ලෝක ඔලිම්පික් ඉතිහාසයේ කළු පැල්ලමක්..!!

Share post:

ඉතාලිය බොක්සිං ශූරියක වන Angela Carini මෙවර #Paris2024 සඳහා එන්නේ සිය රට වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා දීමේ අරමුණ ඇතිවයි.

නමුත් ඇයගේ සියලු සිහිනයන් තප්පර 46ක් තුළ බිඳ වැටෙන්නේ ඉතාමත් අවාසනාවන්ත සහ සාධාරණය කළ නොහැකි තත්ත්වයක් නිසා.
හේතුව කිව්වොත් ඇන්ජෙලාට තරඟ කරන්න සිදුවන්නේ සංක්‍රාන්තික ලිංගිකත්වයක් සහිත ක්‍රීඩකයෙකු සමඟයි.

තවත් පැහැදිළිව කිව්වොත් පිරිමි ක්‍රීඩකයෙක් සමඟයි. ඒ තමයි Imane Khelif කියන ඇල්ජිරියානු ක්‍රීඩකයා. මෙයා පිරිමි ක්‍රීඩකයෙකු කියලා මං කිව්වේ 2023 වසරේ පැවති කාන්තා බොක්සිං ශූරතාවය සඳහා සංක්‍රාන්තික ලිංගිකයෙකු ලෙස සිය ලිංගිකත්වය කාන්තාවක් බව පවසමින් Imane සහභාගී වෙනවා.

නමුත් එම තරඟාවලියේ සංවිධායකයන් විසින් Imane ට තරඟ වදින්න ඉඩ ලබාදෙන්නේ නැහැ. ඒකට හේතුව Imane කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්වෙලා කිව්වත්, ඔහුගේ Testosterone (පි​රිමි හොමෝන) ඉහළ මට්ටමක පැවැතීමත්, XY chromosomes මට්ටම නිසායි. ඒ අනුව Imane හට කිසිදු ආකාරයකින් කාන්තා බොක්සිං ශූරතාවය සඳහා ක්‍රීඩා කරන්න ඉඩ ලබාදෙන්නේ නැහැ..

නමුත් මේ සියල්ල ඉවත දමමින් IOC (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව) මේ ක්‍රීඩකයාට පැරිස් ඔලිම්පික් සඳහා තරඟ කරන්න අවස්ථාව ලබාදෙන්නේ සියලු දෙනා මවිතයට පත් කරමින්.

ඒ අනුව 66Kg බරපංතියේ බොක්සිං තරඟයේ දී Imane විසින් Angela ව ඉතාමත් පහසුවෙන් පරාජයට පත් කරන්නේ තප්පර 46ක් වගේ කෙටි කාලයක් තුළදී. මොකද Angela ට Imane ගේ දැඩි පහරවල් දරා ගන්න තරම් හැකියාවක් නැහැ..

මේ සිදුවීමෙන් පස්සේ Angela බොක්සිං වළල්ල තුළ දරාගත නොහැකි සංවේගයකින් හඬා වැටෙන අයුරු දකින්න ලැබුණා. ඒ වගේම ඇය විසින් මේ සිදුවීමෙන් පස්සේ සිය බොක්සිං දිවියට සමුදෙන බවත් ප්‍රකාශ කරලා..

තමා කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්ව ඇති බවට ඔප්පු කිරීමට පවා නොහැකි වූ පිරිමි ක්‍රීඩකයෙකු කාන්තා තරඟයකට සහභාගී කරවීමටත් එමඟින් කාන්තා ක්‍රීඩිකාවකට සිදුවූ අසාධාරණය පිළිබඳවත් මේ වෙද්දී අන්තර්ජාලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ IOC එකට දැඩි චෝදනා රැසක්ද සමඟිනි, මොකද IOC එකේ නීතියක් නැති බව පැවසෙනවා මෙයාලාට කාන්තා තරඟ සඳහා තරඟ කරන වළක්වන්න.
ඒ වගේම Imane ට තරඟ වදින්න පුළුවන් කියලා එයාලාගේ රටවල Boxing Federation වලින් Clear කරලා IOC එකට දැනුම් දී ඇති බවයි තවදුරටත් සඳහන් වෙන්නේ.

වැරද්ද කාගේද?
මෙවැනි දෙයක් ඔබ අනුමත කරනවාද?
අදාළ අවස්ථාවේ Video එක පහතින්,

සංජේ රණවක

https://web.facebook.com/GeekSanjayR/videos/1508145620066364

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...