ඉහළ ඌවේ ,ගැමි දිවිසැරිය හෙවත් ,හර්දයාංගම ආත්ම විවරණය -‘කල්කාර’

Share post:

‘නිග්‍රොයිඩ්-යුරොපියොයිඩ් මානව විද්‍යා ආකෘති හමුවන තවත් ප්‍රදේශයක් නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවයි.මෙහි ද්‍රාවිඩියන් හා සමාන මානව විද්‍යා ආකෘති අතර සංකීර්ණ වාර්ගික , අංග ලක්ෂණ දකින්නට ලැබේ.එනම් අඳුරු පැහැති මැදි – දුඹුරු සම ය.හිසෙහි සාපේක්ෂ සරැළි කෙස් ය.පරිමිතව වැඩුණු තෘතීයික සිරුරු කෙස් ය.හොඳින් වැඩුණු ඇහි බැමි වකය සහිත වූ,තරමක් බෑවුම් සහිත වැඩිතර පුළුලින් යුත් නළල් තලය ය.’
මහාචාර්ය ,එම්.එෆ්.නෙස්තූර්ක්ගේ ‘The Races Of Mankind ‘ කෘතියේ ,සිංහල පරිවර්තනය වූ ,නාරාවිල පැට්‍රික් සූරින් ගේ ‘මානව සංහතියේ වරිග ‘ කෘතියේ ඉහත උපුටනය මගින් පෙන්වා දෙන මානව ප්‍රවේශය හා බද්ධ විය හැකි බවට පැහැදිලි සිතුවමක් ඇඳ දෙන ප්‍රබන්ධම ය ජීවනාන්දරයක් වේගයෙන් කියවා අවසන් කළෙමි .

ඒ පද්මිණී ශ්‍රියාලතා නිර්මාණවේදිනියගේ ප්‍රථම නවකතාව වන ‘කල්කාර’ය.
කල්කාර ,සිතුවම් ගත කරනුයේ ,සියක් වසක් දුර ඉහළ ඌවේ ,ගැමි දිවි පෙවෙතේ දෛව සැකැස්ම ය.රස නීරස ය.ආදර-අනාදරය ය.පරම්පරා තුනකටත් එපිට සිට තෙත බරියමේ ,සීතල සන්නිපාතේ ගලා හැලෙනා උමා ඔය පාමුල මිනිස් දිවි පැවැත්මේ යශෝරාවය ය.

එහි ඇත්තේ මොනවාදැයි තෝරා බේරා කියනවා වෙනුවට නැත්තේ මොනවාදැයි නොසිතෙන පාඨකයෙකු එය කියවූ කෙනෙකු ට හමු නොවනු ඇත.
සතුට වෙනුවෙන් නැතිනම් සතුට සොයමින් අනාදිමත් කාලයක සිට දිවි ගැල අදින මිනිස් පුරුක් දාමයක කිරුළු ගිළිහෙන මොහොත ද ,දෙපා අවසඟව ආ පිට රුහුටා හමායන සුසුම් කෝඩය ද ,අඳුරු වන හේඩා දිය කඳුරු සීරා උරා පෙරා හදවත් හි තනි තනිව පැසවන ගොජ දමන වේඳනා කල්දේරම් ද කොතෙක් දැයි කිව හැකිද?

ඒවා තවන ,නිවන තනිව ම සමහන් සුව සොයන හදවත් ඇත්තෝ ද එපමණට ම එහි වෙසෙති.
අල්ලක් සිඟා නොගිය ද මල්ලක් දන්දෙන්නට උහු දෙවරක් නොසිත ති.

සුද මැදි කම්බාද ,කහට කිළි පැල්ලම් මකා සඟවාගත් පට සරොම් ද ,පාටක් වර්ණයක් නාඳුනන චීත්ත රෙදි ද එහි ද ,නැතිනම් එකල ද අඩු නැත. හාල් පොලු යුගය ද ,සංවර්ධන නාමකරණයේ දඩු අඬු ද , කුල පෙරණයේ කැත සිදුරු ද අපමණ කි.
මේ සියල්ල මධ්‍යයේ ,ඔවුහූ හුස්ම ගනිති. අත හරින්නට අපමණක් හේතු මැද ,අත නොහරින්නට හිත හදා ගනිති.
ඉහළ ඌවේ ජීවන ග්‍රහයා ,’කල්කාර’ තුළ ස්ථානගත වන්නේ එසේ ය.
පොත් කියවන අතකින් කල්කාර මග නොහැරිය යුතු යැයි සිතෙන්නේ ඒ නිසා ය.

අනුරාධා නිල්මිණි

‘කල්කාර’ -ප්‍රථම මුද්‍රණය -2024
පද්මිණී ශ්‍රියාලතා
ප්‍රකාශනය – සයුර ප්‍රකාශන
කවරය – මො.ල.සෙනෙවිරත්න

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...