‘ජීවිතය කුඩා ගල් කැටයක් තරමි බරද?’ – Good One(2024)

Share post:

ජිවිතයේ තමන් ඇතුළේ තියෙන හැඟීමි තවත් කෙනෙක් එක්ක බෙදාගන්න උවමනාව ඇතිවෙන්නේ ඒ හැඟීමි කන්දරාව හුඟක් බරට දැනෙන කොට. ලොකු දුකක් වුණත් සතුටක් වුණත් ඒ දේ තව කෙනෙක් එක්ක බෙදා ගන්ක දෙපාරක් හිතන්නේ නෑ. සෑමි කියන්නේ අන්න ඒ වගේ ගැහැණු ළමයෙක්. දුක කියන හැඟීම තව කෙනෙක් එක්ක බෙදා ගන්න ළතැවේවි ඉන්න කෙනෙක්. අවුරුදු 17ක වයස ‘සෑමි’ කියන ගෑණු ළමයා තමන්ගේ තාත්තා වුනු ක්‍රිස් එක්ක සහ එයාගේ හොඳම යාලුවා වුනු ‘මැටි’ එක්ක කඳු නඟින්න යන්න සුදානමි වෙනවා. මැටි කියන්නේ සෑමි තරමි වයසේ පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. එයා දික්කසාද වුණේ ළගදි. වෙනසකටත් එක්ක මෙි ගමන යන්න මැටිට කතා කරන්නේ ක්‍රිස්. ඉතින් මෙි තුන්දෙනා කැළැවෙි ඇවිද ඇවිද කුඩාරමි ගසමින් හරිතබර පරිසරයේ සුන්දරත්වය විඳිනවා. හැබැයි සෑමිට ටිකක් මැටි කියන චරිතය එක්ක කතා කරද්දි නුහුරු නුපුරුදු ගුප්ත ගතියක් දැනෙනවා. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට සරල වෙන්න පුලුවන්. හැබැයි මෙි මැදිවියේ පසුවන මැටි විසින් සෑමිට ව්‍යංගයෙන් කියන දේවල් නිසා සෑමි අපහසුතාවට පත්වෙනවා.

ඒක තමන්ගේ තාත්තට කියුවත් එයා ඒක එච්චර ගණන් ගන්නේ නෑ. අයියෝ! ඔික ගැන එච්චර හිතන්න එපා කියලා වගේ සෑමිව සනසවනවා. මෙිකට සෑමිට අවුල් යනවා. සෑමි හිතුවෙි තාත්තා ටිකක් සෑමිට ඇහුමිකන් දීලා එයා එක්ක ඉඳිවි කියලා. සැමිට තරහා ගිහින් ට්‍රැවලින්ග් බෑග් එකත් අරන් යනවා. සෑමි එතනින් යන්නේ තරහටත් එක්ක ලොකු ගල් ගෙඩි තාත්තාගෙයි, මැටිගෙයි බෑග්වල සාක්කුවලට දාලා. ඇත්තටම සෑමිගේ හිතේ තියෙන බර තමන්ගේ තාත්තට තේරෙන්නේ නෑ. ගෑණු ළමයෙක්ගේ ඇතුළාන්තය තාත්තට තේරුම් ගන්න බැරිව යනවා. හරියට නිකං අර තාත්තගේ සහ මැටිගේ බෑග්වලට දාපු ගල් කෑලි වගේ. සෑමිගේ හිතත් පිරිලා තියෙන්නේ අර ගල් කැබලි වගේ.

සෑමි ගෙදර බිත්ති හතරින් විතැන් වෙලා දියඇලි, වනාන්තරය පිරිචිච පරිසරයකට ආවත් එයාට ඇත්තටම ජීවිතය කියන එක හරිම සැහැල්ලුවට දැනෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ඉතාම දුක හිතෙන දෙයක් හිතුණම අපි කරන්නේ ඒ මොහොත ඇතුළේ අපි වැඩිපුරම ආදරය කරන කෙනා එක්ක ඒක බෙදාගන්න උත්සාහ කරන එක. සමහරවිට ඒ දේ අපි බෙදා ගන්න කෙනාට අදාළත්වයක් නැති වුණත් අප එක බෙදාගන්නවා. එහෙම වෙන්නේ ඒ දුක අපට දරාගන්න බැරි හින්දා. ඒ දුකේ බර ⁣බෙදා ගන්න අපට තවත් ශක්තිමත් උරහිසක් අවශ්‍ය වෙනවා.

‘Good One’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘ඉන්ඩියා ඩොනල්ඩ්සන්’ කියන අධ්‍යක්ෂකවරිය. අගේ පළවෙනි වෘතාන්තමය චිත්‍රපටය විදියට “Good One’ කේන්ද්‍ර වෙන්නේ ස්ත්‍රීවාදීමය ප්‍රවෙිශයකින් නිරූපණය වෙන එක්තරා මනෝභාවයන් පෙළක්. සමහරවිට විට ඉන්ඩියාගේ පෞද්ගලික අත්දැකීමක් වෙන්නත් පුලුවන්. පිරිමි ඉස්සරහා ගැහැණු සමහර අවස්ථාවලදි වචනයකින් හරි අපහසුතාවට පත්වෙන එක වළක්වන්නට බැහැ. විශේෂයෙන් ලිංගිකත්වය ඉස්මතු කරන විදියේ සමිබන්ධ වෙචිච කාරණාවකදි.

මැදිවියේ පිරිමින් දෙදෙනෙක්⁣ගේ ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් පෙනී ඉන්නේ නැතිව සෑමි කරන්නේ තමන් වෙනුවෙන් පෙනී ඉන්න එක. එයා⁣ගේ සතුට තියෙන්නේ තමන්ගේ තාත්තගේ ළඟවත් නෙමෙයි. සෑමි කරන්නේ සතුට දකින්නේ අනෙකාගේ දෘෂ්ටියෙන් මිසක් තමන් තනිවම විඳින දෙයින් නෙමෙයි කියන එක අවසානයේ එයා තේරුම් ගන්නවා. පුලුවන් නමි මෙි චිත්‍රපටය හැමෝම බලන්න කියලා ආරාධනා කරනවා. ජීවිතය ඇතුළේ සමහර මොහොතවල්වලදි සිදුවන දේවල් පොඩි ගල් කැටයක් තරමි බරයි නේද? කියලා හිතේවි.

මලින්ත විතානගේ

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...