වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී වදන් මෙහි ඇරඹුමට ගැලපේ යයි සිතමි. ඒ සිසුවිය පැමිණියා පියා නැති හෙයින් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මිතුරාගෙන් ආර්ථික සහනයක් අපේක්ෂාවෙනි. එවිට මගේ මිතුරා ඇගෙන් අම්මා කුමක් කරන්නේදැයි ඇසීය.
අම්මා නිකං ඉන්නවා සර්. ඇගේ පිළිතුරයි.
නිකං ඉන්නවා, එතකොට ගෙදර උයන්නෙ කවුද?
අම්මා.
ගේ අස් කරන්නෙ?
අම්මා
රොචි හෝදන්නෙ?
අම්මා.
එතකොට අම්මා මොකද තරන්නෙ?
නිකං ඉන්නවා සර්.
අනුසාර මාහිංගොඩගේ කාව්‍ය? එකතුවේ එන අම්මා ගෙදරට වෙලා කරන්නෙ මොනවද යැයි ඇසූ දරුවන්ට තාත්තා කියූ කතාව නම් කවිය මට සිහිපත් කළේ ඒ අතීත සංවාදයයි. ලාංකීය සමාජයෙහි කාන්තාවන්ගේ ගෘහස්ථ ‘ලයිටරේ සුළඟට විසි කළා’ – අනුසාර මාහිංගොඩ වටිනාකමක් තැබෙන්නේම නැති තරම්ය. ඒ සියල්ල ගෑනු වැඩ ලෙස වර්ග කරනු ලදුව සැහැල්ලුවෙන් අමතක කර දැමෙයි. එකටම උදේ වැඩට යන පිරිමියා සහ කත යළි ගෙදරට ආ පසුව මුහුණ දෙන තත්වය වරෙක ලක්ශාන්ත කවියා සිතුවම් කළේ වැටඩ ඇරි වැඩට යති ගැහැනු යනුවෙනි.
අනුසාර පියකු සහ දරුවන් අතර වන සංවාදයක් පදනම ලෙස ගෙන මේ අමතකව යන කාන්තා මැදිහත්වීම ගැන සාකච්ඡා කරයි. එහිදී ඔහු සියුම් ලෙස ගෘහයක පතිනියකගේ භූමිකාවේ සංකීර්ණත්වය අපට ගෙනහැර දක්වයි.
ඇගෙ අතින් බිත්ති කඩතොලු වහන විට
මං ගෑව සුදු හුණු පමණක්ම නුඹලා දැක්ක
සාගෙ ටීපෝව උඩ මල් ගොඩක් හිනස්සා තිබ්බ
ඇන්තූරියම් බාබන්ඩේසියා වැදුවෙ ඒ අත්වලින් දරුව
අපට මුව දඩයමේ ගිය තිස්ස රජුගේ පුවත ඉතා සමීපය. මහින්දාගමනය සහ තිස්සගෙන් ඇසූ පැණ පරම්පරා ගණනාවක සාහිත උරුමයකි. එහෙත් අනුසාර ඒ ඇසුරින්ම නව කවක් නිමවයි. ඒ තිස්ස මුවා මැරුවා යනුවෙනි. එහෙත් මේ තිස්ස යනු නූතන රාජ්යි පාලනයේ බලය විදහන තිස්ස කෙනෙකි. ඔහු නිරූපණය කරනුයේ වර්තමාන පාදඩ දේශපාලනයයි. මේ තිස්සද මුවෙක් මරයි. එහෙත් ඒ දඩයම වෙනස්ම එකකි. ඔහුට අනුව මුවා රැලෙන් මගහැරී වග වළසුන් අතරට වැටී නොමග ගොසිනි. අර ගිරවුන් දෙදෙනාගේ කතාවෙහි පරිදිමය. දැන් නරක ඇසුරට වන් මුවා සමාජ යහපත වෙනුවෙන් ඝාතනය කළ යුතු යයි රාජ නියෝගයය. ඉදින් මුවා අවසන් ගමන් යනුයේ ආයුධ පෙන්නන්නට ගොසිනි. අනුසාර සිය කවිය මගින් නූතනයේ අප හමුවේ ඇති , සමාජයද නිහඩවම අනුමත කරනා නීත්යාගනුකූල ඝාතනයක පුවත අප හමුවේ තබයි. මේ අනුසාර කවිය එය පවසනා ආකාරය පිළිබඳ කදිමට අත්හදා බලන අවස්ථාවකි.
මෙයද අනුසාර කතකගේ භූමිකාවෙහි වෙනස් පැත්තක් විමසන ආකාරයයි. සමාජ ආකල්ප එක් පසෙකද අනෙක් පස මනුෂ්යනත්වය, ගෘහ වගකීම් සහ කුටුම්භ ජීවිතය තබා ඔහු අපට කෙටි කවියක් තුළ දිගු කතාවක් පවසන්නට සමත් වෙයි.
වෙසඟන
පාවහන් ගලවා
නිවසට ඇතුළු වෙයි
ගෘහණිය
ගෝවා සුප් සාදයි
රෝගී සැමියාට
අනුසාර සිය කවියට සමකාලීන ජීවිතයේ නොපෙනෙන ක්ෂුද්ර අංශු ගෙන එන්නට තැත් කරයි. එහිදී ඔහු වඩාත් බර තබනුයේ පාඨක පරිකල්පනයට ඉඩ දෙන ව්යං ගාර්ථවත් බසකටය. ඒ බස හරහා ඔහු පාඨක පරිකල්පනය කෙරේ වැඩි බරක් තබයි. සිත්තම නමින් එන කවියේදී ඔහු පංති සමාජයෙක කලාවේ නග්න පැතිකඩක් මතු කර දක්වයි.
සිත්තරා ඇන්ද ටවුමක
බිල්ඩිම් ම පමණයි හිනැහෙන
උරිස්සෙන් බර ඔසවන
කැහැටු සිරුරැති පියවරු
බාල වත්සුණු තවරගත්
සිරුර විකුණන මව්වරු
දුටුවේ නෑ අහුමුලු වල
අනුසාරගේ කවියෙහි ඇති එක් අඩුවක් වනුයෙ ඔහු කවියෙහි රිද්මය බිඳ දමමින් විටෙක අදහස්මය ප්රිකාශනයන් වෙත සීමා වීමය. ඒ වෙනුවට කාව්යාෙත්මකබව කෙරෙහි වැඩි විශ්වාසයක් තබමින් සිය නිර්මාණය ගොඩ නැංවූවේ නම් ඒ කවියෙහි සංවේදනා මවනා ගුණය තවත් වර්ධනය කළ හැකිය.
ලෝකයම වර්තමානයේ මුහුණ දෙමින් සිටිනා එක් ගැටළුවක් වනුයේ වර්ධනය වන වැඩිහිටි ජනගහනය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව සලසා ලීමය. ලංකාවද වර්තමානයේ මේ ගැටළුවට මුහුණ දෙමින් සිටී. පෙර පැවති එකට බැඳුන පවු දැන් ඇත්තේ විසිර යමිනි. ආර්ථික අහේනිය සියළු සම්බන්ධතා මානවීය ගුණ සුනු විසුනු කර දමයි. අනුසාර නිවසේ තනිව හිඳිනා මවක ඇසුරින් මේ ගැන අවධානය යොමයි. සොල්දරෙන් ඇසෙන හඩ යන කවිය ඒ වෙනුවෙනි.
සෑම අතකින්ම සමාජයක් බිඳ වැටෙන කළ සාහිත්යම සහ කලාව යනු අවශ්යසතා ලැයිස්තුවේ පහලම කොනෙනුත් පහලට වැටෙන දෙයකි. ලංකාවෙ පුවත්පත්හී පෙර සාහිත්යනයට තිබූ ඉඩ දැන් අහිමිය. ඒ වෙනුවට ඇත්තෙ වාණිජකරණයට ලක්වූ සමාජයකට ඇවැසි තරග මං තීරු පමණි. උත්කර්ෂයට නැගෙනුයේ තරගයමය. මිනිස් අධ්යාිතමය යන්න තවදුරටත් වැදගත් නැති. ජාතික පුව.ත්පතකින් කවි පිටුව ගැලවෙයි යනුවෙන් අනුසාර විමසනුයේ ඒ පරිහාණිගත තත්වයයි.
පත් කා දළඹුවන් සුහුඹුළන්ව
සමනලුන් වූ
මල් පැණි බොමින් මත්ව බිඟුවන්
සැරිසැරූ වනය
අල්විස්ලා ජි බී ලා සිරී ලා සේකරලා
මොනිකලා ආව ගිය
පරාක්රාමලා රණවීර ලා රත්න ශ්රීු ලා
නන්දන ලා පාවලර්ලා බැලූ තැන
හෙටත් කඩදාසි පිටුවෙන් පිටුව පෙරලෙයි
බෂෝ එලියට් තිගෝර් කකෙයි නම්
මුණගැසෙන්නට නොලැබෙයි….
අනුසාර සිය කවියෙහිදී තම අදහස වඩාත් මට සුමට කරන පිණිස පරිසර සංකේත කැඳවන්නට උත්සුක වන අයුරක් දැකිය හැකිය. ඔහු එහිදී පක්ෂින් තුරු ලතා සංකේත ලෙස ගනිමින් සමකාලීන ජීවිතයේ විවිධ ඉසවු කවියට කැඳවයි. සිනාසෙන පැණි කුරුල්ලා යනු එවන් ව්යාලයාමයන්ට උදාහරණ සපයන අවස්ථාවකි.
ලංකාවේ බෙහෙවින් ආකර්ෂණීය සංචාරක කලාපයක් වන ආරුගම්බෙ කවියට නිමිත්තක් කර ගනිමින් අනුසාර මනුෂ්යා ජීවිතයේ විවිධ හැඩතල, හැසිරීම් මෙන්ම මිනිස් ක්රිතයාකාරකම් හමුවේ අගාධයට ඇදෙනා පරිසරයද වදනින් යළි ගොඩ නංවයි. එහිදී ඔහු විවිධ අවස්ථා සහ චර්යාවන් හරහා මිනිස් ජීවිතය මෙන්ම එහි ඇති සියුම් ස්ථානයන් අල්ලන්නට තැත් දරයි.
අත වනන මරණය කරා පීනන
යෞවනයන් රැසති විසිල් හඩ නොතකන
ලුනු දියට තෙමෙන පියයුරක
රස උරා ගන්නා මහල්ලෙකි
ගිලෙන මතුවන ෆුට් බෝලයකි
ඉලන්දාරියෙකු අතින් ගිලිහුණු
අනුසාර යනු කල් ගනිමින් කවිය හා ගනුදෙනු කරන්නෙකි. ඔහු ඒ කල් ගැනීමේදී තමන්ගේම කවි මගක් තනන්නට හෙමිහිට උත්සාහ දරයි. ඒ කාර්යයේදී තව තවත් සිය කවිය සහ එහි රිද්මය ගැන සිතන්නේ නම් වඩා සාර්ථක කවියක් නිර්මාණය කරන්නට ඔහුට හැකියාව ලැබෙනු ඇත