ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට ගේන්නට තවත් ඇතුන් කීදෙනෙක් මිය යා යුතුද?

Share post:

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා ද මරණයට පත්වීමෙන් පසුව හෝ අලි-මිනිස් ගැටුමට විසඳූම් සහිතව සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් කඩිනමින් පිහිටුවන ලෙස පරිසරවේදීහු ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිති.

ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මගින් සිදු කළ දීර්ඝ අධ්‍යයනයකින් පසු මේ ක්‍රියාකාරී සැලැස්ම සකස්කරන ලදි. එම විශේෂඥ කමිටුවට ක්ෂේත්‍රයේ විශේෂඥයෝ, විද්වත්හු, අලි-මිනිස් ගැටුම සහිත ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු විෂය පිළිබඳ අත්දැකීම් ඇති පිරිසක් ඇතුළත් වූහ.

ඊයේ (28) කලාවැව ජාතික වනෝද්‍යානයට ආසන්නයේ පිහිටි ආඬියාගල, ගිගුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි වැටක ගැටීමෙන් දීඝදන්තු 1 හස්තියා මියගොස් තිබිණි. කලාවැව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ විශාලත්වයෙන් වැඩි ම දළ යුගල සහිත වයසින් වැඩඩිම හස්තියා වූයේ දීඝදන්තු ය. කලාවැව සහ කහල්ලපල්ලකැලේ අභයභූමිය ආශ්‍රිත ව මේ හස්තියා සැරිසරන ලදි.

පසුගිය කාලයේ කලා වැව ආශ්‍රිත ව පිහිටුවන ලද කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් හේතුවෙන් වසර පුරා වැවේ ජලය පුරවා තැබීමට කටයුතු කෙරිණි. මේ නිසා කලා සහ බළළු වැවි ආශ්‍රිත කුඩා වන තීරුවේ සැරිසැරීමට අලින්ට සිදු විය. පරිසරවේදීන් පෙන්වාදෙන්නේ මේ නිසා පසුගිය වසර කිහිපයේදී මේ ප්‍රදේශයේ අලි-ඇතුන් ගම් වැදීම සීග්‍රයෙන් වැඩි වූ බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවසුවේ අනවසර සහ අනාරක්ෂිත විදුලි වැට පිළිබඳව ක්‍රියාත්මක වීමට තමන්ට නීතියෙන් ඇත්තේ අවම බලයක් බවයි. එහෙත් අලියකු ඝාතනය කිරීම පිළිබඳව තමන්ට පියවර ගත හැකි බවත්, ඊට ද ඇති උපරිම දඩය වන්නේ රුපියල් ලක්ෂ 03ක් බවත් පෙන්වා දුන් එම නිලධාරියා, ලංකාවේ අලි සම්පත රැකගැනීම සඳහා නව නීති සකස් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. විදුලිබල මණ්ඩලය පවසන්නේ නිශ්චිත විදුලි මීටරයකින් විදුලිය ලබාගන්නේ නම්, එහි බරපතළ ගැටලුවක් නැති බවත්, නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීමක් වන්නේ පොදු මාර්ගවල විදුලි කම්බිවලට කොකු දැමීමේ තත්ත්වයන් බවත් ය.

Related articles

දීපිකා රුවන්මලී කොඩිකාරගේ ”මද සිනා නගන විල් දිය’

දීපිකා රුවන්මලී කොඩිකාරගේ ''මද සිනා නගන විල් දිය' කාව්‍ය සංග්‍රහයෙන් කවි දෙකක් . රුවන්මලී කොඩිකාරමෙය 2025 වසරේදි ප්‍රකාශයට...

98 වැනි ඔස්කාර් සම්මාන උළෙල – 2026 නිර්දේශ නාම ප්‍රකාශයට පත්වේ

ලෝක සිනමාවේ අග්‍රගන්‍ය තරු රාත්‍රිය වශයෙන් සැලකෙන ඔස්කාර් සම්මාන උළෙල ( 98 th Academy Awards - 2026 )98...

තිරංජනී චන්ද්‍රිකාගේ ‘පත්තම්මා’

2025 නොවැම්බර් 26 වෙනිදා තිරංජනී චන්ද්‍රිකාගෙ 'පත්තම්මා' කෘතිය දොරට වැඩියා. ඒක බොහොම චාම් උත්සවයක්. ඒත් එදා වේදිකාව මත...

ගාන්ධි සහ අම්බෙඩ්කාර් දෙදෙනා අතර පැවති විවාදය පිලිබඳව ලියවුණු අරුන්දතී රෝයිගේ කෘතිය

කේරළයට ගිය කෑරලා-2 කේරළ ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල ඉදිරිපිට නොසැලී සිටිනා තිදෙනෙකි. මැදින් සිටින්නා හිඳගත්වනමය. හේ මහත්මා ගාන්ධි ය. ඔහුට...