මේ ඈත අතීතයට අයිති බොහොම ලස්සන පිංතූරයක්.
වර්ශය 1890-1900 අතර කාලයකටයි අයිති.
ලන්ඩනයේ ප්‍රසිද්ධ වීදියක දර්ශණයක් විදිහට අපිට හඳුනා ගන්න පුලුවන්. බැලූ බැල්මට වර්ශාව ඇදහැළුනු දවසක්.
ඉහල පැලැන්තියට හෙවත් බෝශුවාස් පන්තියට අයත් කාන්තාවන් දෙදෙනා හා පුරුෂයන් දෙදෙනා පවුල් දෙකක අඹු සැමියන් විය යුතුයි.
වැදගත් කාන්තාවන් තමන්ගෙ පුරුෂයා නැතුව මගට බහින්නෙ නෑ. ඒ තමයි උසස් සමාජයේ හැදියාව.
අපි තව ටිකක් මේ පිංතූරය අධ්‍යයනය කරමු.
පිරිමින් දෙදෙනාගේ කලිසම් .. කෝට් සහ තොප්පි කදිමයි. ඒ අයගෙ සපත්තු දිලිසෙනවා වගේම පහසුවෙන් ඇවිදින්න පුළුවන් හැඩයක් තියෙන්නෙ.
ඒත් එක්කම මේ දෙදෙනාගේ හිස්වැසුම් වැස්සට පින්නට ඔරොත්තු දෙන වර්ගයේ තොප්පි.
මේ දෙදෙනාම බොහොම පහසුවෙන් ගමන් කරනවා.
කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා වර්ණනා කරන්න තරම් ලස්සනයි. වර්ණනා කරන්නෙ අපි… ඒක වෙනම කතාවක්. නමුත් මේ දෙන්නා ගමන් කරන්නෙ කොහොමද?
වීදියේ ගලන වතුරෙන් තෙමෙන්න නැතිවෙන්න තමන්ගෙ දිග ගවුම් ඔසවාගෙනයි මේ අයට සීරුවට අඩියට තියන්න වෙන්නෙ.
ඒ අය පැලඳගෙන ඉන්නෙ අඩි උස පාවහන්. උස සපත්තු පැටලිලා වැටෙන්න බෑ.. ඒක වැදගත් කාන්තාවට ලැජ්ජාවක්.
මේ අයගෙ හිස් වැසුම් ලේස්.. මල් සැරසිලිවලින් පිරිලා.
ගෙදර ගිහින් මේ ඇඳුම් තොප්පි වේලගන්න වෙනම සටනක් කරන්න වෙනවා.
මේ ඇඳුම් පැලඳුම් ගැලපෙනවාද සාධාරණයිද කියන ප්‍රශ්ණයට වඩා වැදගත් සමාජය කොයි ආකාරයෙන් මේක දකින්නෙ කියන කාරණයයි.
1900 කියන්නෙ හිරු නොබසින අධිරාජ්‍යයේ බලවත්ම යුගය. වික්ටෝරියානු සංස්කෘතිය ඉතාම ඉහලින් පිලිගන්න කාලයක් මේ. නමුත් අද ලන්ඩනයේ වීදියක වැහි දවසක කාන්තාවන් මේ වගේ ඇඳුම් ඇඳගෙන යාවිද?
කොහොමත් නෑ. බ්‍රිතාන්‍ය හෝ බටහිර කාන්තාව තව දුරටත් ලෑස්ති නැහැ සමාජයේ හෝ ආගමේ නීතිරිතිවලින් තමන්ගෙ පහසුව මෙන්ම අයිතිය අහිමිකරනවාට.
මේ අය කල්පනා කරනවා කොහොමද පිරිමි පක්ශය මේ තරම් පහසුවෙන් ගමන් බිමන් යන්නෙත් අපි හැමතිස්සෙම මහා දිග ඇඳුම් පටලගෙන තොප්පි දාගෙන දුක්විඳින්නෙත්.
වඩා පහසු කලිසම. ඒ අය කලිසම වගේම පහසු ඇඳුම් තෝරාගන්නවා.
එමී සම්මාන උළෙලට යනවා නම් ලෝක ප්‍රසිද්ධ විලාසිතා ව්‍යාපාරිකයන්ගෙ දිග ගවුම් අඳින්න වේවි. ඒක වෙනම කතාවක්.
ඊ ලඟට ඒ අය හිතනවා පිරිමි පක්ශයට තනියම ගමන් බිමන් යන්න පුළුවන් නම් ඇයි අපිට බැරි.
නැහැදිච්ච ස්ත්‍රිය.. වීදි ගණිකාව වගේ පද අහන්න වේවි.
ඒකට කමක් නෑ වඩා වැදගත් මොකද්ද.? පද අහන්න බයෙන් ජීවත්වීමද?
තමන්ගෙ ගමන් බිමන් තමන්ට අවශ්‍ය ආකාරයට යමින් නිදහසේ ජීවත් වීමද?
මෙන්න මේ ප්‍රශ්ණ කිරීම මත බ්‍රිතාන්‍ය කාන්තාව තේරුම් ගන්නවා තමන්ගෙ නිදහස අහිමි කරලා තියෙන්නෙ සංස්කෘතියෙන් බව. තමන්ව සීමාකරලා තියෙන්නෙ සමාජයීය ආකල්ප මත බව. ආගම ඒ සඳහා සාහසිකව පාවිච්චි කරන බව ඒ අය තේරුම් ගන්නවා.
තමන්ට පනවපු අසාධාරණ සීමාවෙන් යුරෝපීය කාන්තාව ඔබ්බට යනවා. එතනින් නවතින්නෙ නැතුව ඒ ගැන ප්‍රශ්ණ කරනවා.
ONE IS NOT BORN A WOMAN, BUT BECOMES ONE.
කෙනෙක් කාන්තාවක් විදිහට උපදින්නෙ නෑ නමුත් පත්වෙනවා.
මේ කතාව කියන්නෙ බොහෝම ලස්සන අදහස් ඇති දාර්ශණිකයෙක්. මේ දාර්ශණිකයාගේ නම සිමොන් ද බෝවියේර්. ( Simone de Beauvoir 1908- 1986)
අවාසනාවකට එයා ගැහැණියක්. ඒ නිසා හේගල් හෝ නීට්ශේ ගැන කතාකරන උගත් සමාජය සිමොන් බෝවියේ ගැන දන්නෙ නෑ.
උපතේ සිටම කාන්තාව සීමාකරනවා .. නීති පනවනවා සංස්කෘතික හා ආගමික සමාජයෙන්.
ගහකට නගින්න එපා.. බයිසිකල් පදින්න එපා.. හයියෙන් හිනාවෙන්න එපා.. තනියම එලියට යන්න එපා.
සිමොන් අහනවා ඇයි ඒ?
පරම්පරා ගණනාවක් සියවස් ගණනාවක් ඔස්සෙ මේ පනවන නීතිරීති නිසා සමාජයීය කාන්තාව බිහිවෙනවා හෝ බිහිකරනවා.මේ අය බයිබලයේ වාක්‍ය වෙනස්කරනවා. කුරාණයේ වාක්‍ය තමන්ට අවශ්‍ය විදිහට අර්ථකතනය කරනවා. මේ බව කාන්තාවන් ටිකෙන් ටික තේරුම් ගන්නවා.
මෙන්න මේ ආකාරයටයි වික්ටෝරියානු සංස්කෘතිය යුරෝපයේ අවලංගුවන්නේ.
වික්ටෝරියානු සංස්කෘතිය බ්‍රිතාන්‍යයේ ප්‍රථික්ශේප වුනත් පැරණි යටත් විජිතවල තව දුරටත් බොහෝම බලවත්. වික්ටෝරියානු සංස්කෘතිකවාදීන් කාන්තාවන්ගේ කලිසම තවමත් දකින්නෙ අශ්ලීල අසභ්‍ය ඇඳුමක් විදිහට.
පංසලට යන උපාසිකාවත් පාසැලට යන ගුරුවරියත් මේ සීමාවන්වලට යටවිය යුතුමයි.
මහා වැස්සෙ තෙමීගෙන වතුර ගලන කැඩිච්ච පාරක් දිගේ සාරියත් උස්සගෙන යන ගුරුවරිය සමහරෙකට තවමත් කදිම හෙල කතක් පමණයි.
තවත් කෙනෙක්ට ඒක සෙක්ස් සිම්බල් එකක්.
ඔබ කියාවි මිහිකත නලවාලා යන ගීතය් තවදුරටත් කියන්න වෙන්නෙ නෑ.
ඒ කියන්නෙ සුරතල් ලීලාවෙන් රැළි ලෙලවා යන සුන්දර තරුණියයි මෙතනදි වැදගත් වන්නේ.
සාහිතයේදී මේ කතා ඉතාම ලස්සනයි. නමුත් මේ සාහිත්‍යයේ සමහර වර්ණනා අපිට බෑ සැබෑ ජීවිතයට ආදේශ කරන්න. කාන්තාවගේ හෝ පිරිමියෙකුගේ නිදහස සීමා කරන්න සාහිත්‍ය යොදාගන්න බෑ.
ආනන්දයෙන් ප්‍රඤ්ඤාවට මිස ආනදයෙන් සීමාවලට නොවෙයි ගමන් කලයුත්තේ.
සීත අරණේ කියන චිත්‍රපට ගීතය අද බොහොම ජනප්‍රියයි.
ඒක ලස්සන ගීතයක්.
ගැහැණිය කියනවා ලතාවක් සේ වෙලී සියොලඟ පතමි රැකවර්ණය ඔබෙන්.
ස්වාධීනත්වයක් නැති .. රැකවරණය හොයන අසරණ තරුණියගේ විලාශය බොහෝම හැඟීම්බරයි.
පිරිමියා කියනව නෙලා දෝතින් මලක් සේ ඔබ වැලඳ ගන්නෙමි විදිහට.
නෙලාගත්ත මලට මොකද වෙන්නෙ? ටික දවසකින් පරවෙනවා .. සුවඳ පාට නැතිවෙලා යනවා.
ගහක ලස්සනට පිපුනු මල ගහේම තිබුනා නම් වඩා ලස්සනයි.
නමුත් සංස්කකෘතියෙන් අපිට කියනවා.. අයිති කරගනින්.. සීමා මායිම් පනවාපන්.. පාලනය කරපන්.
මේ සාම්ප්‍රදායික රටාවට අනුව ගැහැණිය විවාහ විය යුතුයි, දරුවන් හැදිය යුතුයි. උගත් හා පාලනයේ දක්ශ ගැහැණිය වුනත් මේ සීමාවන්ට යටත්වන්න ඕනෙ.
රූමත් ශල්‍යවද්‍යවරියක් විවාහ කරගන්නා ව්‍යාපාරිකයා කියනවා රැකියාවෙන් අයින්වෙන්න ගෙදර වැඩ බලාගන්න කියලා. ඒක බොහොම වැදගත් සාම්ප්‍රදායික නියෝගයක්.
රටක් ආදරය කරන දක්ශතම නිළිය විවාහකරගන්නා ධනවත් පුරුෂයා කියනවා රඟපෑමෙන් අයින්වෙන්න. දක්ශ රූමත් නිළිය ගෙදර වැඩ කරන කීකරු භාර්‍යාව වගේම තවත් වහල් චරිතයක් පමණයි.
එතකොට විවාහයට පෙර මේ කාන්තාවන් ආදරය කරපු .. ජීවත්වූ ජීවිතවලට මොකද වෙන්නෙ?
මේ විදිහට සීමාකරන්නෙ රාජ්‍යයන් පාලනය කලහැකි.. විශාල සොයාගැනීම් කලහැකි කාන්තාවන්.
අපි නිකමට හිතුවොත් චන්ද්‍රිකා කුමාරතුංග ගැන.?
ඇයගේ නායකත්ව හැකියාව හා පෞරුශත්වය ගැන අපි දැනගන්නෙ කොහොමද ?
දේශපාලන පක්ශ කතාංදර අමතක කලොත්.. හරිනි අමරසූරිය වැඩිපුරම අපහාසයට උපහාසයට ලක්වන්නේ ඇයි.? එයා ස්වාධීන නිසා. එයාට පෞර්ශවයක් හැකියාවක් තියන නිසා. තනියම මගට බැහැලා යන්න පුළුවන් නිසා.
හරිණි තමන් කැමති විදිහට අඳින පලඳින නිසා.
එයා සමාජයේ සාම්ප්‍රදායික අසාධාරණ නීතිවලට යටවන්නෙ නැති නිසා.
අද සමාජයේ ගැහැණිය හා පිරිමියා දෙදෙනාම රැකියා කරනවා. යුරෝපා සමාජයේ බොහොමයක් පවුල්වල සතියේ දවස් තුනක් කාන්තාව ඉහුම් පිහුම් කරනවා .. දවස් තුනක් පුරුෂයා ඉවුම් පිහුම් කරනවා.
ඉරිදා දවසේ දෙදෙනාම උයනවා පිහනවා එකට. නැත්තම් කෑමකට එලියට යනවා. රෙදි හෝද.. ගෙදර පිරිසිඳු කරන වැඩ මේ දෙදෙනා සමව බෙදාගන්නවා.
සාධාරණයි.
හැබැයි මේ කතාව කීවොත් ලංකාවේ සමාජයේ නෙවෙයි ෆේස්බුක් අවකාශයෙත් වසලා හමාරයි.
මේ චෝදනාවක් නෙවෙයි. නමුත් විචාරශීලී බව ගැන අහන ප්‍රශ්ණයක්. ලංකාවේ පිරිමියා මෙන්ම ගැහැණියත් මේ සීමාවන් ස්වාභාවිකයි කියලා හිතන්නෙ ඇයි?
මේ සාම්ප්‍රදාය සංස්ක්‍රෘතික නීති රීති හැදුවෙ ඇයි .. කවුද.. කොහොමද.. කොයි කාලෙද සීමාවන් හදන්නෙ?
ඒ ගැන සිතිය යුතුයි.
ඒ ගැන ප්‍රශ්ණ කලයුත්තේ අලුත් පරපුර.
මේ ගැන වෙනම වෙන දවසක කතා කරමු.
මේ හැමදෙයක්ම ලියවුනේ ආයෙමත් සැරයක් බිකිනියක් ඇඳගෙන වැලපෙන සාම්පදායික සත්වයන් පිරිසක් අද සමාජ මාධ්‍යයේ ඇස ගැටීම මෙන්ම මේ පැරැණි පිංතූරය මතක්වීම කියන කාරණා දෙක නිසයි.
කාන්තා ඇඳුමේ රණ්ඩු සරුවල්.