඔස්සේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරන බවයි. කෙසේ වෙතත්, සතිඅන්ත පුවත්පත් දෙක තවදුරටත් මුද්‍රණය වන බව වාර්තා වුවද, දිනපතා පුවත්පත් වසා දැමීමේ තීරණය සේවකයන්ට දැනුම් දී ඇත්තේ ඊයේ දිනයේදීය.

මෙම පුවත්පත් වසා දමන බවට ඇතැම් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් අදාළ තීන්දුව ගත් දිනය තුළදී ද දැන සිට නොමැත.

වාර්තා වන අන්දමට මෙම පුවත්පත්වල මාධ්‍යවේදීන්ට මාස දෙකක වැටුප් මෙතෙක් ගෙවා නොමැත. වසර ගණනාවක සිට සේවක අර්ථසාධක අරමුදල් (EPF) බැර කර නොමැති බව ද වාර්තා වෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...