උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

Share post:

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිට ඇත්තේ කුප්‍රකට කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල සමග ඔහුට අයත් මාලඹේ බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නිවසක බව පොලිසිය තහවුරු කරයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ නීතිවිරෝධී ලෙස කෝමාරිකා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව තාඹුගලට චෝදනා එල්ල වී තිබේ.

මේ සහකාර පොලිස් අධිකාරිවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පෙර විදේශගත වී තිබිණි. ඉන්පසු ඔහු අපේක්ෂිත ඇප අයැදුම්පතක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එය අධිකරණය ප්‍රතික්ෂේප කර තිබිණි.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...