පොලිස් රංගනය ගැන පොලිස් කොමිසමෙන් පොලිස්පතිට නියෝගයක් !

Share post:

මාධ්‍ය ඉදිරිපිට සැකකරුවකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් කොළඹ දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති රංගන මාරපන ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

සති දෙකක් තුළ මේ වාර්තාව ලබාදෙන ලෙසත්, ඉන්පසු එම නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. පසුගිය 11දා රැස්වූ අවස්ථාවේ කොමිසමේ සාමාජිකයන් මේ තීරණය ගෙන ඇත.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සිද්ධිය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ පාපොච්ඡාරණයක් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්වීම ආන්දෝලනයට තුඩු දුන් කරුණක් විය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සැකකරුවන් මාධ්‍ය මගින් අනාවරණය කිරීමේ ඇති ගැටලු සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත ද යොමුකර තිබිණි.

එම නිර්දේශවලට අනුව පොලිස්පති නිල කාර්යාලය මගින් සියලුම පොලිස් ස්ථාන ප්‍රධානීන්ට යොමුකර ඇති ලිපියක දැක්වෙන්නේ සැකකරුවන් සහ ඔවුන් පවසන කරුණු ප්‍රසිද්ධ කිරීම එම අපරාධ නඩුවලට අගතිදායක ලෙස බලපාන බවයි. මේ නිසා එවැනි දේ නොකරන ලෙස ද හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් උපදෙස් දී තිබිණි.

එම සියල්ල නොතකා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිස මෙසේ කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත ය.

Related articles

කාන්තා ඇඳුමේ රණ්ඩු සරුවල්

මේ ඈත අතීතයට අයිති බොහොම ලස්සන පිංතූරයක්.වර්ශය 1890-1900 අතර කාලයකටයි අයිති.ලන්ඩනයේ ප්‍රසිද්ධ වීදියක දර්ශණයක් විදිහට අපිට හඳුනා ගන්න...

​පාවුලෝ කොයියෝ: තමාගේ “පෞද්ගලික පුරාවෘත්තය” හඹා ගිය මිනිසාගේ කතාව

ඔහු නීතිඥයෙකු වීමට අකමැති වීම නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව මානසික රෝහලක සිර කර විදුලි සැර ප්‍රතිකාර ලබා දුන්හ....

අප තවමත් පොත් කියවනවාද? සාහිත්‍ය උළෙලවල් පොත්පත් ජීවමානව තබා ගන්නේ කෙසේද?

සාහිත්‍ය උළෙලක් නිර්වචනය වන්නේ එහි ප්‍රේක්ෂකාගාරයෙනි. සංවිධායකයින්, කථිකයින් හෝ සංග්‍රහ කරන්නන් ඕනෑම අයෙකු ආදේශ කළ හැකි වුවද, පාඨකයින්...

විදේශ සංචාර, නාට්‍ය කලාව සහ රාජ්‍ය අනුග්‍රහය

බුද්ධික දමයන්ත සහ චාමික හත්ලහාවත්ත නාට්‍යකරුවන් දෙදෙනාගේ නාට්‍ය දෙකක් ඉන්දියාවේ දිලි නුවර ජාත්‍යන්තර නාට්‍ය උලේලකට තේරී තිබෙන අතර...