ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ බොහෝ සංවිධානාත්මකයි

Share post:

ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ බොහෝ සංවිධානාත්මකයි.
කාලයත් සමග ක්‍රීඩාව බොහෝ තරගකාරී මෙන්ම බොහෝ සංකීර්ණ ද වී තිබෙනවා.
වත්මන් ක්‍රීඩාව වේගවත්. ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික අදියරේ එය කාලය කිසිඳු ගැටලුවක් නොවූ, ඉවසීම සහ දරාගැනීම පිළිබඳ ක්‍රීඩාවක් වුණා.
“වේගය” එහි විශේෂ සාධකයක් නොවෙයි.
එමෙන්ම වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ධනවත්. ක්‍රීඩකයන්ගේ ඉපැයීම් බොහෝ සේ පුළුල් වී තිබෙනවා.
එම නිසාම ක්‍රීඩකයන්ගේ ජීවිතය බොහෝ සේ වෙනස් වී තිබෙනවා. ඔවුන්ගේ ජීවන රටාව අතීත ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා සුඛෝපභෝගියි.
එමෙන්ම ඔවුන්ට හිමි වන පහසුකම් ආදිය සීග්‍රයෙන් වෙනස් වී තිබෙනවා.
වත්මන් ක්‍රීඩකයන්ට ‘කල්පනා’ කිරීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් එයම රාජකාරිය වූ විශ්ලේෂකයන් සහ සැලසුම්කරුවන් සිටිනවා.
ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ සෞඛ්‍ය කළමනාකරණය කිරීමටම වෙන් වූ පුද්ගලික කාර්ය මණ්ඩල සිටිනවා.
එය අතීත ක්‍රීඩකයන් සතු වූ වරප්‍රසාදයක් නොවෙයි.
ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ද බොහෝ වෙනස් වෙලා.
ඒ අර්ථයෙන් වත්මන් ක්‍රීඩකයන් අතීතයට සාපේක්ෂව තරමක ‘මෘදු’ වී තිබෙන බව බොරුවක් නොවෙයි.
එය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම පාහේ පොදු වූ ධර්මතාවයක්.
ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් වේගවත් වූවත්, සංවිධානාත්මක වූවත්, ධනවත් වූවත් එහි අතීතයට උරුමව තිබූ “දැඩි”, ‘රළු’ සහ ‘ස්වැගර්’ ස්වරූපය අහිමි ව යාම විටෙක පාඩුවක් සේ හැඟෙනවා.
මුහුණු ආවරණ කොටස නොතිබූ හිස් ආවරණ පැළඳ, ඉදිරිපස බොත්තම ගලවා, ඉතා තුනී පිති වලින්, විශාල හතරේ සීමා අතික්‍රමණය කළ පිතිකරුවන් එක් කරනා චමත්කාරය, T20 තරගයක පන්දුවාරයකට හයේ පහර කිහිපයක් එල්ල කරනා පිතිකරුවෙකුගෙන් දැකගන්නට ලැබෙන්නේ නැහැ.
දින පහක් පුරා ක්‍රීඩාගාරයක හිඳිමින්, බීර බොමින් ඉතා ඉවසීමෙන් තරගයක් නරඹන රසිකයන්ගෙන් දැකගන්නට ලැබෙනා ක්‍රීඩාශීලිත්වය T20 තරගයක පැය තුනක් තිස්සේ ඝෝෂා කරමින් ඉහළ උද්වේගකර සතුටක් ලබනා රසිකයන්ගෙන් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
වෙනස්වීම සහ පරිණාමය සෑම ක්ෂේත්‍රයකටම පොදුයි. මේ අන්දමින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් නොවූවා නම් එය ක්ෂය වී යාමටත් තිබූ බව නොදන්නවා ද නොවෙයි.
එනමුත් අතීත ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් දෑ, දැකගන්නට නොලැබීම සහ විඳීමට නොහැකි වීම එක්තරා අන්දමකින් සාංකාව මුසු වූ ශෝකයක්!

ඉරේෂාන් සිරිවර්ධන

2024- 12 -02

ඡායාරූපය – ඉයන් චැපල්. ග්‍රේග් චැපල් 1972

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...