ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල හෙවත් කොලීජි අතර පැවැත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලි මේ දිනවල ඇරඹෙනවා.
ආර්කන්සාස්.. ජෝර්ජියා.. කෙන්ටකි.. ෆ්ලොරිඩා.. ටෙක්සාස් ලෝන්ග් හෝර්න්ස්.. ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් .. සවුත් කැලිෆෝනියා වගේ ක්‍රීඩා කණ්ඩායම් මේ අතර ප්‍රධානයි.
එන් සී ඒ ඒ (The NCAA -National Collegiate Athletic Association) තරඟ නරඹනවානම් අපිට නිසැකවම කියන්න පුළුවන් මීලඟ ලෝක ශූරතාවලියේ
හෝ ඔලිම්පික් උලෙලේ පදක්කම් දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබඳව. එන්.සී.ඒ.ඒ තරඟාවලිය ඉතාම තරඟකාරීයි. සමහර අවස්ථාවල ලෝක මලල ක්‍රීඩා ශූරතාව තරමට ඉහල මට්ටමේ දක්ශකම් හා තරඟකාරීත්වයක් මෙහි දක්නට ලැබෙන්නෙ.
ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් (Texas A&M) ලෝක මට්ටමේ අති දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකල ආයතනයක්. කාන්තා මීටර් 800 ඇමරිකානු වාර්තාව උසුලන අතින්ග් මූ ( Athing Mu) ඔලිම්පික් රන් පදක්කම දිනාගන්නෙ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් විදිහට.
ජැමෙයිකාවේ ශැරෝකේ යන්ග්.. සිමෝන් ෆේසි ඒත් එක්කම ඇමරිකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගත් ජෙසිකා බෙයාර්ඩ්.. ජෙනබර් තාර්මෝ වැනි ක්‍රීඩිකාවන් ටෙක්සාස් නිෂ්පාදන.
ශ්‍රී ලංකාවේ උස පැනීමේ ශූරයා වූ උශාන් තිවන්ක නියෝජනය කරන්නෙත් ටෙක්සාස් කණ්ඩායම බව අපේ මිත්‍රයන්ට මතක ඇති.
ඇමරිකානු ධාවන පතයේ තරඟ වදින උස මහත ජවසම්පන්න ක්‍රීඩිකාවන් අතර මේ මුහුණ දැක්කේ අහම්බෙන්.
ලංකාවම හඳුනන තරුෂි කරුණාරත්න මෙවර ටෙක්සාස් කණ්ඩායම නියෝජනය කරමින් තරඟවැදීම සතුටට කාරණයක්. ගිය වසරේ තරුෂි නියෝජනය කරපු තුලේය්න් කොලීජියට වඩා ටෙක්සාස් ඉතාම තරඟකාරී හා ඉහල ශ්‍රේණිගතකිරීම් වලට අයත් විශ්ව විද්‍යාලයක්.
අපි ඊ ලඟට අහන ප්‍රශ්ණය මෙවර තරඟාවලියේ තරුෂිට පුළුවන් වේවිද ඉහල මට්ටමේ ජයග්‍රහණ ලබාගන්න.
අපි හැමෝම බලාපොරොත්තුවන්නේ ඇය පහසුවෙන්ම ජයග්‍රහණය කරාවි කියලයි.
ඒත් එක්කම සුපුරුදු දක්ශතා නොදැක්වූවොත් අපි අසතුටු වෙනවා විතරක් නෙවෙයි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් පවා දැඩිව විවේචනය කරනවා.
ඇයගේ විදේශ ගතවීම පවා ප්‍රශ්ණ කරනවා.
පලමුවන කාරණය වසර හතරක පුහුණු කාලයක් යටතේ තරඟවදින තරුෂිගෙන් එක්වරම ජයග්‍රහණ බලාපොරොත්තු වීම තර්කාණුකූල නොවීම.
මේ බොහොම සීරුවෙන් යන ගමණක්.
මේ පුහුණුවීම්වල ප්‍රථිඵල තව වසර දෙක තුනකින් හෝ වසර පහ හයකින් අපිට දකින්නට ලැබේවි.
දෙවනුව… ආසියානු ක්‍රීඩිකාවන්ට ඇමරිකා එක්සත් ජනපදයට එහි දේශගුණයට.. ආහාර පානවලට.. සංස්කෘතිය පුරුදුවලට හැඩ ගැහීමට ගතවන කාලය.
තමන්ගෙ පුරුදු රටෙන් .. පවුලෙන් ඈත්වෙලා පුහුණුවීම් කිරීම තරඟවැදීම ලේසි පහසු නෑ.
තුන්වෙනුව මේ තරඟාවලියේ පවතින අධික තරඟකාරීත්වය.
පහුගිය වසරේ මේ තරඟාවලියේ මීටර් 800 තරඟයේදී එල් එස් යූ විශ්ව විද්‍යාලය නියෝජනය කරන මිකායෙලා රෝස් ඉහල බලාපොරොත්තු තබාගත් ක්‍රීඩිකාවක් . ඇය වාර්ථාකල කාලය විනාඩි 1.තත්පර 58. නමුත් ඇයට ලැබෙන්නෙ හතරවෙනි තැන.
විනාඩි දෙකට අඩුවෙන් තරඟය නිමකරන ක්‍රීඩිකාවන් දහ දෙනෙක්වත් මෙවර තරඟ වදිනවා.
ස්ටැන්ෆර්ඩ් නියෝජනය කරන රොසින් විලියම්ස් ( Rossin Williams) විනාඩි 1 තත්පර 58 .1 දක්ශතාවයක් දක්වන ක්‍රීඩිකාවක්.
ආර්කැන්සාස් කණ්ඩායම නියෝජනය කරන සානු ජැලෝ ( Sanu Jallow) වැනි ක්‍රීඩිකාවන් විනාඩි 1. තත්පර 58 ට අඩුවෙන් තරඟය නිමකරන තරමට වේගවත්.
මේ තරඟ කාලයන් ශ්‍රී ලංකා වාර්ථාවටත් වඩා ඉහලයි.
විනාඩි දෙකේ මැජිකල් බැරියර් එක ( Magical Barrier of 2 minutes) හෙවත් කඩ ඉම පහු කිරීම ඉතාම අසීරු ක්‍රියාවක්.
මෙන්න මෙවැනි අති දක්ශයන් සමගයි තරුෂිට තරඟ වදින්න සිදුවන්නේ.
වැඩි දෙනෙක් අහන්නෙ තරුෂි දැන් කෝ කියන ප්‍රශ්ණය.
තරුෂිව විවේචනය කිරීම හෝ එකවරම ඉහල ජයග්‍රහණ බලාපොරොත්තු වීම සාධාරණ නැහැ කියලයි මට හිතෙන්නෙ.
ඇය ගමන පටන් ගන්නේ හෙමින්. ඒත් එක්කම තරුෂි තරඟ වදින්නේ තමන්ගෙ මුළු හදවතින්ම වගේ තමන්ගෙ උපරිම ශක්තියෙන්.
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවන් සමග තරඟ වදින ඇමරිකානු ධාවන පතයේ දකින්න ලැබෙන තරුෂි දැනටමත් දිනලා ඉන්නෙ.
මේ හෙමින් යන ගමනක්… පියවරෙන් පියවර යන දිගු ගමනක්. ඒ නිසා ඇයව විවේචනය කිරීම වෙනුවට ඇයට සුභ පැතීමයි අපි කලයුතු.

