ලෝක ඉතිහාසයේ නොවිසඳුණු අභිරහසක්

Share post:

ප්‍රංශයේ ඔලිම්පික් උත්සවය එක්කම 2004 දි ජර්මනියේ සිද්ධ වෙච්චි ක්‍රීඩාවට සම්බන්ධ එක්තරා අභිරහසක් ගැන DW රූපවාහිනියේ කතාවෙනවා. මේක එක්තරා අභිරහස් අතුරුදන් වීමක්.

මේ අත්භූත සිද්ධිය වුණේ ජර්මනියේ බැවේරියා ප්‍රදේශයේ. බැවේරියාවේ ක්‍රීඩා සමාජ සමඟ සුහද අත්පන්දු (Handball) තරඟ කිහිපයකට 23 දෙනෙකුගෙන් යුතු විදේශීය ක්‍රීඩක කණ්ඩායමක් ගෙන්වා ගෙන තිබුණා. ඒ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයොත් හරිම අත්භූතයි. Handball team එකක් වුණාට උන් සෙල්ලම් කළේ චග්ගුඩු ගහනවා වගේ. බෝලය එල්ල කළේ බිම ඉඳන් පොල් කඩනවා වගේ. උන්ට ආරාධනා යවාපු ක්‍රීඩා නිලධාරිනුත් ඔලුවෙ අත් දෙක ගහන් බලන් හිටියා. හරිම භයානක ක්‍රීඩා විලාශයක් තමයි තිබුණේ.

කොහොම හරි ඊ ළඟ දවසෙ උදෑසන තිබ්බ මැච් එකට විදේශ ක්‍රීඩා කාන්ඩායම ආවෙ නෑ. හෝරා දෙක තුනක් බලන් ඉඳලා නිලධාරීන් ක්‍රීඩකයො නතර වෙච්චි හෝටලයට ගියා. ක්‍රීඩකයො 16 දෙනයි නිලධාරීන් 7 දෙනයි ඔක්කොම අතුරුදහන් වෙල තිබුණා.

ඔවුන්ට ආරාධනා කරපු බැවේරියානු ක්‍රීඩා බලධාරීන් තුෂ්ණිම්භූත වුණා. ඔවුන්ගේ හිත ගැස්සිලා ගියා. මුලින් ඔවුන් හිතුවේ ව්‍යායාම කරන්න ගිහින් අසළ කැලෑවේ අතුරුදහන් වූ බව. අනේ ඒ අසරණයන් ත්‍රස්තවාදීන් පැහැර ගත්තාද? නැත්නම් කලින් දවසේ පාරවල් හොයා ගන්න බැරිව අතරමං වුණාද? නැත්නම් තඩි ගෝරිල්ලෙකු විසින් ගිල දැම්මාද?

පසුව ඔවුන් කාමර සෝදිසි කරද්දී ක්‍රීඩා භාණ්ඩ, ජර්සි ඔක්කොම කාමරවලම තිබුණා. ඒ අතරෙ ලියුම් කරදහියකුත් ලියල තිබුණා.
“අපි ප්‍රංශයට යනවා. ලබාදුන් ආගන්තුක සත්කාරයන්ට බොහොමත්ම ස්තුතියි..!”

ශ්‍රී ලංකාවේ ජාතික අත්පන්දු කණ්ඩායමම මෙසේ හදිසියේ අතුරුදහන් වීම ගැන ඔවුන් වික්ෂිප්ත වුණා. ඇත්තටම තාම ඒක ඔවුන්ට අභිරහසක්.
පසුව බලධාරීන් අනුමාන කළා ශ්‍රී ලංකා ජාතික අත්පන්දු කන්ඩායම ප්‍රංශය හරහා ඉතාලියට ගිය බව. ඔවුන් සෑහෙන්න කළකිරීමට පත් වුණා. ක්‍රීඩකයන් ඔවුන්ගේ කිලිටි ඇඳුම් පවා කාමරවල දමා ගොස් තිබුණා.

පසුව ජර්මනියේ ක්‍රීඩක හුවමාරු වැඩසටහනේ ප්‍රධානියා ක්‍රීඩා හුවමාරුව එතැනින්ම නතර කළා. “
“අපොයි.. නැවත කිසිම දවසක ලංකාවට එවැනි අවස්ථාවක් දෙන්නෙ නැහැ.” ඔහු DW රූපවාහිනියට කියනවා.

පසුව ජර්මානු ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ ගැන විමසීමක් කළා. ඉතාලි විදේශ අමාත්‍යංශයත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා. මැක්කාගෙ කතාව වගේ ලෝකයේ වෙන අද්භූත සිදුවිම්වලට මාත් කොහෙන් හරි සම්බන්ධ වෙලා තියෙනවා. මං ඒ වන විට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළා. ශ්‍රී ලංකාවට ජාතික අත්පන්දු කණ්ඩායමක්වත් නොමැති බව ශ්‍රී ලංකා නිලධාරීන් සනාථ කළාම ඔවුන්ගේ ඇස් උඩ ගියා. ඒ අවුරුද්දේ අන්තිමට ආපු සුනාමිටත් එක්ක මේව කාටත් අමතක වුණා.

ප්‍රසන්න විතානගේ හා ඉතාලි ජාතික උබෙර්තෝ පැසලෝනි එක්ව “මචං” චිත්‍රපටය හැදුවෙ මේ අහිරහස ගැන තමයි.

ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...