සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි !

Share post:

ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන  එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව  සමුපකාර දින සැමරුම් පා ගමන්,  මහ ජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ ජන රැළි ඇතුළු විවිධ වැඩසටහන්වලින් සමන්විත වූ අතර එහිදී දිවංගත සමුපකාරිකයන් සිහිපත් කිරීම හා ඔවුන් වෙත පිං පැමිණවීමද සිදු කෙරිණි.

‘සමුපකාරය හරහා සැමට යහපත් අනාගතයක් ගොඩනඟමු’ යන තේමාව මුල් කර ගනිමින් ගාල්ල, මාතර, කුලියාපිටිය, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශ මූලික කර ගනිමින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන්වලදී ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීමේ අරමුණට අමතරව සමුපකාරයෙන් සිදු වන සේවා පිළිබඳව මහ ජනතාව දැනුවත් කරමින් රටේ සංවර්ධනයට සමුපකාර සංකල්පය ප්‍රශස්ත අයුරින් භාවිත කිරීම සඳහා ජනතාව දිරි ගන්වන ලදී. මාර්ගගත ක්‍රමයට සණස සාමාජිකයන් අමතමින් ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය.

“මෙවර ජාත්‍යන්තර සමුපකාර දිනය ‘සමුපකාරයෙන් ජනයාගේ අනාගතය යහපත් අකාරයට ගොඩනඟමු’ යන තේමාවට අනුව සැමරීම ඉතා කාලෝචිතයි. ඉන්දියාව, චීනය සහ ජපානය වැනි දියුණු රටවල් තම රටෙහි සංවර්ධනය වෙනුවෙන් සමුපකාරය සාර්ථකව උපයෝගී කර ගෙන තිබෙනවා. දේශපාලන බලපෑම්වලින් තොර සමුපකාරයක් අප රට තුළ ස්ථාපිත කීරීමට එවැනි රටවල් කදිම උදාහරණයක්.”

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...