සමකාලීන දිනේෂ් චන්දිමාල් සහ ජෝ රූට් අතර එතරම් වෙනසක් නිර්මාණය වන්නේ ඇයි ?

Share post:

1990 වසරේ උපත ලද ජෝ රූට් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයෙකි. එමෙන්ම කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකි.
2012 වසරේ ටෙස්ට් වරම් දිනා ගත් ඔහු ටෙස්ට් තරග 144 ක් ක්‍රීඩා කර තිබේ.
1989 වසරේ උපත ලද දිනේෂ් චන්දිමාල් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙකි.
2011 වසරේ ටෙස්ට් වරම් දිනා ගත් ඔහු ටෙස්ට් තරග 80 ක් ක්‍රීඩා කර තිබේ.
සමකාලීන ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රීඩා කළ තරග අතර මෙතරම් වෙනසක් නිර්මාණය වූයේ ඇයි ?
එංගලන්ත කණ්ඩායම මේ වසර තුල ටෙස්ට් තරග 9 ක් ක්‍රීඩා කර තිබේ.
එමෙන්ම මේ වසර තුල ඔවුන්ගේ ටෙස්ට් කැලැන්ඩරයේ තවත් තරග අටක් ඉතිරිව පවතියි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම 2024 වසරේ ටෙස්ට් තරග 17 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දැනට ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග තුනක් පමණයි.
එමෙන්ම මෙම වසර තුළ ඔවුන් තවත් ටෙස්ට් තරග හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2024 වසරේ හිමිව ඇත්තේ ටෙස්ට් තරග නමයක් පමණයි.
ලෝක ටෙස්ට් ශූරතාවලිය නොවන්නට එය තවත් අඩුවීමට තිබුණා.
දිනේෂ් චන්දිමාල් සහ ජෝ රූට් අතර එතරම් වෙනසක් නිර්මාණය වන්නේ කණ්ඩායම් දෙක වසරක් තුළ ක්‍රීඩා කරන ටෙස්ට් තරග ප්‍රමාණයේ පවතින මේ දැවැන්ත වෙනස නිසයි.
වයසින් සහ ටෙස්ට් වරම් ලැබූ දිනය අතින් දිනේෂ් චන්දිමාල් ජේෂ්ඨයකු වූවත්, අත්දැකීම් අතින් ජෝ රූට් ඔහුට වඩා දෙගුණයක් අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්.
එය තරමක කණගාටුදායක තත්ත්වයක්.
මේ රටාව අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු බිහිවේ දැයි යන්න පවා සැක සහිතයි.
යම්කිසි රටක ක්‍රිකට් ක්‍රීඩාව නොනැසී පවතින්නටත්, එහි සැබෑ ක්‍රීඩාශීලීත්වය ඊළඟ පරපුරට උරුම වීමටත් ඔවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීම අනිවාර්යයි.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රමයෙන් වියැකෙන ජාතියක ක්‍රිකට් ක්‍රීඩාව පියවරෙන් පියවර නැසී යාම පුදුමයක් නොවෙයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

      2024. 08. 26

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...