පොලිස් රංගනය ගැන පොලිස් කොමිසමෙන් පොලිස්පතිට නියෝගයක් !

Share post:

මාධ්‍ය ඉදිරිපිට සැකකරුවකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් කොළඹ දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති රංගන මාරපන ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

සති දෙකක් තුළ මේ වාර්තාව ලබාදෙන ලෙසත්, ඉන්පසු එම නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. පසුගිය 11දා රැස්වූ අවස්ථාවේ කොමිසමේ සාමාජිකයන් මේ තීරණය ගෙන ඇත.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සිද්ධිය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ පාපොච්ඡාරණයක් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්වීම ආන්දෝලනයට තුඩු දුන් කරුණක් විය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සැකකරුවන් මාධ්‍ය මගින් අනාවරණය කිරීමේ ඇති ගැටලු සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත ද යොමුකර තිබිණි.

එම නිර්දේශවලට අනුව පොලිස්පති නිල කාර්යාලය මගින් සියලුම පොලිස් ස්ථාන ප්‍රධානීන්ට යොමුකර ඇති ලිපියක දැක්වෙන්නේ සැකකරුවන් සහ ඔවුන් පවසන කරුණු ප්‍රසිද්ධ කිරීම එම අපරාධ නඩුවලට අගතිදායක ලෙස බලපාන බවයි. මේ නිසා එවැනි දේ නොකරන ලෙස ද හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් උපදෙස් දී තිබිණි.

එම සියල්ල නොතකා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිස මෙසේ කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත ය.

Related articles

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...

ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන කතා කල හැකි, කතා කල යුතු මාතෘකා බොහොමයි

මේ දවස්වල අනෙක් වැඩ අතෑරලා ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන හදාරනවා. ඒ අපේ සංවිධානය, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය,...

ඉරාන යුද්ධය සහ ලංකාවේ අභියෝගය !

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ මිලිටරි ප්‍රහාරය සමග මැද පෙරදිග ඇතිව තිබෙන...

ලේ සහ සලේ !

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන...