සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි !

Share post:

ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන  එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව  සමුපකාර දින සැමරුම් පා ගමන්,  මහ ජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ ජන රැළි ඇතුළු විවිධ වැඩසටහන්වලින් සමන්විත වූ අතර එහිදී දිවංගත සමුපකාරිකයන් සිහිපත් කිරීම හා ඔවුන් වෙත පිං පැමිණවීමද සිදු කෙරිණි.

‘සමුපකාරය හරහා සැමට යහපත් අනාගතයක් ගොඩනඟමු’ යන තේමාව මුල් කර ගනිමින් ගාල්ල, මාතර, කුලියාපිටිය, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශ මූලික කර ගනිමින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන්වලදී ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීමේ අරමුණට අමතරව සමුපකාරයෙන් සිදු වන සේවා පිළිබඳව මහ ජනතාව දැනුවත් කරමින් රටේ සංවර්ධනයට සමුපකාර සංකල්පය ප්‍රශස්ත අයුරින් භාවිත කිරීම සඳහා ජනතාව දිරි ගන්වන ලදී. මාර්ගගත ක්‍රමයට සණස සාමාජිකයන් අමතමින් ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය.

“මෙවර ජාත්‍යන්තර සමුපකාර දිනය ‘සමුපකාරයෙන් ජනයාගේ අනාගතය යහපත් අකාරයට ගොඩනඟමු’ යන තේමාවට අනුව සැමරීම ඉතා කාලෝචිතයි. ඉන්දියාව, චීනය සහ ජපානය වැනි දියුණු රටවල් තම රටෙහි සංවර්ධනය වෙනුවෙන් සමුපකාරය සාර්ථකව උපයෝගී කර ගෙන තිබෙනවා. දේශපාලන බලපෑම්වලින් තොර සමුපකාරයක් අප රට තුළ ස්ථාපිත කීරීමට එවැනි රටවල් කදිම උදාහරණයක්.”

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...