Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදාහැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි !

Share post:

Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව සම්පූර්ණ කරයි. මෙය මෙරට බල ශක්ති බෙදා හැරීම් ක්ෂේත්‍රයේ විප්ලවයක් කිරීමේ අරමුණෙන් සැළසුම් කර ඇති Supporting Electricity Supply Reliability Improvement Project (SESRIP) ව්‍යාපෘතියේ සුවිශේෂ සන්ධිස්ථානයකි.

ඌණ සංවර්ධිත ප්‍රදේශවල බල ශක්ති අවශ්‍යතාව සැපිරීම SESRIP ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. කිලෝමීටර් 2,372ක අව වෝල්ටීයතාවකින් සමන්විත විදුලි රැහැන් පද්ධති පුළුල් කිරීම සහ ග්‍රාමීය විදුලි සැපයුම් පද්ධති 106ක් ඒකාබද්ධ කිරීම ඊට ඇතුළත් වේ. කිලෝමීටර් 270ක සම්පූර්ණ දුර ප්‍රමාණයකින් සහ කිලෝ වෝල්ට් 33ක (33 kV) වහරු අංගන 13කින් සමන්විත එම ව්‍යාපෘතියෙන් පවුල් 35,000කට වැඩි ප්‍රමාණයකට තිරසාර විදුලි සැපයුමක් ලබා දීමට අපේක්ෂා කෙරේ. ඊට උතුර, නැගෙනහිර, ඌව, උතුරු මැද පළාත්වල ජීවත් වන පවුල් ඇතුළත් වේ.

පාරිභෝගිකයන් 493,000කට වැඩි ප්‍රමාණයකට විදුලිය සැපයීමේ ගුණාත්මක බව සහ තිරසාර බව වැඩි දියුණු කරමින් මධ්‍යම වෝල්ටීයතා ජාලය පුළුල් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. විවිධ ප්‍රදේශවල පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව ජාතික පද්ධතියට ග්‍රහණය කර ගැනීමෙන් තිරසාර බල ශක්ති ඉලක්ක සපුරා ගැනීමට උපකාර කිරීමද මෙම ව්‍යාපෘතියේ අරමුණකි. SESRI ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියන 42ක මූල්‍ය පහසුකම් සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. මෙරට ධනාත්මක වෙනසක් සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට කැප වන Ceylon Energy සහ HJT China යන සමාගම් මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කර ඇත.

මහව සිට මාඑළිය දක්වා කිලෝ මීටර් 25කින් (25 km) සමන්විත විදුලි රැහැන් පද්ධතිය මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොටස් අතරින් එකකි. එය වානේ කුළුණු 105ක ආධාරයෙන් කිලෝ වොට් 33ක (33 kV) වෝල්ටීයතාවකින් යුතු විදුලිය බෙදා හරියි. මේ තුළින් ස්ථාවර විදුලි සැපයුමක් ලැබීමෙන් ව්‍යාපාර සහ ගෘහ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යා හැකිය.

අම්පාර විදුලිය බෙදා හැරීම් පද්ධතිය සම්පූර්ණ කිරීමෙන් SESRIP ව්‍යාපෘතිය තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. අම්පාර සිට උහන දක්වා කිලෝ මීටර් 12කින් සමන්විත මෙම පද්ධතියද වානේ කුළුණු 56ක ආධාරයෙන් කිලෝ වෝල්ට් 33ක වෝල්ටීයතාවකින් යුතු විදුලිය බෙදා හරියි. එය අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් රැසක ජීවන තත්ත්වය උසස් කරයි.

“මෙය දීප්තිමත් යුගයක ආරම්භයක්. අභියෝග ගණනාවක් මධ්‍යයේ වුවත් සෑම පාර්ශ්වයක්ම මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළා. මේ ව්‍යාපෘතිය මහව සහ අම්පාර ප්‍රදේශවල ජීවත් වන පවුල්වලට වාගේම අනාගත පරම්පරාවටත් විශාල ශක්තියක්.” Ceylon Energy සභාපති මධුශංක ප්‍රනාන්දු මහතා පැවසීය. මහව සහ අම්පාර විදුලි බෙදා හැරීමේ පද්ධතිය සම්පූර්ණ කිරීම ආරම්භය පමණක් වන අතර සෑම ශ්‍රී ලාංකිකයෙකුටම විශ්වාසනීය හා තිරසාර විදුලි සැපයුමක් ලබා දීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට යනු ඇත.

Related articles

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණාඑහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.ඒ පාකිස්තාන...

බට්ටිලා සහ ලිමන්සා

නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ජය ගත්තා.ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය...

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු...

නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය සහ ආගමන විගමන පාලක මූලික අයිතිවාසිකම් කඩලා : නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ !

පරිගණක අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ලකී රන්දෙණිය, එහි සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම, අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ...