‘මිනිස්සු උපතින්ම ප්‍රචණ්ඩ නෑ. ප්‍රචණ්ඩත්වය කියන්නේ සංස්කෘතික දෙයක්’ – Horizon: An American Saga – Chapter 1

Share post:

ඇමරිකානු භූමිය කියන්නේ රතු ඉන්දියානුවන් සහ ඇපාචි වගේ ස්වදේශිකයන්ට අයිතිව තිබුණු ඔවුන් ඉතා සාමයෙන් වාසය කළ භූමියක්. හැබැයි යුරෝපීය යටත්විජිතවාදීන්ගේ ආක්‍රමණයත් එක්කම මෙි ඇමරිකානු භූමිය මුළුමනින්ම බ්‍රිතාන්‍යයන් විසින් තමන් සතු කර ගත්තා. තමන්ගේ භූමිය වගේ ඇමරිකාව පුරා ජනාවාස පිහිටුවා ගත්තා. රතු ඉන්දියානුවන් සමූල ඝාතනය කළා. ඔවුන්ට හිරිහැර කළා. හැබැයි රතු ඉන්දියානුවන් මෙි යටත්විජිතවාදීන්ට හිස නමාගෙන ඉන්න සුදානමි වුණේ නෑ.

ඔවුන් කළේ මෙි යටත්විජිතවාදීන් වගේම අතිශය ප්‍රචණ්ඩකාරී ලෙස ඔවුන්ට එරෙහිව සටන් කරපු එක. ඒ තමන්ගේ නිදහස වෙනුවෙන්. අසාධාරණය වෙනුවෙන්. රතු ඉන්දියානු ගෝත්‍රිකයන් කවදාවත් තුවක්කු දැක තිබුණේ නෑ. අඩුම තරමින් අශ්වයන් පවා රතු ඉන්දියානුවන්ට තිබුණ් නැ. ඔවුන්ට තිබුණේ දෙපය විතරයි. ඔවුන්ට ආයුධ කියලා තිබුණේ දුන්නයි, ඊතල මල්ලයි, කෙටෙිරයයි විතරයි. ඉතින් ඔවුන් අර බ්‍රිතාන්‍ය සුදු ජාතිකයන් වගේ සමූල ඝාතතනය කරන්න අමු අමුවේ මිනී මරන්න ප්‍රචණ්ඩ වූණා.

මට මෙි ටික අකුරු කරන්න සිතුවිලි අවදි කළේ මෙි අවුරුද්දේ තිරගත වුණු ‘⁣Horizon: An American Saga – Chapter 1’ හොලිවුඩ් චිත්‍රපටය. මෙි චිත්‍රපටය වඩාත් විශේෂ වෙන්න හේතු කාරණා කිහිපයක් මත. එකක් තමයි මෙි චිත්‍රපටය බටහිර ගොපලු චිත්‍රපටයක් වීම. අනෙක් කාරණාව තමයි ඇමරිකානුවන්ගේ එක පැතිකඩක් සිනමා රූපයට ගෙනත් තියෙන එක. මම අදහස් කළේ අර ඇමරිකානු භූමියේ තිබුන මිලේචජසහගත, ප්‍රචණ්ඩකාරී හැසිරීමි කොහොමද ආරමිභ වෙන්නේ? මොකක්ද? ඒකට මූලය කියන එක මෙි චිත්‍රපටය හරහා යමි ප්‍රමාණයකට නිරූපණය කරන එක.
මට චිත්‍රපටය බලල ඉවර වුණාට පස්සේ මෙහෙම දේවල් ටිකක් ඔළුවට ආවා. මිනිසුන් මෙතරමි කුරිරු වූයේ ඇයි? මිනිසුන් උපතින්ම කුරිරුයි කියන්නේ ලෝකයේ අද වෙනකොට තියෙන ජනප්‍රියතම දෘෂ්ටිවාදයක්. මිනිසුන් කෘෘරවූත් ප්‍රචණ්ඩකාමිවූත් මිලේච්ජවූත් ක්ෂීරපායි සත්ත්වයකු ලෙස අනාදිමත් කාලයක සිට හංවඩු ගසමින් යන කාරණාවක්. මනුෂ්‍ය ස්වභාවය පවතින්නේ හෝ එය වෙනස් වන්නේ අදාළ සන්දර්භය(Context) මත මිසක උප්පත්තියෙන් හෝ ජානවලින් නෙමෙයි කියන එක මානව විද්‍යාඥයෝ පවා සෑහෙන විදියට විශ්වාස කරන දෙයක්. උපකල්පනයක් වගේම ඒක දැන් පිළි අරන් තියෙන සත්‍යයක්.

උදාහරණයක් විදියට අවුෂ්විටිස් වධකාගාරයේ අමු අමුවෙි යුදෙවිවන් ගෑස් කුටිරවල දාලා මිලියන ගණනින් පුළුස්සලා දැමිමේ ඒ පවතින සන්දර්භය ඇතුළේ සිද්ධ වුණු දෘෂ්ටිවාදයක් හරහා. ඒක මනෝවිද්‍යාත්මකව පැවතුණු දෙයක්. මෙි චිත්‍රපටයේ පෙන්වන එක මෙි දෙපිරිස මි⁣ලෙචිජ වෙන්නේ ප්‍රචණ්ඩ වෙන්නේ ඉඩමි අයිති කර ගැනීම කියන සාධකය මත. යුරෝපීයෝ කරන්නේ ඇමරිකාවෙි ප්‍රාන්තවල බිමි සළකුණු කරලා ඉඩමි කටිටි කරන එක. මෙිකට රතු ඉන්දියානුවෝ කැමති නෑ. චිත්‍රපටයේ එක රූපරාමුවක අප දකිනවා යුරෝපීයන්ගෙන් එක් අයෙකු රතු ඉන්දියානුවන් ඉතාමත් බෙහෙවින් ආදරය කරන උල්පත් ජලයට මුත්‍රා කරන විදිය. මෙි දර්ශනවලින් කියන්නේ යුරෝපීයන් විසින් මෙි යටත්විජිතවාදය හරහා කරන අනර්ථයන් ගැන. සුදු ජාතිකයන් සහ රතු ඉන්දියානුගේ මෙි ගැටුම ටිකක් වෙනම විදියකින් අපිට මෙි ප්‍රචණ්ඩත්වය කියන සාධකය දිහා බලන්න යොමු කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හොලිවුඩයේ ඉන්න සමිමානනීය රංග ප්‍රතිභාවක් තියෙන කෙවින් කොන්ස්ට්නර් විසින්. ඔහුගේ මෙි චිත්‍රපටය කොටස් දෙකකට තමයි නිර්මාණය වෙන්නේ. ‘Horizon: An American Saga – Chapter 1’ වසරේ මඟ නොහැර බැලිය යුතු ඉහළ සිනමාත්මක සහ දෘෂ්ටිවාදී කියවීමකට බල කරන හොලිවුඩ් වෘතාන්තයක්.

මලින්ත විතානගේ

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...