ඉහළ ඌවේ ,ගැමි දිවිසැරිය හෙවත් ,හර්දයාංගම ආත්ම විවරණය -‘කල්කාර’

Share post:

‘නිග්‍රොයිඩ්-යුරොපියොයිඩ් මානව විද්‍යා ආකෘති හමුවන තවත් ප්‍රදේශයක් නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවයි.මෙහි ද්‍රාවිඩියන් හා සමාන මානව විද්‍යා ආකෘති අතර සංකීර්ණ වාර්ගික , අංග ලක්ෂණ දකින්නට ලැබේ.එනම් අඳුරු පැහැති මැදි – දුඹුරු සම ය.හිසෙහි සාපේක්ෂ සරැළි කෙස් ය.පරිමිතව වැඩුණු තෘතීයික සිරුරු කෙස් ය.හොඳින් වැඩුණු ඇහි බැමි වකය සහිත වූ,තරමක් බෑවුම් සහිත වැඩිතර පුළුලින් යුත් නළල් තලය ය.’
මහාචාර්ය ,එම්.එෆ්.නෙස්තූර්ක්ගේ ‘The Races Of Mankind ‘ කෘතියේ ,සිංහල පරිවර්තනය වූ ,නාරාවිල පැට්‍රික් සූරින් ගේ ‘මානව සංහතියේ වරිග ‘ කෘතියේ ඉහත උපුටනය මගින් පෙන්වා දෙන මානව ප්‍රවේශය හා බද්ධ විය හැකි බවට පැහැදිලි සිතුවමක් ඇඳ දෙන ප්‍රබන්ධම ය ජීවනාන්දරයක් වේගයෙන් කියවා අවසන් කළෙමි .

ඒ පද්මිණී ශ්‍රියාලතා නිර්මාණවේදිනියගේ ප්‍රථම නවකතාව වන ‘කල්කාර’ය.
කල්කාර ,සිතුවම් ගත කරනුයේ ,සියක් වසක් දුර ඉහළ ඌවේ ,ගැමි දිවි පෙවෙතේ දෛව සැකැස්ම ය.රස නීරස ය.ආදර-අනාදරය ය.පරම්පරා තුනකටත් එපිට සිට තෙත බරියමේ ,සීතල සන්නිපාතේ ගලා හැලෙනා උමා ඔය පාමුල මිනිස් දිවි පැවැත්මේ යශෝරාවය ය.

එහි ඇත්තේ මොනවාදැයි තෝරා බේරා කියනවා වෙනුවට නැත්තේ මොනවාදැයි නොසිතෙන පාඨකයෙකු එය කියවූ කෙනෙකු ට හමු නොවනු ඇත.
සතුට වෙනුවෙන් නැතිනම් සතුට සොයමින් අනාදිමත් කාලයක සිට දිවි ගැල අදින මිනිස් පුරුක් දාමයක කිරුළු ගිළිහෙන මොහොත ද ,දෙපා අවසඟව ආ පිට රුහුටා හමායන සුසුම් කෝඩය ද ,අඳුරු වන හේඩා දිය කඳුරු සීරා උරා පෙරා හදවත් හි තනි තනිව පැසවන ගොජ දමන වේඳනා කල්දේරම් ද කොතෙක් දැයි කිව හැකිද?

ඒවා තවන ,නිවන තනිව ම සමහන් සුව සොයන හදවත් ඇත්තෝ ද එපමණට ම එහි වෙසෙති.
අල්ලක් සිඟා නොගිය ද මල්ලක් දන්දෙන්නට උහු දෙවරක් නොසිත ති.

සුද මැදි කම්බාද ,කහට කිළි පැල්ලම් මකා සඟවාගත් පට සරොම් ද ,පාටක් වර්ණයක් නාඳුනන චීත්ත රෙදි ද එහි ද ,නැතිනම් එකල ද අඩු නැත. හාල් පොලු යුගය ද ,සංවර්ධන නාමකරණයේ දඩු අඬු ද , කුල පෙරණයේ කැත සිදුරු ද අපමණ කි.
මේ සියල්ල මධ්‍යයේ ,ඔවුහූ හුස්ම ගනිති. අත හරින්නට අපමණක් හේතු මැද ,අත නොහරින්නට හිත හදා ගනිති.
ඉහළ ඌවේ ජීවන ග්‍රහයා ,’කල්කාර’ තුළ ස්ථානගත වන්නේ එසේ ය.
පොත් කියවන අතකින් කල්කාර මග නොහැරිය යුතු යැයි සිතෙන්නේ ඒ නිසා ය.

අනුරාධා නිල්මිණි

‘කල්කාර’ -ප්‍රථම මුද්‍රණය -2024
පද්මිණී ශ්‍රියාලතා
ප්‍රකාශනය – සයුර ප්‍රකාශන
කවරය – මො.ල.සෙනෙවිරත්න

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...