උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

Share post:

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිට ඇත්තේ කුප්‍රකට කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල සමග ඔහුට අයත් මාලඹේ බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නිවසක බව පොලිසිය තහවුරු කරයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ නීතිවිරෝධී ලෙස කෝමාරිකා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව තාඹුගලට චෝදනා එල්ල වී තිබේ.

මේ සහකාර පොලිස් අධිකාරිවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පෙර විදේශගත වී තිබිණි. ඉන්පසු ඔහු අපේක්ෂිත ඇප අයැදුම්පතක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එය අධිකරණය ප්‍රතික්ෂේප කර තිබිණි.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...