සමකාලීන දිනේෂ් චන්දිමාල් සහ ජෝ රූට් අතර එතරම් වෙනසක් නිර්මාණය වන්නේ ඇයි ?

Share post:

1990 වසරේ උපත ලද ජෝ රූට් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයෙකි. එමෙන්ම කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකි.
2012 වසරේ ටෙස්ට් වරම් දිනා ගත් ඔහු ටෙස්ට් තරග 144 ක් ක්‍රීඩා කර තිබේ.
1989 වසරේ උපත ලද දිනේෂ් චන්දිමාල් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙකි.
2011 වසරේ ටෙස්ට් වරම් දිනා ගත් ඔහු ටෙස්ට් තරග 80 ක් ක්‍රීඩා කර තිබේ.
සමකාලීන ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රීඩා කළ තරග අතර මෙතරම් වෙනසක් නිර්මාණය වූයේ ඇයි ?
එංගලන්ත කණ්ඩායම මේ වසර තුල ටෙස්ට් තරග 9 ක් ක්‍රීඩා කර තිබේ.
එමෙන්ම මේ වසර තුල ඔවුන්ගේ ටෙස්ට් කැලැන්ඩරයේ තවත් තරග අටක් ඉතිරිව පවතියි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම 2024 වසරේ ටෙස්ට් තරග 17 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දැනට ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග තුනක් පමණයි.
එමෙන්ම මෙම වසර තුළ ඔවුන් තවත් ටෙස්ට් තරග හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2024 වසරේ හිමිව ඇත්තේ ටෙස්ට් තරග නමයක් පමණයි.
ලෝක ටෙස්ට් ශූරතාවලිය නොවන්නට එය තවත් අඩුවීමට තිබුණා.
දිනේෂ් චන්දිමාල් සහ ජෝ රූට් අතර එතරම් වෙනසක් නිර්මාණය වන්නේ කණ්ඩායම් දෙක වසරක් තුළ ක්‍රීඩා කරන ටෙස්ට් තරග ප්‍රමාණයේ පවතින මේ දැවැන්ත වෙනස නිසයි.
වයසින් සහ ටෙස්ට් වරම් ලැබූ දිනය අතින් දිනේෂ් චන්දිමාල් ජේෂ්ඨයකු වූවත්, අත්දැකීම් අතින් ජෝ රූට් ඔහුට වඩා දෙගුණයක් අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්.
එය තරමක කණගාටුදායක තත්ත්වයක්.
මේ රටාව අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු බිහිවේ දැයි යන්න පවා සැක සහිතයි.
යම්කිසි රටක ක්‍රිකට් ක්‍රීඩාව නොනැසී පවතින්නටත්, එහි සැබෑ ක්‍රීඩාශීලීත්වය ඊළඟ පරපුරට උරුම වීමටත් ඔවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීම අනිවාර්යයි.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රමයෙන් වියැකෙන ජාතියක ක්‍රිකට් ක්‍රීඩාව පියවරෙන් පියවර නැසී යාම පුදුමයක් නොවෙයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

      2024. 08. 26

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...