2026 අයවැය : ආණ්ඩුව ලණුවක් කාලා –  ගොවීන්ට උගුලක් අටවලා : චින්තක රාජපක්ෂ, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Share post:

2026 අයවැය ගොවි ජනතාවට ඇටවූ උගුලක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ සඳහන් කලේ රජයට උපදෙස් දෙන ආර්ථික උපදේශකයින් රජයට ලණුවක්  දී ඇති බවයි.  ඒ් අනුව සැකසූ අයවැයක් වත්මන් ජනාධිපතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, මෙම රජයට බලයට පත් කළ  ගොවි ජනතාවගේ අපේක්ෂා  මෙම අයවැය තුළ නිරූපනය නොවන බවත් රාජපක්ෂ මහතා මෙහි දී පැවසීය.

මෙරට කෘෂිකර්මාන්තයේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරනවා වෙනුවට තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, හෝ  වෙනත් ව්‍යාපාරිකයින්ගේ අරමුණු සාක්ෂාත් වන අකාරයට මෙවර අයවැය සකසා ඇති බව මෙහි දී අණාවරණය කෙරිණ.  නිෂ්පාදන පිරිවැය, වෙළඳ පල, සහ මිල ආදි වූ ගොවියාගේ ප්‍රශ්න අමතක කර දමා ඉදිරිපත් කර ඇති අයවැයකින් ගොවියාට ලැබෙන සහනයක් නොමැති බව චින්තක රාජපක්ෂ මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙවර  අයවැයෙන් ගොවීන් බලාපොරොත්තු වූ දේවල් වෙනුවට ව්‍යාපාරික පන්තිය සතුටු කිරීමේ අයවැයකින් සැබෑ සංවර්ධනයක් කරා ගමන් කළ නො හැකි බව ද මෙහි දී රාජපක්ෂ සඳහන් කළේ ය. ගොවියාගේ ඉඩම් අයිතිය ආරක්ෂා කර දෙනු වෙනුවට  එම ඉඩම් ඩැහැ ගැනීමට මෙම අයවැය මඟින් ව්‍යාපාරිකයින්ට අවස්ථාව සලසා ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණ. මෙම අයවැය මඟින් කෘෂිකර්මාන්තය සඳහා ඉදිරිපත් කර ඇති ණය යෝජනා ක්‍රම,  අරමුදල් ගොඩනැගීම, ණය ලබා දීම ආදී පැලැස්තර විසදුම්  කිසිවක් ප්‍රායෝගික ව ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත්  නොවන බව  මෙහි දී වැඩිදුරටත්  පෙන්වා දුන්නේ ය. සහන පොලිය යටතේ ණය ලබා දීමෙන් පමණක් කෘෂිකර්මාන්තයේ සැබෑ  අර්බුදය විසඳා ගත නො හැකි බව මෙහි දී වැඩිදුරටත් අණාවරණය කෙරිණ.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේ දී ක්‍රමය වෙනස් කිරීමට යම් කාලයක් ඉල්ලා සිටි බවත්, ගොවියන් ඇතුළු මෙරට පොදු ජනතාව එම කාලය ලබා දී ඉවසීමෙන් බලා සිටි බවත් මෙහි දී ඔහු පෙන්වා දුන්නේ ය. නමුත් සිය දෙවන අයවැය තුලින් වත්  මෙරට ගොවීන්ගේ සැබෑ තත්වය ආමන්ත්‍රණය කිරීමට  නො හැකි වීම ඉතා බරපතළ තත්වයක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි. මෙවැනි තත්වයක් යටතේ රජයට එරෙහිව ගොවීන් පාරට බැසීම වැළැක්වීමට  රජයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වනු ඇති බව ද චින්තක රාජපක්ෂ මහතා  පැවසීය.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සභාපති ටෙරන්ස් ගාමිණි, සහ එහි ලේකම් සුජීවා ප්‍රියදර්ශනී ද මෙහිදී අදහස් දැක්වීය. 

Related articles

දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම !

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ මහා හානියෙන් පසු රජය ජීවිත, රැකියා සහ යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් සිටී. ජනාධිපති...

තරුණ ජනමාධ්‍යවේදීන් පොලිස්පතිට නීතිය මතක් කර දෙයි !

අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට පොලිසියට බලය නැති තත්ත්වයක් තුළ, අම්බුළුවාව පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමට...

නිර්ලජ්ජිත උත්සාහයන් අත්හැර මාධ්‍ය නිදහස වෙනුවෙන් වැඩ කරන්න – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට කියයි !

පොලිස් රාජ්‍යයක බලය ස්ථාපිත කිරීම තුළින් මාධ්‍ය මර්දනයේ ආණ්ඩුවේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහයන්ගෙන් වැළකී මේ රටේ...

මහවැලි ගං කොමළිය තම සුපුරුදු ගමන්මග හෙළිපෙහෙළි කරගෙන ද ?

පසුගිය ඉරිදින ( 2025 - 12 - 21 ) සැදෑවේ අපි තවත් සහනාධාර ද්‍රව්‍ය -වගයක් බාරදීම පිණිස ගන්නෝරුවේ...