” මම අකමැතිම දේ තමයි ” හිමිකම ” ඒ කියන්නෙ කාට හරි අයිතිවෙලා ඉන්නවයි කියන එක ” – කැතරින් ක්ලිෆ්ටන්

Share post:

අන්තෝනි මින්ග්හෙල්ලාගේ The English Patient –

මට ඒක චිත්‍රපටියක් නෙවෙයි . සට සට ගාල කදුලු වැක්කෙරෙන දිගම දිග දුක්බරම කවි පන්තියක් .
සමහර මිනිස්සුන්ගෙ ජීවිත තියෙනව පටන්ගැන්මත්, ගලායාමත්, අවසානයත් කදුලුවලින්ම අහවර වෙන. ඉතින් මට හිතුන ඒ වගේ කතාවක අවසානය ගැන විතරක්ම කියන්න.

එංගලන්ත රාජකීය භූ විද්‍යා සංගමගේ ගවේශකයන්ට සිද්ධ වෙනව දෙවැනි මහා ලෝක යුද්ධය පටන් ගත්තු නිසා අප්‍රිකාවේ සහරා කතාන්තරයේ සියලු ගවේෂනයන් නතර කරන්න. ඒ කණ්ඩායමේ නායකය László Almásy තමයි 1933 දි ලෝක ප්‍රසිද්ධ සහරා ලෙන් බිතුසිතුවම Cave of Swimmers හොයාගත්තෙ. තම කණඩායමේ ඔක්කොමල ගියාට පස්සෙ අල්මාසි නවතිනව තමන්ගෙ පෙම්වතිය කැතරිනා එයාව එක්කන් යන්න එනකන්. නමුත් කැතරිනා ආපු පුංචි ගුවන් යානය ඔහු අසලම කඩා වැටිල කුඩු පටිටම් වෙනව. කැතරිනාගේ කොදු ඇට පේලිය සහ මැනික් කටු වලින් කැඩුනු බිදුණු සිරුරත් ඔසවාගත්තු අල්මාසි ලෙන් ගුහාවක ඇයව නිදිකරවනව.

” මේ අහන්න කැතරිනා ඔයාගේ මුලු ඇගම කැඩිල බිදිල. මම පයින්ම ගිහිල්ල වාහනයක් හොයාගෙන එන්නම් ඔයාව එක්කන් යන්න. ඕන නම් දවස් 3 ක් යයි. එතකන් ඔයාට වතුර තියෙනව. කෑම තියෙනව. කලුවර නැතිවෙන්න ටෝච් එකක් තියෙනව.”
” රත්තරනේ ඔයා මට පොරොන්දු වෙනවද මාව එක්කන් යන්න එනව කියල ? මොකද මට කාන්තාරෙක මැරෙන්න බෑ. මම හැම තිස්සෙම හිතුවෙ මගේ මරණය වෙරළ අයිනෙ තියෙන මගේ ලස්සන ගෙදර තැනින් තැන මල් පිපුණු වත්තෙ මට ආදරය කරපු මිනස්සු එයාල ගීතිකා ගයමින් මාව වළ දමයි කියල ”
” වස්තුවෙි මම පොරොන්දු වෙනව මිට පස්සෙ මම කවාදාවත් ඔයාව දාල යන්නෙ නෑ කියල. මම ආපහු එනකන් ඔයාට කියවන්න මගේ මුලු ඡිවිත කතාවම ලියපු පොත මම තියල යනව. ඔයාට හිතෙයි ඒක හෙරෝඩොටස්ගෙ ඉතිහාස කත‍ාවක් වගේ කියල. හැබැයි ඒකෙ අලංකාරය තියෙන්නෙ ඔයා ඇදපු චිත්‍රවලයි ”
අවසාන සිපගැන්මත් එක්ක අපිට පේනව අල්මාසි පුංචි වතුර බෝතලයකුත් අතේ තියාගෙන කාන්තාරෙ මැද්දෙ දුවනව. මෙහෙම කියමින්.
” අල්මාසි ඉක්මන් කරපන්. එයාට වතුර තියෙන්නෙ දවස් 3 කට විතරයි. ඉක්මන් කරපන් අල්මාසි උඹ පරක්කු වුනොත් උඹේ වස්තුව මැරෙයි ”
අල්මාසි කාන්තාරය දවස් 3 ක් තිස්සෙ දුව දුව තරණය කලත් දෙවන ලෝක මහා යුද්ධය පටන් ගත්තු නිසා කාන්තාරය දිහාට ඇහැ ගහගෙන හිටපු මිත්‍ර හමුදාවට ඔහු කොටුවෙනව. කොච්චර කිවිවත් උන් අල්මාසි කියන එක ගණන් ගන්නෙ නෑ මොකද අල්මාසිට තියෙන්නෙ ජර්මන් උච්චාරණය සහිත හංගේරියානු නමක්. උන් හිතන්නෙ අල්මාසි ඡර්මන් ඔත්තු කාරයෙක් කියල. උන් මිනිහව හිර කූඩුවකට දානව. මේ අතර කැතරීනා අර අදුරු ගුහාවෙ මියයමින් ඉන්නව.

එයා අවසාන ටෝච් එලියෙන් අල්මාසි දුන්නු පොතේ ඇය ඇදි සිතුවම් මත යමක් කුරුටු ගානව ඇගේ අප්‍රාණික අතින්. දුවිල්ල වැදිල ඒ මතින් කදුලු දහරා ගලාගිය පාරවල් පැහැදිලිව පේන විඩාපත් මුහුණෙන්.

” මගේ වස්තුවේ මම ඔයා එනකන් බලන් ඉන්නව. මට මැරෙන්න බෑ. ඒත් කලුවරේ ඉන්න කොට දවස හරි දිගයි. මට දැනෙන්නෙ ඔයා ගිහි්ල්ල
හරියට අවුරුද්දක් වගේ. ඒ එක්කම මගේ මුලු ඇගම දවල්ට කරවෙන්න වේලෙනව. රාත්‍රියට ගල්වෙන්න සීතල වෙනව.. මට මතක් වෙනව මම ශරීරයට දා ගත්තු විවිධ රසයන්. ඒ එක්කම ඔයා මගේ ශරීරයට ඇතුල් වුනාට පස්සෙ මම විදි තෘප්තිමත් මොහොතවල්. ඊටත් පස්සෙ ගංගාවක් වගේ මගේ මනසට ගලාගෙන එනව අපි කරපු වැරදි. මොකද අල්මාසි මම අනුන්ගෙ ගෑණියෙක්. ඔයා ඒ බව දන්නව ඔයා දොයිය ගත්තෙ බබෝ ඔයාගෙ යාලුව පණ වගේ ආදරේ කරපු එයාගෙ ගෑණි එක්ක. ඒව හරියට මෙි අදුරු ගුහාව වගේම නීචයි. මට අඩි කීපයකට එහායින් තියෙනව ආලෝකය. ඒත් මට එතනට යන්න ශක්තිය ඉතිරිකරල නෑ මගේ ඉරණම. ඒක හරියටම පෘතුවියේ ආලෝකය දැක දැක අදුරෙ ඉන්න නියම කරල තියෙන අපේ සමහර මිනිස්සුනගෙ නියත දෛවය වගේ කෘෘරයි. මෙි ලෝකේ රටවල් කියන්නෙ සිතියමි වල ලකුණු කරපු සීමා මායිමිවත්, ඒව පාලනය කරපු බලවත් එවුන්ගෙ නමිවත් නෙවෙයි අල්මාසි. රටවල් කියන්නෙ අපි. මෙි ඔයා සහ මම. ආදරය කරන වෙිදනා විදින මෙි අපි ! .අපි මැරෙනව අල්මාසි ! අපි මැරෙන්නෙ අදුරෙ වෙන්න පුලුවන් ඒත් අපි මැරෙන්නෙ එකිනෙකා පුර්ණ ආදරය ලබපු තෘප්තිමත් මිනිස්සු විදිහටයි. අන්න ඒකයි වැදගත්ම දේ වස්තුවෙි ඊටත් වඩා මිනිහෙකුට තව මොනවද ඔනෙ. රත්තරනේ ”

කැතරිනාගේ ආදරණීය අල්මාසි නැවත කැතරිනාව හොයාගෙන කාන්තාරයට එනව අපිට පේනව. ඒත් එයා එනකොට එයාගෙ වස්තුව මැරිල. අල්මාසි ඉකි ගගහ අඩමින් මොනවදෝ තමන්ටම කියාගනිමින් ඇයව වඩාගෙන ඔහු අරන් ආපු අර පුංචි ගුවන් යානයේ විවෘත වා කවුලුවට හේත්තු වෙන්න ඇයව ඉදිරි අසුනෙ ඉන්දවනව. ඊට පස්සෙ අපිට පෙන්නනව පුංචි ගුවන් යානාව තුල ගුවනෙ ඇස් පියාගෙන යන කැතරිනාව. ඇගේ රන්වන් පාට කෙහෙරැලි හුළගට විසුරවමින් . හරියට එයා විනෝද චාරිකාවක් ගිහි්ල්ල මහන්සියට නින්ද ගිය සුරංගනාවියක් වගේ.
දන්නවද චිත්‍රපටිය පටන් ගන්නෙ අන්න ඒ දර්ශනයෙන්.

පසු සටහන .
ඔස්කාර් සම්මාන 09 ක් සහ තවත්ත්‍ ජාත්‍යන්තර සම්මාන 47 ක් ගත්තු The English Patient චිත්‍රපටිය ලංකාවෙ ඉපදිලා දැන් කැනඩාවෙ පදිංචි වෙලා ඉන්න මයිකල් ඔන්ඩච්චි කියන ලේඛකයගෙ නවතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද්දක්. ඔස්කාර් සම්මාන 1997 හොදම සහාය නිළියට ලැබුනෙ ඒකෙ හැනාගෙ චරිතය කරපු ජුලියට් බිනෝචේට වුනාට මට හිතෙන්නෙ ඒ සම්මානය ලැබෙන්නෙ තිබුනෙ ඒකෙ කැතරින් ක්ලිෆ්ටන් ගෙ චරිතය කරපු ක්‍රිස්ටීන් ස්කොට් තෝමස්ට. ඇය ඒ තරමට ඒකෙ විශිෂ්ඨයි. මේක මගේ මතයක් විතරයි

ප්‍රදීප් පීරිස්

Related articles

‘ලයිටරේ සුළඟට විසිකළා’ – අනුසාර මාහිංගොඩ

වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී...

ඉහළ ඌවේ ,ගැමි දිවිසැරිය හෙවත් ,හර්දයාංගම ආත්ම විවරණය -‘කල්කාර’

'නිග්‍රොයිඩ්-යුරොපියොයිඩ් මානව විද්‍යා ආකෘති හමුවන තවත් ප්‍රදේශයක් නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවයි.මෙහි ද්‍රාවිඩියන් හා සමාන...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින් වැසුණු අපුරු නවකතාවක් මෑතකදී කියවන්නට ලැබුණි. ඒ විෂ්ණු වාසුගේ...

එදා වේල මේකට හරියන්නෑ : අපේක්ෂකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය රහසක් වෙන්න බෑ – ආචාර්ය ශම්මික ලියනගේ

ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී විද්වත් සංවාදවලදී නිරන්තරයෙන් මතුවන මාතෘකාවකි, රටක විදේශ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන ප්‍රශ්නය. ජනාධිපතිවරණයට...