තරුෂිගේ කුළුඳුල් ඔලිම්පික් සිහිනය සාක්ෂාත් වුණු වගයි

Share post:

මලල ක්‍රීඩා අරඹන දෙවැනි දවසෙදි මීටර 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් තරුෂි කරුණාරත්න තරග වදිනවා. මේ ඇයගේ පළවෙනි ඔලිම්පික් එක.
6 වෙනි Heat එක තරුෂි කරන්නෙ. ඒකේ ප්‍රතිවාදීන් එක්ක බැලුවම Quota එක අනුව තරුෂි එන්නෙ 48 වැනියට. ඒ කියන්නේ අගිස්සෙන්. එකක් ඒක..ඕකෙ ලිස්ට් එකේ පෙන්නනවා.

අනිත් එක මේ අවුරුද්දේ දක්ෂතා අනුව ගත්තම ජැමෙයිකන් Goule World Ranking 5. Allie Wilson 10 වෙනියා. Claudia 21, ස්විට්සර්ලන්තයේ Weero 20, ඉතාලියෙ Bello 41, සහ Odira 51.

ඒ නිසා ප්‍රේක්ෂකයන් මේ තරග ඒ දැනුම ඇතිව බලන එක හොඳයි. මොකද අපේ ක්‍රීඩිකාවක් මෙහෙම තරග කරන එක සහ ඔවුන් තමන් පෞද්ගලික දක්ෂතාවන් දක්වන එක තමයි අපේ බලාපොරොත්තුව වෙන්න ඕනේ. අනිත් එක මේ අත්දැකීම් … අනාගතයට ලොකු ආයෝජනයක්.
ඉතින් මේ ක්‍රීඩිකාවන් ගේ තරග වලට උපරිම සහයෝගය දීලා දිරිමත් කිරීම රටේ ප්‍රේක්ෂකයන් ගෙ වගකීම.

මොකද ගියවර යුපුන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මුල් වටයේදී දැක්වූ දක්ෂතා විවේචනයට ලක් කළා. දැන් වෙද්දි ප්‍රේක්ෂකයන්ට ඒ ගැන අවබෝධය ඇති කියලා මම විශ්වාස කරනවා.ඉතින් මතුවට එහෙම නොවෙන්න මේ පෝස්ට් එක දැම්මේ ප්‍රේක්ෂකයන්ට……

විවෘත මනසින් ඔවුන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් ඔබ ලබා දෙන ශක්තිය අති මහත්….
ඉතින් තරුෂි … රට වෙනුවෙන් ඔබේ උපරිමය දෙන්නට සුබ පැතුම්….

(වෙලාව සිකුරාදා රෑ 11.15- ලංකාවට)

චතුර රණසිංහ (fb)

Related articles

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...