ලෝක ඉතිහාසයේ නොවිසඳුණු අභිරහසක්

Share post:

ප්‍රංශයේ ඔලිම්පික් උත්සවය එක්කම 2004 දි ජර්මනියේ සිද්ධ වෙච්චි ක්‍රීඩාවට සම්බන්ධ එක්තරා අභිරහසක් ගැන DW රූපවාහිනියේ කතාවෙනවා. මේක එක්තරා අභිරහස් අතුරුදන් වීමක්.

මේ අත්භූත සිද්ධිය වුණේ ජර්මනියේ බැවේරියා ප්‍රදේශයේ. බැවේරියාවේ ක්‍රීඩා සමාජ සමඟ සුහද අත්පන්දු (Handball) තරඟ කිහිපයකට 23 දෙනෙකුගෙන් යුතු විදේශීය ක්‍රීඩක කණ්ඩායමක් ගෙන්වා ගෙන තිබුණා. ඒ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයොත් හරිම අත්භූතයි. Handball team එකක් වුණාට උන් සෙල්ලම් කළේ චග්ගුඩු ගහනවා වගේ. බෝලය එල්ල කළේ බිම ඉඳන් පොල් කඩනවා වගේ. උන්ට ආරාධනා යවාපු ක්‍රීඩා නිලධාරිනුත් ඔලුවෙ අත් දෙක ගහන් බලන් හිටියා. හරිම භයානක ක්‍රීඩා විලාශයක් තමයි තිබුණේ.

කොහොම හරි ඊ ළඟ දවසෙ උදෑසන තිබ්බ මැච් එකට විදේශ ක්‍රීඩා කාන්ඩායම ආවෙ නෑ. හෝරා දෙක තුනක් බලන් ඉඳලා නිලධාරීන් ක්‍රීඩකයො නතර වෙච්චි හෝටලයට ගියා. ක්‍රීඩකයො 16 දෙනයි නිලධාරීන් 7 දෙනයි ඔක්කොම අතුරුදහන් වෙල තිබුණා.

ඔවුන්ට ආරාධනා කරපු බැවේරියානු ක්‍රීඩා බලධාරීන් තුෂ්ණිම්භූත වුණා. ඔවුන්ගේ හිත ගැස්සිලා ගියා. මුලින් ඔවුන් හිතුවේ ව්‍යායාම කරන්න ගිහින් අසළ කැලෑවේ අතුරුදහන් වූ බව. අනේ ඒ අසරණයන් ත්‍රස්තවාදීන් පැහැර ගත්තාද? නැත්නම් කලින් දවසේ පාරවල් හොයා ගන්න බැරිව අතරමං වුණාද? නැත්නම් තඩි ගෝරිල්ලෙකු විසින් ගිල දැම්මාද?

පසුව ඔවුන් කාමර සෝදිසි කරද්දී ක්‍රීඩා භාණ්ඩ, ජර්සි ඔක්කොම කාමරවලම තිබුණා. ඒ අතරෙ ලියුම් කරදහියකුත් ලියල තිබුණා.
“අපි ප්‍රංශයට යනවා. ලබාදුන් ආගන්තුක සත්කාරයන්ට බොහොමත්ම ස්තුතියි..!”

ශ්‍රී ලංකාවේ ජාතික අත්පන්දු කණ්ඩායමම මෙසේ හදිසියේ අතුරුදහන් වීම ගැන ඔවුන් වික්ෂිප්ත වුණා. ඇත්තටම තාම ඒක ඔවුන්ට අභිරහසක්.
පසුව බලධාරීන් අනුමාන කළා ශ්‍රී ලංකා ජාතික අත්පන්දු කන්ඩායම ප්‍රංශය හරහා ඉතාලියට ගිය බව. ඔවුන් සෑහෙන්න කළකිරීමට පත් වුණා. ක්‍රීඩකයන් ඔවුන්ගේ කිලිටි ඇඳුම් පවා කාමරවල දමා ගොස් තිබුණා.

පසුව ජර්මනියේ ක්‍රීඩක හුවමාරු වැඩසටහනේ ප්‍රධානියා ක්‍රීඩා හුවමාරුව එතැනින්ම නතර කළා. “
“අපොයි.. නැවත කිසිම දවසක ලංකාවට එවැනි අවස්ථාවක් දෙන්නෙ නැහැ.” ඔහු DW රූපවාහිනියට කියනවා.

පසුව ජර්මානු ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ ගැන විමසීමක් කළා. ඉතාලි විදේශ අමාත්‍යංශයත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා. මැක්කාගෙ කතාව වගේ ලෝකයේ වෙන අද්භූත සිදුවිම්වලට මාත් කොහෙන් හරි සම්බන්ධ වෙලා තියෙනවා. මං ඒ වන විට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළා. ශ්‍රී ලංකාවට ජාතික අත්පන්දු කණ්ඩායමක්වත් නොමැති බව ශ්‍රී ලංකා නිලධාරීන් සනාථ කළාම ඔවුන්ගේ ඇස් උඩ ගියා. ඒ අවුරුද්දේ අන්තිමට ආපු සුනාමිටත් එක්ක මේව කාටත් අමතක වුණා.

ප්‍රසන්න විතානගේ හා ඉතාලි ජාතික උබෙර්තෝ පැසලෝනි එක්ව “මචං” චිත්‍රපටය හැදුවෙ මේ අහිරහස ගැන තමයි.

ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...