රසිකාගේ හරි අපුරු ‘‘ කොළඹ වැස්ස ““

Share post:

වර්ණ රසිකා ගුණවර්ධන සහ මම එකිනෙකට වෙනස් මතයන් සහ කණ්ඩායම් නියෝජන කරන චරිත දෙකක් ඒක සංස්කෘතිමය සමාජීය හා දේශපාලණමය තත්වයන්වලිදිත් එහෙමම තමා.. නමුත් ඇයට ආදරය කරන්න මට ඒක වැටක් නෙවි. ඒක වැටක් වුනත් ඇය අතින් ලියවෙන වචනපේලි ඒ වැට ගලවල විසික් කරනව. අපි ඇගේ ඒ වචන පේලි වලට කියනව කවි කියල. ඒව මොනවගේ කවිද කියනවනම් දක්ෂ රචකයෙකුට පවා පිටු තුන්හාරසීයකින් කියල දනවන්න සිද්ධ වෙන යමක් ඇයට පුලුවන් ඇය ලියනව ඇගේම රිද්මයට පේලි පහකින් හයකින් . ඒව පහරදෙන්නෙ කියවන්නාගේ පපුවටමයි හැබැයි ඒවයෙ කඳුළු නෑ මොකද ඇය ඒව අපිට කියන්නෙ අපේ ඔලුව අතගාමින්.ඉතින් මේ විෂ්මයජනක ගැහැණියත් මාත් අතර වැටක් තියෙනවනම් ඒක ගලවල විසික් වෙන්නැද්ද ?.

ඇගේ වචන හරිම හරි සරලයි. ඇය කවදාවත් වචන වලින් හරඹ කරන්න යන්නෙ නෑ. ඒව ඔහේ ලියවෙන පුංචි දරුවෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් ඔනෑම කවුලුවකින් රිංගා යන්නෙ ඒ නිසයි. නමුත් ඇගේ සරල වචන තුල මහා ගැඹුර දකි්න්න ඔබට ඇගේ කවිය එකවරක් නෙවි දෙවරක්ම කියවන්න සිද්ධවෙනව. ඊට පස්සෙ ඔබ දකිනව මෙි වචනවල හැංගිලා තිබුණ අපි හීනෙකින්වත් හිතුවෙ නැති අතිශය පුද්ගලික කාරණ, සමාජමය පැතිකඩවල් සහ ඒවායේ ඇති ගැඹුරු දේශපාලනය ,. ඉති්න් අපි හිතන්න ගන්නව මෙි යක්ෂ ගෑණි මොනතරම් නම් සැහැල්ලුවටද මේක ලියල තියෙන්නෙ. මොනවගේ ගෑනියෙක්ද මෙයා.එයා දන්නෙත් නැ එයා ලියල තියෙන්නෙ දේශපාලනික හා සමාජමය නිබන්ධනයක් කියල.

ඔවු රසිකා කොළඹ ජීවත්වෙන ටයි කෝට් දාගත්තු එවුන්ට වැස්සක් නෙවී සුළි සුළගක් ආවත් ගානක් නෑ. උන් යන්නෙ එන්නෙ හිරිකඩ පාරක්වත් නොවැදි උන්ගෙම කාර්වල. උන්ගෙ ගෙවල් වැස්සට කැළණි ගග ගැලුවම ගහගෙන යන ඡාතියේ ඒව නෙවි.උන්ට වැස්සකට ගෙදර අඹු දරුවො තෙමෙනව කියන එක නිකන් සුරංගනා කතාවක් . අපේ එවුන් තමයි නන කැඩිචිච කබල් කුඩෙි අරන්

බාගෙට තෙමි තෙමී පුලුවන් විදිහට හාල් පොල් ටික අරන් ගෙදර දුවන්නෙ. බස් එකේ ෆුඩිබෝඩ් එකේ හොදටම නෑවිලා යන ගමන් හිතන්නෙ දරුවො තෙමෙනවද දන්නෙ නෑ,. අරයට තෙමෙන තැන්වලින් බඩු මුට්ටු එහාට මෙහාට ඇද ගන්න අමාරුද පුලුවන්ද දන්නෙ නෑ, හෙට ඉස්කෝලෙ යන්න ළමයිනගෙ ඇදුමි වෙිලගන්න බැරිවෙයි. ඔන්න ඔහොම ! ඔවු රසිකා මෙි තමයි ඔයාගෙ හැඩය. මෙි තමයි ඔයාගෙ විදිහ මෙි තමයි ඔයාගෙ කවිය. ඒව සමාජමය, දේශපාලණමය, පන්තිමය වෙන්නෙ ඔයාවත් නොදැනුවත්ව. ඉති්න් අපි ඔබට ආදරය නොකර ඉන්නෙ කොහොමද වර්ණා !

උපාලි ජයසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...